ළදරු වලිප්පුකාරයන්ගේ අරගල නිසා සංචාරක කර්මාන්තයත් කඩා වැටෙයි !  

Published in පුවත්
Saturday, 04 June 2022 15:41

කොවිඩ් 19 වසංගත තත්වය පහව යාමෙන් පසුව සංචාරක කර්මාන්තයේ යම් ප්‍රබෝධයක් ඇති වී ගෙන ආ නමුදු පසුගිය මාර්තු මාසයේ සිට මෙරට ආර්ථික සහ දේශපාලනික වියවුල් බව නිසා මෙරටට සංචාරකයන් පැමිණිම සීග්‍ර ලෙස අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්ත මඟින් හෙළිව තිබේ.

ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයට සාපෙක්ෂව සියයට 52 ක අඩුවීමක් මැයි මාසය තුළ වාර්තා වී ඇත. එනම් පසුගිය මාර්තු මාසයේදී මෙම වසරේ වැඩිම සංචාරක පිරිසකගේ පැමිණීම වාර්තා කරමින් 106,500 ක් දෙනා පැමිණ තිබිණි. එය අප්‍රේල් මාසයේදී 62,980 ක් දක්වා අඩු වී මැයි මාසයේ සංචාරක පැමිණීම 30,207 දක්වා අඩු විය.

එමෙන්ම 2022 වර්ෂයේ සිට මේ දක්වා සංචාරක පැමිණීම් 378,521 ක් විය. ජනවාරි සිට මාර්තු දක්වා වසංගත තත්වයන් පහව යෑම සහ සාපේක්ෂ සාමකාමී කාල පරිච්ඡේදයට ස්තුති වන්නට මෙය පසුගිය වර්ෂයට වඩා ඉහළ වර්ධනයකි. 2021 සම්පූර්ණ වසරේ සංචාර පැමිණීම් 194,495 ක් දක්වා පහළ වැටී තිබිණි.

මාර්තු මාස අග සතියේ සිට පසුගිය මැයි දෙවන සතිය දක්වා කාලය තුල රට පුරා පැතිරුණු ප්‍රචණ්ඩ මහජන කැලැඹීම් නිසා සංචාරක පැමිණීම විශාල ලෙස අඩු වීම කෙරෙහි බලපා තිබෙන බව මේ දත්ත අනුව පැහැදිලිය.

එහෙත් මැයි මස දෙවන සතියෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව මත යම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර රටේ ආර්ථික සහ සමාජීය අර්බුදයන් විසැඳීමට අග්‍රාමාත්‍යවරයා ගත් උත්සාහයත් සමඟ සංචාරක පැමිණීම නැවත වැඩි වීමට හේතු වී ඇත.

එනම් මැයි පළමු සතියේ සංචාරකයින් 9,493 ක් පැමීණ ඇති අතර, මැයි 9 රට පුරා ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් පසුව, පැමිණීමේ ප්‍රවණතාවය පිළිවෙලින් 6,009 සහ 5,600 දක්වා දෙවන සහ තුන්වන සතිවලදී තියුණු ලෙස පහත වැටී ඇති බව SLTDA දත්ත පෙන්වා දෙයි. කෙසේ වෙතත්, නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමෙන් පසු දක්නට ලැබුණු දේශපාලන ස්ථාවරත්වයත් සමඟ, මාසයේ අවසන් සතියේ සංචාරකයින් 9,105 දෙනෙකු සමඟ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබේ.

මැයි මාසයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සංචාරකයින් 5,562 ක් සමඟින් ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර, එක්සත් රාජධානිය 3,722 ක්, රුසියාව 3,202 ක්, ජර්මනිය 2,208 ක් සහ කැනඩාව 2,013 ක් සමඟින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මීට අමතරව, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, ප්‍රංශය, මාලදිවයින සහ ස්පාඤ්ඤය යන රටවලින් ද සංචාරකයින් පැමිණ තිබේ.

කෙසේ නමුත් මෙම දත්ත මඟින් පැහැදිලිව පෙන්වා දෙන්නේ රටක ආර්ථික ,දේශපාලනික හා සමාජීය වශයෙන් යහපත් තත්වයක් නොවේ නම් රටට ඩොලර් ඉපැයීමේ මාර්ග ඇහිරෙණ බවය. රටට ඩොලර් නොලැබෙන තත්වයන් හමුවේ තවතවත් රටම අර්බුදයයට ගොස් ආර්ථික ,දේශපාලනික හා සමාජීය අර්බුද උත්සන්න වීම පමණක් සිදුවෙයි.

ජන අරගල වල අරමුණ රට පවතින අර්බුදයන්ගෙන් මුදවා ගැනීම නම් විය යුතුව ඇත්තේ රටට හා ජනතාවට අලාබයක්, ආවාසියක්, අයහපතක් නොවන ලෙස එම අරගල වල දේශපාලන ස්වරූපය, හැඩය, ඉල්ලීම් නිර්මාණශීලී ලෙස වෙනස් කර ගැනීමය. එය ඇත්ත මහජන අරගලයක වගකීමකි.

පවතින පාලනයට එරෙහිවීම,පාලකයා පළවාහැරීම, ආණ්ඩුව පෙරළා දැමීම පමණක් එකම අරමුණ වූ විට රට බංකොලොත් වන තැනට, මහ ජනයා පීඩාවට පත්වන තැනට කටයුතු කිරීම පාර්ශ්වික අරගලකරුවන් වෙතින් විය හැකිය. ඔවුන් නිර්පාර්ශ්වික හෝ සර්ව පාර්ශ්වික වේශයෙන් වුව පැමීණිය හැකිය. මේ සිදුවෙමින් පවතින අරගලය කුමක්ද යන්න සිහිබුද්ධිය ඇති වුන්ට වටහා ගැනීම දුෂ්කර නැත.

- the novemberist

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us