subash
ඉන්දියාවෙන් ලැබුණු ණය ආධාරවලින් ඩොලර් මිලියන 750ක යකඩ ගෙන්වනවා යැයි ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් අසත්‍යයක් බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
පැවැති ආණ්ඩු සමයන්හිදී සහ වත්මන් ආණ්ඩු සමයෙහි සිදුව ඇති බව කියන දුෂණ, වංචා, අක්‍රමිකතා, අපරාධ රැසක් සම්බන්ධ ලිපි ගොනු රාශියක් අද (03) දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ ප්‍රමුඛත්වයෙන් එම පක්ෂයේ සංවිධානයක් වන දූෂණ විරෝධී පෙරමුණේ කටයුත්තක් ලෙස ප්‍රසිද්ධ කෙරිණි.
සතොස ආනයනික සහල් තොග අවසන් වන තෙක් සුපිරි වෙළෙඳසල්වලින්ද එම මිලටම සහල් දෙන බව වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මේ වන විට මෙරට පවතින අර්බුදය රටේ ගමන්මඟ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී. විරෝධතා ඔස්සේ ගොඩනැඟුණු දේශපාලන අර්බුදය ආණ්ඩුව කෙරෙහි වඩාත් බලපෑම එල්ල කළේ පසුගියදා අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමඟය.
අද වන විට අප ගෙවන්නේ අර්බුද රැසක් පැන නැඟී ඇති කාල පරිච්ඡේදයකය . ජනතාව ඉල්ලා සිටින්නේ ආර්ථික සහන පමණක් නොව පාලකයාගේ වෙනසක් , ආණ්ඩු මාරුවක්, සිස්ටම් චේන්ජ් එකක් ආදී වශයෙන් විවිධ වුමණාවන්ය..
පොහොර ආනයනය කරන සමාගම්වලට මිල සූත්‍රයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව පොලොන්නරු දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් සමඟ පෙරේදා පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.
අන්තර්වාර පාලන ආණ්ඩුවකින් අර්බුදයට විසදුම් සොයමු !
ශ්‍රීලංකාව මේ වන විට මුහුණ දී ඇත්තේ නිදහසින් පසු කාලයේ මුහුණ දෙන වාඩාත්ම පීඩාකාරී අර්බුද සමයකට බව අමුතුවෙන් කිව යුතු නැත.
පාරිභෝගිකයින් සඳහා අඩු මිලට ගෑස් ලබාදීම අරමුණු කරගනිමින් නව සැපයුම් කරුවෙකුගෙන් ගෑස් ආනයනය කිරීමට ලිට්‍රෝ ගෑස් සාමාගම තීරණය කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහය ඇතුව පාන් රාත්තල රු 110ක ඉතා සහන මුදලකට කොළඹ තදාසන්න ආර්ථික අපහසුතා ඇති ජනතාවට ලබාදීම සඳහා ව්‍යාපාතියක් දියත් කිරීමට ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරික ආයතන කළමණාකාරිත්වය අද දින බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ කළ සාකච්ඡාව පළදරා ඇති බව දැන ගැනීමට තිබේ. ඒ අනුව මැයි පළමු වැනිදා සිටම ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලද බවද දැනගැනීමට තිබේ.
