රැකියා සඳහා විදෙස්ගතවීම තුන් ගුණයකින් ඉහළට. රටට ඩොලර් ආවොත් ගොඩ.

Published in පුවත්
Monday, 23 May 2022 14:41

මේ වසරේ මුල් පහ තුළ මේ දක්වා විදේශ රැකියා සඳහා පමණක් පුද්ගලයන් 105821 දෙනකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එය පසුගිය 2021 වසරේ මුල් මාස පහට (5) සාපෙක්ෂව සියයට 286 කින් ඉහළ යාමකි.
කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ දත්ත වාර්තාවලට අනුව 2021 මුල් මාස 5 තුල 27360 දෙනෙකු රැකියා සදහා පිටව ගොස් ඇති අතර එය මේ වසරේ 78461 කින් ඉහලයාමකි.
2022 මුල් මාස 5 තුල මේ වන තෙක් ස්වයං මාර්ගයෙන් (විදේශ රැකියා නියෝජිත මාර්ගයෙන් තොරව) රැකියා සඳහා විදේශ ගතවී ඇති ප්‍රමාණය 67156 කි.

ඉන් පිරිමි ශ්‍රමිකයන් 30040 ක් හා කාන්තාවන් 17121 ක් ඇතුලත් වේ.

එසේම මේ වසරේ මේ වනතෙක් බලපත්‍රලාභි විදේශ රැකියා නියොජිතායතන මාර්ගයෙන් කාන්තාවන් 25224 ක් හා පිරිමි පුද්ගලයින් 13441ක් රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර එහි සමස්ථ අගය 38665 ක් ලෙස පෙන්නුම් කරයි.

ඒ අනුව සමස්ථ ප්‍රමාණය 105821 කි.

ස්වයං මාර්ගයෙන් වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 19133 කි.

කුවේට් රාජ්‍යයට 12701 ක් ද එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 11000 ක් හා දකුණු කොරියාවට 1754 දෙනෙකු රැකියා සඳහා පිටව ගොස් ඇත.

මේ වන විට විදේශ රැකියා කාර්යාංශය සම්බන්ධයෙන් බොහෝ පිරිස් විශාල වශයෙන් උනන්දුවක් දක්වන අතර විදේශ රැකියා ලියාපදිංචි කිරිමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහසුකම් රැසක් සළසා තිබේ.

පසුගිය කාලයේ දි රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගන්නා රටවලට අවශ්‍යතාවය පරිදි කොවිඩ් මර්දන එන්නත් කිරීම හා නිරෝධායන පහසුකම් අවස්ථා සැලසීම, පුහුණු අවස්ථා වැඩි කිරිම, මාර්ග ගත ලියාපදිංචි කිරීම, වැනි සාධනිය පියවරයන් මගින් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්ධනයට පියවර ගෙන තිබේ.

එමෙන්ම විදේශ රැකියාවල නිරත වූවන්ගේ ආරක්ෂාව හා සුභසාධන පහසුකම් තානාපති කාර්යාල මට්ටමින් සැලසීමද සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.

විදේශ රැකියා ලාභින්ගේ කටයුතු පහසු කිරිම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් නවතම ජංගම යෙදවුමක් ද පසුගිය දා හදුන්වා දුන්නේ ය.

එමගින් මාර්ග ගත ක්‍රමයට පැමිණිළි භාරගැනීම, විදේශ රැකියා හා බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන මෙන්ම තමන්ගේ ලියාපදිංචි තොරතුරු ඇතුළු පහසුකම් රැසක් ලබා ගැනීමට හැකිවේ.

එසේම කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය මගින් විදේශ රැකියා සම්බන්ධ බොහෝ කටයුතු ඉතා පහසුවෙන් හා ඉක්මනින් සිදුකර ගැනිමට පහසුකම් සලසා තිබේ.

මේ වනවිට රටේ පවතින ආරථික තත්වය හේතුවෙන් තරුණ පිරිස් විශාල වශයෙන් රැකියා සඳහා විදේශ ගතවිමේ ප්‍රවනතාවයක්ද පෙන්නුම් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව මේ වසර මුල් මාස 3 තුල විදේශ රැකියා ලාභින් විසින් සිදුකළ ප්‍රේෂණ ඇමෙරිකන් ඩොලර් මිලියන 783 ක් වේ.

මහන්සියෙන් උපයන මුදල විශ්වාසවන්තව තම ඥාතීන්ට යොමු කිරිමට නම් මෙරට වානිජ බැංකු හරහා තම ප්‍රේෂණ එවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන විදේශ විනිමය හීඟ වීමේ අර්බුදයට විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉතා වැදගත්ය. පසුගිය කාලයේ රටේ පැවැති දේශපාලනික වියවුල් තත්වය නිසා සහ ඩොලරයේ අගය ස්ථාවරව පවත්වගෙන යෑම වෙනුවෙන් එවකට මහබැංකුව විසින් ගත් තීරණය නිසා විදේශ ප්‍රේෂණ ඉතා අවම මට්ටමකට ඇද වැටිනි.

කෙසේ නමුත් මේවන විට ඩෝලරයේ අගය පාලනය කිරීමෙන් ඉවත් වීමට මහ බැංකුව නම්‍යශීලී වීම මත එයට වෙළඳ පොළෙහි නියමිත අගය ලැබෙමින් පවතී. මේනිසා උන්ඩියල් හවලා වැනි නීති විරෝධී මාර්ග හරහා ගනුදෙනු කිරීමෙන් අමතර වාසියක් ගනුදෙනු කරුවන්ට ලැබීමෙ ඉඩ කඩ අවම වී තිබේ.

පැවැති ආණ්ඩුව කෙරෙහි වන අවිශ්වාසය මත බොහෝ දෙනා මෙරටට ඩොලර් එවීම සීමා කළද මේ වන විට පවතින සර්ව පාක්ෂික ආණ්ඩුව විසින් ගනිමින් තිබෙන පියවරයන් හේතුවෙන් යළි මෙරට පාලතයක් කෙරේ විශ්වාසයක් ගොඩනැගෙමින් තිබේ. මේ තත්වයන් මත විදේශ ප්‍රේෂණ ලැබීමේ ප්‍රවණතාවය වැඩි වෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

කෙසේ නමුත් රට මුහුණ දී තිබෙන අර්බුද හමුවේ විදේශයන්හී දී තමන් උපයන ධනය නිත්‍යනුකූල මාර්ගයෙන් මෙරටට එවීමෙන් එය රට වැටී තිබෙන අර්බුදයෙන් යම් තරමකට හෝ පිළියමක් වෙනු ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us