subash
ලෝකයේ ප්‍රධාන ආහාරමය භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ සාගින්නෙන් පෙළෙන්නන්ගේ පෝෂණය උදෙසා නොව ආහාර නොවන වෙනත් නිශ්පාදන සඳහා බව ඒ සම්බන්ධයෙන් කළ අධ්‍යනයක් (https://www.nature.com/articles/s43016-022-00504-z) මඟින් අනාවරණය වී තිබේ.
රාජ්‍යය බංකොලොත් කිරීම ගැන රාජ්‍ය සේවයට වගකීමෙන් ගැලවිය නොහැක
සුරා බදු සම්බන්ධයෙන් කටයුතු කරන ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා රජයට දෛනිකව රුපියල් කෝටි 40ක් ( මිලියන 400 ක්) අහිමි වෙන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාබීන්ගේ සංගමය විසින් පසුගියදා අනාවරණය කර තිබිණි.
පොදු මඟී ප්‍රවාහනය ආකර්ෂණීය සේවාවක් කරන්න හදනවා ලු !
මඟී ආකර්ෂණ ඇති වන ආකාරයට පොදු මඟී ප්‍රවාහන සේවා විධිමත් ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී තිබෙන බව වාර්ථා වෙයි.
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශ දෙකක් නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් පත්‍රයක් නිකුත් කර තිබේ.
පුනර්ජනනීය විදුලියට එරෙහි විදුලි බල මාෆියාවට ඉඩ නොදෙමු!
ශ්‍රී ලංකාවේ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනයත්, සුළං විදුලි නිෂ්පාදනයත් විදේශ ආයෝජන සමාගම් වෙත ලබා දීමේ සැලසුම ඇතිව 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කර, එය හෙට (09) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව විදුලි සේවක වෘත්තීය සමිති කිහිපයක් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
2022 මැයි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල සුළු වර්ධනයක් නවතම වාර්තා අනුව දක්නට ලැබෙන බව වාර්ථා වුවත් පෙන්වන ඉලක්කම් රට රැවැටීමක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාම පෙන්වා දෙයි.
මැයි මාසය තුළ දී විදේශ විනිමය සංචිතය, සුළු ඉහළ යෑමක් වාර්තා කර ඇති අතර ඒ අනුව මැයි මාසය තුළ දී විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 1602 සිට ඩොලර් මිලියන 1805 දක්වා ඉහළ ගොස් ඇත.
ඉදිරියේ දි ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුමක් ලෙස බස්නාහිර පළාතේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කිරිමට යයි. ඒ සදහා මාස තුනක ඒකාබද්ධ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇත.
මේ යටතේ බස්නාහිර පළාතේ ගෙවතු 34,000 ක් පළාත් සභාවට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් සියලු ඉඩම් හා පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමක දී තීරණය කෙරිණි. මෙම රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් පරිදිය.
බස්නාහිර පළාතේ ගෙවතු 34,000 ක් වගා කිරිමේ ව්‍යාපෘතිය සදහා බීජ හා පොහොර ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා මෙහි දි බළධාරින්ට උපදෙස් දුන්නේය. මෙම ගෙවතු වගා වැඩසටහන පළාත පුරා විසිරී සිටින කෘෂිකර්ම උපදේශකවරුන් මගින් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එක් කෘෂිකර්ම උපදේශකවරයෙකු යටතේ ගෙවතු 300 ක් වගා කෙරේ.
බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතන මගින් ද විශේෂ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මෙහි දි තීරණය කෙරිණ. ඒ අනුව කෙටිකාලීන බෝග මෙම රාජ්‍ය ආයතන සතු ඉඩම්වල වගා කිරිමට නියමිතයි. පළාතේ සියලුම ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව ද මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
පළාත් ග්‍රාම සංවර්ධන අංශය හා පළාත් ඉඩම් දෙපාර්තුමේන්තුව සතු රජයේ ඉඩම් හා ජනපද ආශ්‍රිතව ද මෙම වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මෙහි දි තීරණය කෙරිණි. බස්නාහිර පළාත් පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන යළි ආරම්භ කෙරේ. ඒ සදහා හදුනාගත් පුරන් කුඹුරු ආශ්‍රිත ප්‍රදේශවල ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරිමට ද මෙහි දී තීරණය කෙරිණ.
බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිළධාරින් මෙහි දි කියා සිටියේ මාස තුන හමාරකින් අස්වනු ලැබෙන වී මෙම කුඹුරු ආශ්‍රිතව වගා කළ හැකි බවයි. ඒ සදහා කඩිනම් පියවර ගන්නා ලෙස ඇමතිවරයා මෙහිදි උපදෙස් දුන්නේය.
බස්නාහිර පළාතේ සත්ව නිෂ්පාදන ඉහළ නැංවීම සදහා ඉදිරි මාස 03 ක කාලය තූළ විශේෂ අවධානය යොමු කිරීමට ද සාකච්ඡාවේ දි තිරණය කෙරිණ. ඒ අනුව කිකිළි පැටවුන් 15,000 ක් අඩු ආදායම්ලාභීන්ට ලබා දීමට පියවර ගැනේ. පළාතේ බිත්තර නිෂ්පාදන ඉහළ නැංවීම මෙහි අරමුණයි.
නාගරික ප්‍රදේශවල අවශ්‍යතාව හදුනාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභා නිළධාරින්ට මෙහි ද උපදෙස් දුන්නේය. බස්නාහිර පළාතේ මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිම සදහා විශේෂ මෙහෙයුම් කමිටු 03 ක් ද ක්‍රියාත්මකයි.
කෙසේවෙතත් ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට මේ හරහා පිළියම් සෙවිය හැකිය. එවිට එය අර්බුදයක් කරා ගමන් නොකරනුද ඇත..
-මහේෂි
අගමැති රනිල් වික්‍රමසිංහ අද දින (07) පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ විශේෂ ප්‍රකාශය
අපිත් අපේ රටත් මුහුණ දෙන තත්වය ඔබ හැමදෙනාම හොඳින් අවබෝධ කරගෙන ඇති බව මම හිතනවා. මේ තත්ත්වයෙන් යළිත් රට නඟාසිටුවීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව අලුත් මාර්ග හොයාගන්න වෙනවා . සම්ප්‍රදායික දේශපාලන මතවාද කෙටි කාලෙකට පසෙක තියා, රට ගොඩනැගීම සඳහා සාමූහික උත්සාහයක් දැරිය යුතු වෙනවා. මුළු රටේම ජනතාව ඒ උත්සාහය කොටස්කරුවන් විය යුතුයි. රට වෙනුවෙන් අපි හැමෝටම කාර්යභාරයක් පැවරෙනවා.
සමත් ජනාධිපතිවරයෙක් වෙන්න ගෝඨාට පුළුවන්.! දැන් ඒකට වේලාව..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය සඳහා ලබා දී තිබෙන සම්මුඛ සාකච්ඡාව තුළ දී මෙතුවක් කල් ගෙන තිබුණු නමුත් ප්‍රසිද්ධ නොකරන ලද තමන්ගේ දේශපාලන අනාගතය ගැන තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.
