සමත් ජනාධිපතිවරයෙක් වෙන්න ගෝඨාට පුළුවන්.! දැන් ඒකට වේලාව.. Featured

Monday, 06 June 2022 22:46

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය සඳහා ලබා දී තිබෙන සම්මුඛ සාකච්ඡාව තුළ දී මෙතුවක් කල් ගෙන තිබුණු නමුත් ප්‍රසිද්ධ නොකරන ලද තමන්ගේ දේශපාලන අනාගතය ගැන තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

ගෝඨාභය ජනාධිපති තනතුරට 2019 තරග කළේම නැවත 2024 දී ත් ඒ වෙනුවෙන් තරග කිරීමේ බලාපොරොත්තුවක් ඇතිව නොවේ. ඔහුට සහ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය වූයේ කෙසේ හෝ බලය අත්පත් කරගෙන තමන්ට එරෙහිව තිබෙන චෝදනා ගැන නීතිමය කරුණු වලින් නිදහස් වීමය. මූලික කරුණ වූයේ එයය.

2015 වසරේ රාජපක්ෂ රෙජීමයෙ පරාජය ඔවුන් බලාපොරොත්තු වූවක් නොවේ. තවත් පරම්පරා ගනනාවකට රාජපක්ෂ පවුල් පාලනය මෙරට ස්ථාපිත වෙනු ඇතැයි ඔවුන් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වූ තත්වයකි.

මේ නිසා ඔවුන්ට තමන්ගේ අනාගතය ගැන බියක් සැකක් තිබුණේ නැත. ආරක්ෂාව සහතික විය. එහෙත් අනපේක්ෂිත පරාජය හමුවේ මුලින්ම අර්බුදයට ගියේ ඔවුන්ගේ ආරක්ෂාවය. දෙවනුව මුල්‍යමය අකටයුතුකම් හෙළිවීම වලක්වා ගැනීමට නොහැකි වීමය.තෙවැනුව රාජපක්ෂ රෙජීමයේ පැවැත්ම වෙනුවෙන් සිදු කළ සාහසික අපරාධ වසන් කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පුර්ණ කර නොගැනීමය.මේ ප්‍රධාන කරුණු තුන අරබයා කෙසේ හෝ නැවත බලය අත්පත් කර ගැනීම ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ කාරණයේදී අනිවාර්ය විය.

ඒ අනුව 2019 ජයග්‍රහණය වාර්ථා කිරීමට ඔවුන් සමත් විය. ඒ සිදු කළේ කොහොමද යන්න ගැන විවාදාත්මක සහ වෙනම හැදැරිය යුතු තරම් සුක්ෂම කරණයකි. ඒ කොහොම වුණත් ඒ මොහොතේ ඔවුන් ඉදිරිපත් කළේ ගෝඨාභය නැමැති වීරත්වයට නන්වනු ලැබු චරිතයය. එය මතුපිට කවරය ලෙස ඉදිරිපත් කළා විනා එහි වෙනත් බරක් තිබුණේ නැත. ඒ වග පසුගිය වසර දෙක දෙකාමාර තුළදී මුළුමනින්ම හෙළි දරව තිබේ.

ගෝඨාභය ඉදිරිපත් වූයේම තම පවුලේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පමණක් වන අතර ඉතිහාසයෙ වැඩිම බලතල සහිත ජනාධිපතිවරයා වූ නමුත් ඒ් කිසිදු බලයක් පාවිච්චි කිරීමට හැකියාවක් නැතිව, ඒ ගැන කිසිත් නොදත් හිස් පඹයකු ලෙස කටයුතු කිරීම මඟින් ඒ් තවත් තහවුරු වන්නකි.

තමන් ජනධිපතිවරයා ලෙස ගන්නා තීන්දු තීරණ ගැන බරක් පතලක්, දිගක් පළලක් ඔහු දැන ගෙන සිටියේ නැත. ඔහු තීන්දු ගත්තා කියන්නේ වෙනත් අයකු ලියා දෙන යමක් අනුමත කිරීමට ජනාධිපති තනතුරේ මුද්‍රාව පාවිච්චි කිරීමය. එයත් වෙනත් කෙනෙකු කළාද යන්න නොදනිමු. ඇතැම් විට හදිස්සියේ කට වහන් ඉන්න බැරිකමට ලබාදුන් නියෝග ආදියෙහි තිබු මුග්ධ භාවයන් ගැන කල්පනා කරද්දී ජනාධිපති තීන්දු ලෙස ප්‍රකාශයට පත් වූ දෑ ගැන සැක කළ හැකිය. ඒ තරමටම ගෝඨභය මේ තමන් කවුද? තමන්ගේ පාලනය යනු කුමක්ද ? කියාවත් නොදැන් සිටි අයෙකි.

මේ වන කොට තමන්ගේ අසමත් භාවය ගෙන කිහිපවතාවක්ම ගොඨාභය වෙතින්ම අනියමින් ප්‍රකාශයට පත්ව තිබිණි. තමන් ගත්තේ වැරදී තීන්දු බව කියන්නට ඔහුට සිදුව තිබිණි. බ්ලුම්බර්ග් වෙබ් අඩවිය හමුවේත් ඔහුට පැහැදිලිවම කියන්න සිදුවූයේ , අසමත් ජනාධිපතිවරයකු ලෙස තනතුර අත්හැර යන්නට බැරි බවය.මේ අනුව තමන්ගෙ අසමත් භාවය ඔහු නැවත වතාවක් පිළිගෙන තිබේ.

ඔහුට දැන් ඇත්තේ තමන්ගේ රෙද්ද ගැලවී තිබීම ගැන විලි ලැජ්ජාවකි.

ඒක හරිය. විලි වහගෙන මිසක් විධායක ජනාධිපති පු‍ටුවෙන් නැගිට ගැනීමට ඇති නොහැකියාව ඔහුට තිබේ. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක් කිය කිව හැකිය.

නමුත් ගොඨාභට රෙද්දක් ඇඳ ගෙන පු‍ටුවෙන් නැගිට යෑමට මේ මොහොතේත් අවස්ථාවක් ඉතිරිව තිබේ. කොහොමටත් දැන් තමා අසමත් බව දිගින් දිගටම පිළිගෙන තිබෙන නිසා යළි සමත් වෙන්න ඉදිරි අවුරුදු දෙක තුළදී වැඩ කරන්නවාය කියන එක ලෝකයටම විහිළුවකි.

රට අද තිබෙන තත්වය අනුව වෙන කවුරු පාලනය බාර ගත්තත් අවුරුදු පහ හයකටවත් ගොඩ එනවා බොරුය. ඉදිරි අවුරුදු දෙක කියන්නේ ආර්ථික වශයෙන් රට වඩාත්ම දුෂ්කර අඩියකට ඇද වැටීමට නියමිත කාලයකි. දේශපාලනික වශයෙන් අර්බුද පිට අර්බුද පැන නැගිය හැකි කාලයකි. මහජන කැරලි කෝලහල උත්සන්න වීම බලාපොරොත්තු විය යුතුය. සාමාජීය වශයෙන් මහා ඛේදවාචක උදේ හවා අසන ප්‍රවෘත්ති බවට පත් වීම නිසැකය.

මේ නපුරු සිහිනයක් නොවේ. ඇස් පනා පිට දකින්න ලැබෙන සියලු දෙනාට අත් විඳින්න වන යතාර්ථයයි. 2019 රාජපක්ෂලා රට බාර ගන්නා විට තිබූ තත්වය සහ දැන් තිබෙන තත්වයන් වෙනස්ය. එදා ගැටළු තිබුණද, අර්බුද තිබුණේ නැත. නැතිනම් වෙන්න තිබූ අර්බුද නිසියාකාරව කලමනාකරණය කරගනිමින් අර්බුද මඟ හරවා ගනිමින් පැවැති පාලනයකි.

ඒ තත්වයන් කණපිට හරවා රාජපක්ෂලා ආර්ථික අර්බුද තමන් වෙත ගෙන්වා ගැනීම මුලින්ම සිදු කරගන්නා ලදී. ඒ අතර කොවිඩ් අර්බුදය සහ ඒ වැලැක්වීම වෙනුවෙන් කියා ගත් මුග්ධ තීන්දු තීරණ අද මේ රට ඇද දමා තිබෙන දරුණු තැනට තල්ලු කර තිබේ.

ගෝඨාභය දැන් හදනවා කියන්නේ ඔවුන් විසින් දරුණුම ආගාධයකට ඇද දමා කුඩුපට්ටම් කළ රටය. අඩුම තරමින් රට ආගාධකට ඇද වැටෙමින් තිබෙන බවවත් ඔවුන් දැන් සිටියාද යන්න සැක සහිතය.

රට කෙසේ වෙතත් තමුන් අර්බුදයකට ලක්ව ඇති බව දැන ගත්තේ පතුලටම වැටී පස්ස බිම ඇණුනාට පසුවය. යන එනමන් නැතිව කවුරු හරි අරන් මේක ගොඩදාල දෙන්නය කියන ඉල්ලීම ගෝඨාභයට කරන්න සිදු වූවේ හොඳට අමාරු වී වේදනාව දරා ගන්න නොහැකි තැනය.

තවමත් හතර ගාතෙන් නැගිට ගත නොහැකිව සිටින් ගෝඨා... අනේ මන් ඉතුරු කාලයේදී මේක හදලා දෙඥ්ඥංය.. කියන එක විහිළුවකට ගත හැකි කාරණයක් මිසක් වෙන කිසිවක් එහි නැත. ඒ නිසා ඒ ගැන කතා කිරීමෙන් පළක් ද නැත.

එහෙත් ගෝඨාභයට අසමත් ජනාධිපතිවරයකු ලෙස යන්න ලැජ්ජාවක් තිබෙන නිසා ඒකට පිළියමක් තිබේ.

එක. ඒ තමන් සහ තමන්ගේ රාජපක්ෂ පවුල විසින් සිදු රටට සිදු කරනු ලැබූ මහා අපරාධය පිළි අරගෙන ඒ හෙළිදරව් කර ඊට ගෙවන වන්දියක් ලෙස තමන්ගේ පවුලේ අය සහ ගජ මිතුරන් විසින් මේ රටෙන් හොරකම් කරන ලද මහා ධන කන්දරව යළි මෙරටට ‍රැගෙන දීමට කටයුතු කළ හැකිය.

දෙක. රටේ සමස්ථ බලය එක් පුද්ගලයකු වටා කේන්ද්‍ර කිරීම නිසා සිදුවූ විනාශය යළි නොවෙන්න ව්‍යවස්ථා සංශෝධනක් හරහා එය නිවැරදි කිරීමට කටයුතු කළ හැකිය.

පළමු කරණය ඉ‍ටු කිරීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයකු වශයෙන් බැරි කමක් තිබිය හැකි නමුදු ,දෙවන කාරණය හෝ මේ මොහොතේ ඉ‍ටුකළ හැකි නම් යන්තම් රෙද්දක් ඇඳ ගෙන ඔය විධායක පු‍ටුවෙන් බැස යා හැකිය.

ඒ හැරෙන්නට ගෝඨාභය රාජපක්ෂ වෙනත් කිසිදු අවස්ථාවක් නම් ලැබෙන්නට නියමිත නැත. අවුරුදු දෙක කෙසේ වෙතත් ඊට පෙර මිනිස්සුන්ගෙන් ගුටි නොකා යන්න සිදු වුණොත් එයත් පුදුම විය හැකි කාරණයක් වෙනු ඇත.

විධායක ජනාධිපතිධුරය මුළුමනින්ම ඉවත් කිරීම ගැන මේ රටේ මිනිස්සු අරගල කරන්න පටන් ගත්තේ ඒ පැනවූ 1978 අවුරුද්දටත් පෙර සිටය.මේ තනතුර පිහි‍ටුවුවහොත් විය හැකි විනාශය ගැන එදා බොහෝ පිරිස් පෙන්වා දුන්නා සේ ඒ අනතුරු සියල්ලට අප අද වෙන කොට මුහුණ දී සිටිමු. එහෙත් එදා සිටම සියළුම නායකයන් පාහේ මේ තනතුර අහෝසි කරන බවට පොරොන්දු වී බලය අත්පත් කර ගත්තත් එය සිදු වූයේ නැත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක බලතල අත් හැරියේ බාගෙටය. තනතුර සම්පුර්ණයෙන්ම අහෝසි කරන තැනක ඔහු සිටියේ නැත. මේ නිසා මේ ඒ්කාධිපති තනතුර මුළුමනින්ම අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයක්ට සහයොගය දී ඒ ජයග්‍රහණය කරවා ගෝඨාභයට පු‍ටුවෙන් බැස යා හැකි නම් ගෝඨාභයව නැවත ඓතිහාසික විරුවකුගේ තැනට ඔසවා තබන්නටත් බැරි කම්ක් නැත. මේ රටේ මිනිස්සු එහෙමය. ඒ නිසා අසමත් කම වෙනුවට සමත් කම පෙන්වන්න දැන් වුණත් අවස්ථාවක් ගෝඨාභයට තිබේ. ඒත් ඒකටත් පින තියෙන්න ඔ්නෑය.

- සුජය

Leave a comment

Gossip

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us