21 ට බැසිල් හරස් වේ.ජනාධිපතිත් වටවංගුවක් ගහන තැනක.

Published in පුවත්
Sunday, 22 May 2022 19:53

හෙට දිනයේ 21 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහොත් එය අනුමත නොකර සිටින ලෙස පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට බලපෑම් කර තිබෙන බව වාර්තා වේ.ඒ අනුව මෙම පනත් කෙටුම්පත හෙට දිනයේදී කැබිනට් මණ්ඩලය අනුමත නොකෙරෙනු ඇති බව දැනගැනීමට ඇත.

අද දින පෙරවරුවේ ජනාධිපතිවරයා හා පොදුජන පෙරමුණේ පමණක් වූ කැබිනට් ඇමැතිවරුන් අතර පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අදාළ 21 වන සංශෝධනය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ගෙන ආ හැකි බවකි.

එමෙන්ම එය අධ්‍යයනය කිරීම සදහා හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත යැවිය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කොට ඇති බව දැනගන්නට ඇත.

මීට පෙර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් ද විධායක ජනාධිපති ධුරයේ බලතල පාර්ලිමේනතුවට පැවරීම වෙනුවෙන් 21 සංශෝධනය ගෙන ඒ්මට අනුමැතිය ඉල්ලා සිටිය ද එය ද සංශෝධනය කර ඉදිරිපත් කළ යුතු බවට ජනාධිපතිවරයා තීන්දු කර ඒ මඟ හැරියේය.

කෙසේ නමුත් මේ වන විට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික ආණඩුවක් පිහිටුවාලීම සම්බන්ධයෙන් ප්‍රධාන කොන්දේසිය වුයේ ජනාධිපතිවරයා ඉවත් වීම හෝ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කර පාර්ලිමේන්තුවට බලය පැවැරීමය. එය මේ මොහොතේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම ද වේ.ජනතාව දිගු කලක සිට අරගල කරන්නේ ඒ් වෙනුවෙනි.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් හෙට දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත 21 වන සංශෝධනය තුළින් 19 සංශෝධනයේ තිබු පරිදිම දිවිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම අහිමිවීමට නියමිතව තිබෙන බැවින් එහිදී බැසිල් රාජපක්ෂගේ මනත්‍රීධුරය අහිමි වීමේ අවධානමක් මතුව තිබේ. පොදුජන පෙරමුණ මෙම සංශෝධනයට එරෙහි වීමේ මූලික සාධකය වන්නේ මෙම කරුණය.

රටේ ආර්ථිකය මෙතරම් ආගාධයකට ඇද දැමීම සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වන්නේ ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායමටය. මෙම තත්වයන් මත ජනාධිපතිවරයා මේ මොහොතේ 21 වන සංශෝධනය මඟ හැරීමට කටයුතු කළහොත් නැවැත වතාවක් රට තුළ නොසන්සුන් වාතාවරණයක් ඇති වීම වැලැක්විය නොහැකි වන අතර සර්ව පාක්ෂික ආණ්ඩුවද බිඳවැටී නැවත රට අරාජිකත්වයට පත්වීම සිදුවනු ඇත.

ඒ අනුව මේ වන විට රටේ ආර්ථිකය යළි ගොඩ නැංවීමට ගත් සියළු උත්සාහයන්ද විනාශවන අතර රට මුළුමනින්ම බිඳවැටී පවතින අර්බුදකාරීත්වයන් තවත් උත්සන්න වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us