subash

subash

වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යකූලත්වය හමුවේ වඩාත්ම අර්බුදය ගිය දේශපාලන පක්ෂය ලෙස හැඳින් විය හැක්කේ පොදුජන පෙරමුණය. මේ වන විටත් පක්ෂයේ දේශපාලන ක්‍රියාන්විතය හැකිලී ඇත. පක්ෂයෙ ප්‍රබලයින් ගනනාවක් පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන පිළිවෙතක සිටී. ආණ්ඩුව පිහි‍ටු වීමේදී පොදුජන පෙරමුණ සමඟ එක්ව මහ මැතිවරණයට තරග කළ හවුල් කාර පක්ෂ සියල්ලම දැන් එතැනින් ඉවත්ව තිබේ.එය ද පක්ෂයේ බලය දුර්වල වීමට හේතු වී ඇත.

කොවිඩ් 19 වසංගත තත්වය පහව යාමෙන් පසුව සංචාරක කර්මාන්තයේ යම් ප්‍රබෝධයක් ඇති වී ගෙන ආ නමුදු පසුගිය මාර්තු මාසයේ සිට මෙරට ආර්ථික සහ දේශපාලනික වියවුල් බව නිසා මෙරටට සංචාරකයන් පැමිණිම සීග්‍ර ලෙස අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්ත මඟින් හෙළිව තිබේ.

21 වෙනි සංශෝධනයට තමන් පූර්ණ සහයෝගය දක්වන බව චම්පික රණවක ඇතුළු කණ්ඩායමේ සංවිධානයක් වන '43 සේනාංකය' පවසයි.

ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දැනට ඇති තොරතුරු අනුව ලංකාවේ වාර්ෂික කොස් අස්වැන්න කොස් ගෙඩි කෝටි 28ක් වන අතර ඉන් පරිභෝජනය කෙරෙනුයේ කෝටි 8ක් පමණ ප්‍රමාණයක් බව පසුගිය දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී කරුණු හෙළි වී තිබේ. මේ අනුව කොස් ගෙඩි කෝටි 20 ක් (ලක්ෂ 2000 ක්) ගස් යට කුණු වෙයි.

මෙයට මාස 7 කට පෙර, 2021 නොවැම්බර් මස කෘෂි රසායන ද්‍රව්‍ය ආයනය තහනම ඉවත් කරනු ලැබූ නමුත්, අද දක්වා වගාව රැක ගැනීමට අවශ්‍ය කෘෂි රසායන මෙරටට ලැබී නැත්තේ කෘෂිකර්ම බලධාරීන් මහ බැංකුවෙන් අදාල මුදල් ලබා ගැනීමට ක්‍රියා නොකිරීම නිසා බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ සහ එම කැබිනට් මණ්ඩලය පවතින කාල සීමාවේදී මෙරට බරපතල ඖෂධ හිඟයක් ඇති වන බවට අනතුරු හැඟවීම් තිබියදීත් ඒ සඳහා අවශ්‍ය තරමට ඩොලර් තිබියදීත් කලට වේලාවට ඖෂධ ගෙන්වීමට කටයුතු කර නැති බව කෝප් සභාව හමුවේදී හෙළිව තිබේ.

21 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් තවමත් පාර්ලිමේන්තු පක්ෂ හා පක්ෂ තුළමත් මත ගැ‍ටුම් ඇතිව තිබේ.ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් හෝ වේවා රටේ නව නීති පැනවීමක්දී මත ගැටුම් ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් මෙන්ම එය විය යුතුම දෙයකි. ඒ වඩා නිවැරදි ලෙස නීතියක් සම්මත කර ගැනිම විය යුතු නිසය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වහා ම අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 31) නියෝග කර තිබේ.

මේ අවස්ථාවේ දී ගොවීන්ට වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා, මෙරටට ඩොලර් එවන ලෙස මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ පුංචිරාල රත්නායක මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

Connet With Us