පොදු ජන පෙරමුණ වෙන්දේසියට. ජනපතිට අලුත් පක්ෂයක්   Featured

Sunday, 05 June 2022 14:51

වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යකූලත්වය හමුවේ වඩාත්ම අර්බුදය ගිය දේශපාලන පක්ෂය ලෙස හැඳින් විය හැක්කේ පොදුජන පෙරමුණය. මේ වන විටත් පක්ෂයේ දේශපාලන ක්‍රියාන්විතය හැකිලී ඇත. පක්ෂයෙ ප්‍රබලයින් ගනනාවක් පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන පිළිවෙතක සිටී. ආණ්ඩුව පිහි‍ටු වීමේදී පොදුජන පෙරමුණ සමඟ එක්ව මහ මැතිවරණයට තරග කළ හවුල් කාර පක්ෂ සියල්ලම දැන් එතැනින් ඉවත්ව තිබේ.එය ද පක්ෂයේ බලය දුර්වල වීමට හේතු වී ඇත.

මේ වන විට ස්වාධීනත්වය ප්‍රකාශයට පත් නොකළද පක්ෂ නායකත්වයට අවනත නොවන තවත් පිරිසක්ද පක්ෂය තුළ සිටිමින් එම නායකත්වයට පිටුපාමින් සිටී. එසේම වැල යන අතට මැස්ස ගැසීමට බලාගෙන සිටින විශාල පිරිසකද පක්ෂය තුළ සිටින අතර අවශ්‍ය මොහොතේදී ඔවුන් වඩා වාසිදායක පැත්ත තෝරා ගන්නවාට සැක නැත.

මේ තත්වයන් හමුවේ පක්ෂයේ සැබෑ නායකයා (අයිතිකරුවා) වන බැසිල් රාජපක්ෂ සමඟ තව දුරටත් සිටින කණ්ඩායම ඉතාම සුළුතරයක් වී තිබේ. පක්ෂ ප්‍රධානින් පමණක් නොව ප්‍රාදේශීය නායකත්වයන් පවා මේ වන විට බැසිල්ගේ නායකත්වය පිළිනොගන්නා තැනට පත්ව තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන දෙයකි.

පසුගිය සති කිහිපය මුලුල්ලේම බැසිල් රාජපක්ෂ පාන්දර දෙගොඩ හරියේ මේ රට පුරා විසිර සිටින ප්‍රාදේශීය නායකයන්ගේ නිවාස් වලටම ගොස් ඔවුන් හා සාකච්ඡ කළද, නිරන්තරයෙන් දුරකතන ඇමතුම් දෙමින් තමන්ගේ මතයට නම්මවා ගන්නට උත්සහ කළද යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් එම පාර්ශ්වයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් තහවුරුව තිබේ.

කොහොම නමුත් රට අද පත්ව තිබෙන ආර්ථික, දේශපාලන, සාමාජීය අර්බුදය ඉදිරියේදී තවත් කිහිප ගුණයකින් වර්ධනය වී ජනතාව පීඩාවට පත් වීම දරා ගැනීමට නොහැකි තැනකට ඇද වැටීමට නියමිතව ඇත.

මේ තත්වයට රට ඇද දැමීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛව රාජපක්ෂ පවුලට එරෙහිව සෘජුවම චෝදනා එලල් වී හමාරය. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ නිල නොවන ජනාධිපතිවරයා ලෙස ගෝඨා පාලනයේ මුල සිටිම ආණ්ඩුවේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරවන්නා ලෙසත් මුදල් ඇමැතිවරයා ලෙසත් කටයුතු කිරීමේදී ගත් තීරණ රට මේ තරම් අගාධයකට මේ තරම් සීග්‍රයෙන් ඇද වැටීමට වග කිව යුත්තා වෙයි.මෙය 74 අවුරුද්දක ප්‍රශ්කයක් බවට ඇතැමුන් ලඝු කරන්න උත්සහ කළද මීට දෙතුන් වසරකට පෙර මෙරට ජන ජීවිතය වර්ථමානයට සාපේක්ෂව දිව්‍ය සැපතක් බව ප්‍රතික්ෂේප කළ නොහැක. ඒ ප්‍රතික්ෂේප කිරීමට රාජපක්ෂ වරුන්ට වුව නොහැකි තරමට අතිශය පැහැදිලි ඇත්තකි.

පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර අරගලයට පහර දීමට බැසිල් පාර්ශ්වය කටයුතු කිරීමත් සමඟ ඊට එරෙහිව රටපුරා ජනතාවගෙන් එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රතිචාරය අනුව රාජපක්ෂලා කෙරෙහි අඩුම තරමින් ඔවුන් වෙනුවෙන් ඡන්ද පාවිච්චි කළ 69 ලක්ෂයෙන් දසම ගනනකගේ හෝ පක්ෂ පාතිත්වයක් ඔවුන්ට ඇතැයි සිතිය නොහැකි තරමට තත්වයන් දරුණු වී ඇත.

රාජපක්ෂලාට තවදුරටත් පක්ෂපාතව සිටින අය සිටියත් ඒ කිසිවකුට ජනතාව ඉදිරියට පැමිණ තමන්ගේ ඇති පක්ෂ පාතිත්වය ප්ර්කාශ කළ හැකි තැනක අනෙත. තමුන්ට ලැබෙන මුදලක්, වරදාන, වරප්‍රසාද මත රාජපක්ෂලා වෙනුවෙන් පෙනි සිටින ඉතා සුළු පිරිස පමණක් මේ මොහොතේත් රාජපක්ෂවරු වෙනුවෙන් ඇත්තට හෝ බොරුවට පෙනී සිටින බව පැහැදිලිය.

මේ තත්වයන් හමුවේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඔවුන් සතුව බලය රඳවාගෙන සිටින තාක් පමණක් තවත් සුළු කාලයක් පවතිනු ඇත. බලය ගිලිණු තැන ඔවුන්ගේ දේශපාලන පැවැත්ම තබා මේ රට තුළ වන පෞද්ගලික පැවැත්මද අවධානමට පත් වීම විය හැකිය. රටේ ජනතාවගේ විරෝධය වෛරය ඒ තරමට ඔවුන් කෙරෙහි ඇත. ඇතැමුන් මේ වන විටත් යන්න රටවල් හොයමින් සිටින් බව වාර්ථා වන්නේ ඒ් නිසාය.

එපමණක් නොවේ. බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ නායකත්වයෙන් යුතු පොදු ජන පෙරමුණ නැමැති පක්ෂයේ පැවැත්මද මේ අනුව අවසන් විය හැකිය. මෙහි කිසිම සාමාජිකයකුට ඉදිරියේදී පැවැත්වෙන කවර මැතිවරණයකදී වුව තමන්ගේ පක්ෂපාතිත්වය ප්‍රකාශ කරමින් ජනතාව හමුවට පැමිණිමේ හැකියාව අතිශය සීමාකාරී වෙනු ඇත. ජනතාවට කවරක් පෙන්වා දී කවරක් පොරොන්දු වී ඡන්දයක් ඉල්ලිය හැකිද? වළකට වැටුණු රටක් ඒකෙන් ගොඩ ගනිමින් ශක්තිමත් කරමින් තිබුණ රටක් නැවැත මහා ආගාධයකට තල්ලු කර විනාශයෙන් විනාශයට පත් කිරීම ගැන ඔවුන්ට දිය හැකි පිළිතුරක් තිබේද? නැත.

පසුගිය යහපාලනය ගැන අටෝරාසියක් බොරු කියා එම පාලනය පෙරළා දැමුවේ රට සුඛිත මුදිත කරනවාය කියන පොරොන්දුව පිටය. එහෙත් බලය ලැබුණු මොහොතේ සිට රාජපක්ෂ පවුල් පාලනය සිදු කළේ රට වළපල්ලටම යන තීන්දු තීරණ ගෙන අද මේ මොහොතේ පවතින තත්වයට ඇදගෙන යෑමය.

මෙය දැනුවත්ව කළාදෝ කියන සැකයද අද තිබේ. මන්ද මෙතරම් මුග්ධ දේශපාලන සහ ආර්ථික තීන්දු තීරණ වලින් රට මුළුමනින්ම විනාශ වන බව සාමාන්‍ය මනුස්සයකුට පවා සැක කළ හැකිව තිබුණ නිසාය. විෂය දත් ප්‍රාමාණිකයන් කිසිවකුගේ උපදෙසක්, අවවාදයක් අනතුරු හැඟවීමක් ගනන් නොගෙන හිතුවක්කාරී මුග්ධ තීන්දු අරගැනීම වෙන කුමක් හෝ තක්කඩි කමක් වීමේ ඉඩ කඩ ද ඉතා වැඩිය.

පොදු ජන පෙරමුණට ජනතාව හමුවට පැමිණිමට නොහැකි අනෙක කාරණය නම් රට බංකොලොත් කිරීමෙන් පසුව යළි රට ගොඩ නැගීමේ වගකීම එදා රට කෑවා යැයි චෝදනා කළ යහපාලන නායකයන්ටම බාර දීමට සිදු වීමය.

අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව පිහි‍ටුව ගත් ආණ්ඩුවත්, මුල්‍ය මර්මස්ථාන වලට අලුතෙන් පත් කළ නිලධාරීන් බහුතරයත්, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණරන් වෙනුවෙන් යළි ක්‍රියාත්මක කෙරෙන යහපාලන ප්‍රතිපත්තීත් නිසා පොදු ජන පෙරමුණට අපි ආවොත් කොරල පෙන්නන් නම් යැයි නැවත කියන්නට නොහැක. රාජපක්ෂලා සහ ඒ පවුලේ ආණ්ඩු දෙකම කොරපු හැටි දැන් ජනතාවට වසන් කළ නොහැක.

මේ තත්වයන් හමුවේ තමන්ගේ පෞද්ගලික පැවැත්ම වෙනුවෙන් හෝ තවදුරටත් ඉතිරිව තිබෙන විධායක ජනාධිපතිධුරය සහ මන්ත්‍රීධුර ටික රැකගෙන කොහොම හරි දේශපාලන වේදිකාවේ හෝ වේදිකාව පි‍ටුපස හෝ එල්ලි සිටීම බැසිල් රාජපක්ෂ සහ එම කණ්ඩායමේ එකම අභිප්‍රාය වෙයි. මේ දිනවල 21 වන සංශෝධනයට එරෙහිව කටයුතු කරන්නේත්, එහි සැර බාල කර ගැනීමට දඟලන්නේත් ඒ නිසාය.

රාජපක්ෂවරු තව දුරටත් මේ රටේ දේශපාලනය කරන්නේ කුමකටද කියා රටේ ජනතාව ප්‍රශ්නයක් වී තිබෙන මොහොතක රාජපක්ෂලාට මේ දේශපාලනය තුළ රැඳී සිටීමට නම් ජනතාවගේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් තිබිය යුතුය..

එහෙම දෙනන් උත්තර නැත. වෙනදා මෙන් ජනතාව බොරුවෙන් රැවැටිය නොහැක. රටේ දේශපාලනය සහ එහි අනාගතය දැන් තීන්දු කරන්නේ ජනතාවය. ඒ අභිබවා යෑමේ හැකියාව දැන් නැත. ඒ නිසා රාජපක්ෂලා හෝ අනෙක් කවර දේශපාලන පක්ෂයකටවත් ජනතාව බොරුවෙන් රවටා ලීමේ හැකියාව දැන් නැත. තමන්ට මහා ජනතා ආකර්ෂණයක් තිබෙනවාය මී ළඟ ආණ්ඩුව පිහිටුවන්නේ තමුන්ය කියමින් මේ මොහොතේත් ස්වයං වින්දනයකට පත්ව සිටින ඇතැම් විපක්ෂයෙ දේශපාලන පක්ෂ ද අද ජනතාව සිටින්නේ තමන්ට රැවැටිය හැකි තැනකද කියා කල්පනා කළ යුතුය. රටේ ප්‍රශ්න වලට තමන් සතුව උත්තර නැතිව අපි ආවොත් රට හදන හැටි පෙන්වන්නම්ය කියන කතන්දර දැන් කිව නොහැක. ඒවා ඒ ක්ෂණයෙන්ම විහීළු බවට පත්වේ.

කොහොම නමුත් පොදුජන පෙරමුණේ දේශපාලනය දැන් අවසන්ය.ඒ් නොදැන සිටින සිහි විකලෙක් හැර සිහි බුද්ධියක් ඇති මනුස්සයෙක් නැවැත මේ රාජපක්ෂ පන්නයේ දේශපාලනයක් ගැන හිතන්නෙවත් නැත. එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් අලුත් දේශපාලන පක්ෂයක් හැදීම ගැන මේ පොදුජන පෙරමුණේ කණ්ඩායමක් මේ දිනවල උත්සහ කරමින් සිටින්‌නේ ජන මතයට වටවංගුවක් ගසා තවත් කාලයක් රැඳී සිටීමේ ආසාව නිසා විය හැකිය. ඒවා සැබෑ වෙන්න නම් සිහි බුද්ධියක් ඇති ජනතාවක් මේ රටේ සිටින්නට විදිහක් නැත.

එසේම සෙසු සියලු දේශපාලන පක්ෂ වලත් අනාගත පැවැත්ම තීරණය වන්නේ ජනතාවට අවංක වන තරමට සහ ජනතාවට විශ්වාස කළ හැකි තරමටය යන්න අවධාරණය කළ යුතුය. අද එකම සන්තෑසියට මේ සියළු පක්ෂ ගොදුරු වී ඇත.

පොදු ජන පෙරමුණෙන් ගැලවී වෙනත් දේශපාලන පක්ෂ වලට හේත්‍තු වී හෝ නව දේශපාලන පක්ෂ පිහි‍ටුවා ගැනීමේන් හෝ සන්ධාන පෙරමුණු අටවාගෙන කවුරු ආවත් හෙට දවසේදී රටේ දේශපාලන භාවිතය ජනතාවට පක්ෂපාතව සිදුවීම අනිවාර්යයකි. එය මඟ හැරීමට කිසිවකුට ඉඩක් නැත. එහෙම මඟ හැරීමක් සිදු වුවහොත් මැයි 09 වනදා සංත්‍රාසජනක රාත්‍රිය මතක කර ගැනීමට මේ දේශපාලකයන්ට වාසනාව තිබිය යුතුය.

-සුජය

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us