විදේශ මුදල් සංචිතය රට රැවටීමේ ඉලක්කමක් විතරයි ! Featured

Wednesday, 08 June 2022 19:53

2022 මැයි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල සුළු වර්ධනයක් නවතම වාර්තා අනුව දක්නට ලැබෙන බව වාර්ථා වුවත් පෙන්වන ඉලක්කම් රට රැවැටීමක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාම පෙන්වා දෙයි.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් විසින් රට හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව නොමඟ යැවීම සඳහා විදේශ සංචිත සඳහා සත්‍ය ලෙසම එකතු කළ නොහැකි ඩොලර් බිලියන 1.5 ක අගයකින් යුතු චීනයෙන් ලැබුණු ණය මුදලක් විදේශ මුදල් සංචිතයට එකතුකර තිබිණි.

මහ බැංකුවට අනුව නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,812 සිට ඩොලර් මිලියන 1,920 දක්වා 6.0% කින් වර්ධනය වී තිබෙන බවට වාර්ථා කරන්නේ එම චීන මුදලත් සමඟය.ඒ අත් හැර ගනනය කළ විට සත්‍ය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 420 ක් පමණ වේ.

මහ බැංකුවේ නිල සංචිත වත්කම් සමන්විත වන්නේ සංරචකයන් 5 කිනි.

එනම්,

1. විදේශ මුදල් සංචිත
2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත මට්ටම
3. විශේෂ ගැනුම් හිමිකම්
4. රත්‍රං
5. අනෙකුත් සංචිත වත්කම්

පසුගිය මැයි මාසය තුළ දී නිල සංචිත වත්කම් ඉහළ යාමේ දී ඒ සඳහා වැඩිම දායකත්වයක් ලැබී ඇත්තේ විදේශ මුදල් සංචිතය ඉහළ යාම තුළිනි. එහිදී විදෙස් මුදල් සංචිතය ඩොලර් මිලියන 1,602 සිට ඩොලර් මිලියන 1,805 ක් දක්වා 12.75% කින් වැඩි වී ඇත.

කෙසේ වෙතත් මැයි මාසය තුළ දී විශේෂ ගැනුම් හිමිකම් (SDR) ප්‍රමාණය ඩොලර් මිලියන 115 සිට ඩොලර් මිලියන 21 ක් දක්වා 81.6% කින් පහළ ගොස් ඇති අතර මහ බැංකුවේ රන් සංචිතය ද ඩොලර් මිලියන 29 සිට ඩොලර් මිලියන 28 ක් දක්වා 3.1% ක අඩුවීමක් වාර්තා කර තිබේ.

මේ වන විට නිල වාර්ථා අනුව ඩොලර් මිලියන 1,805 ක විදෙස් මුදල් සංචිතයක් මහ බැංකුව සතුව තිබේ. ඒ තුළ ඩොලර් මිලියන 1.5කට සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන නමුත්, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වීමට සිදුව ඇති බවත් මහ බැංකුව පවසා සිටී.

ඩොලර් බිලියන 1.5 ක වටිනා කමකින් යුක්ත වූ චීන යුවාන් බිලියන 10 ක මුදල විදේශ මුදල් ලෙස ශ්‍රී ලංකා බහ බැංකුව සතුව වසරකට වැඩි කාලයක් තිබුණද එය මුල් අවස්ථාවේදී විදේශ සංචිත ගොන්නට ඇතුලත් කර තිබුනේ නැත.එම මුදල ලබා ගැනීමට මූලික සාකච්ඡාවන් පවා කර තිබුණේද යහපාලන යුගයේ මහ බැංකු අධිපතිව සිටි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසිනි.

එය රාජපක්ෂ පාලන සමයේදී මෙරටට ලැබුණමුත් විදේශ සංචිත වලට එකතු කරනු ලැබුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිධුරය බාරගත් සමයේදීය. තමන්ට පැවැරූ වගකීම අනුව තමන් විදේශ සංචිත ඉහළ දැමීමට කටයුතු කළ බව පෙන්වීමට ඒ සිදු කළ බව පෙනෙන්නට තිබිණි.

පසුගිය මැයි 11 වන දින පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් කළ විමසීමේදී අනාවරණය කළේ මෙම මුදල දැනට කිසිවකට හෝ භාවිතා කළ නොහැකි බවයි.

ප්‍රශ්නය - මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල පෙන්වන චීන මහජන බැංකුවෙන් ලබා ගත් ඩොලර් බිලියන 1.5 කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිත කරන්න පුළුවන් මොනවාටද ?

මහ බැංකු අධිපතිවරයාගේ පිළිතුර - මොනවාටවත් පාවිච්චි කරන්න බැහැ, දැනට. අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡාවක් මේක රිලැක්ස් කරන්න කියලා, පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට. අපි ඉල්ලීමක් කරලත් තියෙනවා. අපි ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ මුදල අඩුම ගානේ චීනෙන් ඉම්පොර්ට් කරන ඒවාටවත් පාවිච්චි කරන්න පුළුවන් විදියට. ඒකත් එකක් අපි සාකච්ඡා කර ගෙන යනවා. උත්සාහ කරනවා ඒ සම්බන්ධයෙන් ඒ කොන්දේසිය වෙනස් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් විදියට හදාගන්න.

මේ අතර ඊයේ (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම චීන මුදල් සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

“මීට ටික කලකට පෙර චීන මහජන සමූහාණ්ඩුවෙන් SWAP පහසුකම් යටතේ අපි ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදල සම්බන්ධයෙන් කොන්දේසියක් තිබුණා. ඒ මුදල් අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාස තුනකට සරිලන විදේශ සංචිත අපේ රටට තියෙනවා නම් පමණයි. ණය මුදල ලබා ගන්න කොට අපිට මාස තුනක විදේශ විනිමය සංචිත තිබුණේ නෑ. එහෙම තියෙද්දි අපේ අදාළ නිලධාරීන් රට රැවටීමේ ණයක් ලබා ගත්තා. අර කොන්දේසිය අනුව ඒ ණය අපට මුදා හැරෙන්නේ නැහැ. ඉලක්කම් විතරයි දැන් අපි ඒ කොන්දේසිය ඉවත් කිරීම සඳහා සලකා බලන මෙන් චීන රජයෙන් ඉල්ලීමක් කර තියෙනවා.“

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us