දෙකෝටියකගේ බඩගින්න ගැන වගකීම ඇත්තේ මහින්ද අතේ

Thursday, 26 May 2022 13:57

වගා නොකළ ඉඩම් හා පුරන් කුඹුරු වහා රජයට පවරා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් සකස් කරන බව වාර්තා වේ. ඒ අනුව මේ සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය කඩිනමින් සකස් කර නිකුත් කරන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

මේ වගා නොකළ ඉඩම්, පුරන් වූ කුඹුරුවල හිමිකරුවන් බහුතරයක් දීර්ඝ කාලයක් විදෙස්ගත වී සිටින අය මෙන්ම කොළඹ නගරයේ පදිංචි වී සිටින බැවින් ගම්වල ඔවුන් සතුව ඇති මේ වගා බිම් නිකරුනේ පාළුවට ගොස් තිබෙන බව අනාවරණය වී තිබේ. ඒ අනුව මේ ඉඩම් පවරාගෙන තරුණ ප්‍රජාවගේ ශ්‍රමය යොදා ගනිමින් වගා කටයුතු ඇරැඹීමට සැලසුම් කර තිබේ.

කෙසේ නමුත් අනාගත ආහාර හිඟයක් ගැන දැන් කාලයක් සිට බොහෝ දෙනා අනතුරු හැඟවූ ලෙසටම එම ආහාර හිඟයේ මුල් අවස්ථා මේ වන විටත් අප රට පසු කරමින් තිබේ. ඊයේ දින වාර්තා වූයේ මෙරටට පාරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය අනුව මේ වන විට මෙරටට ගබඩා වල සහල් ඇත්තේ සති දෙකකට තරම් ප්‍රමාණයකට සීමා වී ඇති බවය.

රසායනික පොහොර ප්‍රශ්ණය නිසා වී වගාව ඇතුළු ආහාර බෝග වගා ක්ෂේත්‍රය බරපතල කඩා වැටීමකට ලක්වූ අතර මෙම කන්නයේ වගාවන් පාලු වීම නිසා මිළඟ කන්නය සඳහා අවශ්‍ය බීජ නොමැති වීම තුළ ඉදිරි කන්නයන් කිහිපයක් යන තුරු පැවැති අස්වනු ප්‍රමාණය ලබාගත නොහැකි වනු ඇත. එනම් පවතින තත්වයට වඩා ආහාර හිඟය බරපතල වීමට නියමිතය.

මේ වන විට රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායන ද්‍රව්‍ය තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇතත් එම පොහොර ආනයනය සඳහා ඩොලර් නොමැති වීම තුළ එළැඹෙන වගා කන්නය ගැන හෝ එතරම් බලාපොරොත්තු තැබිය නොහැක.

එසේම පසුගිය කාලයේ පොහොර හිඟය මත සහ අස්වනු දුර්වල වීමෙන් වූ ආදායම් අහිමි වීම නිසා අත් හැර දැමුණු වගා බිම් යළි ගොඩනගා ගැනීමට නම් එම ගොවියන්ට පොහොර සහනාධාරයට අමතරව තවත් සහනයන් ලබා දීමට සිදු වෙනු ඇත.බොහෝ දෙනා ජීවත් වීම උදෙසා වෙනත් ‍කුලි කම්කරු රැකියා අවස්ථාවන් සොයා ගොස් සිටින නිසා නැවත ගොවි බිම් වලට එම පිරිස් කැඳවීමට නම් ඔවුන්ට යළි අස්වනු නෙලා ආදායම් ගන්නා තෙක් එම යැපෙන්නන් බලා කියා ගැනීමටද රජයට සිදු වෙනු ඇත.

වැරදි උපදෙස්, වැරදි ගනන් තැබීම් හෝ වෙනත් තක්කඩිකම් මත සිදුකළ රසායනික පොහොර තහනම නිසා රටට මුහුණ දීමට සිදුව තිබෙන විනාශය සුළු පටු නැති බව පැහැදිලිය. එය දැන් දෙකෝටියක ජනතාවගේ ජීවිත්වීම පිළිබඳ මහා අර්බුදයක් වී තිබේ.

කොහොම නමුත් රජය මේ මොහොතේ විදේශ විනිමය සොයා ගැනීම වෙනුවෙන් විශාල ගැටලුවකට මුහුණ දී ඒ නිරාකරණයට මහන්සි වෙනවා මෙන්ම මෙරට ආහාර හිඟය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. විශේෂයෙන්ම නැවත රටේ වගා බිම් යළි සක්‍රීය කර සශ්‍රීක කිරීම විය යුතුව තිබේ. ඒ් සඳහා සියළු විකල්ප ක්‍රම සහ විධි භාවිතා කළ යුතුව තිබේ. එසේ නොමැතිව ආහාර විදේශන්ගෙන් ණය ගෙන්වීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳිය නොහැක.

මේ දුෂ්කර මොහොතේ මෙරට සෑම පුරවැසියකුගේම ජීවිත පවත්වාගෙන යෑම පිළිබඳ වැඩිම වගකීමක් ඇත්තේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අතුළු එම ක්ෂේත්‍ර ප්‍රධානින් අතය. ඒ් සඳහා අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ උපරීම සහයෝගය හිමි විය යුතුය. ජනාධිපතිවරයාට මේ වෙනුවෙන් දිය හැකි සහය වන්නේ වැරදි උපදේශකයන්ගේ, වැරදි උපදෙස් පිළිපදිමින් යළි රට විනාශය කරා ගෙන යෑමට පහසුකම් සපයා දෙන කිසිවක් නොකර සිටීමය. එයම ප්‍රමාණවත්ය.

කොහොම නමුත් කෘෂිකර්ම අමාත්‍යංශය මේ වන විට අත්හැර තිබෙන වගා බිම් යළි අස්වැද්දීම වෙනුවෙන් වැඩි බරක් යොදා කටයුතු කිරීම විය යුතුම දෙයකි. එසේම රටම අස්වැද්දීම වෙනුවෙන් මේ රටේ මහ ජනතාවද වැඩි දායකත්වයක් සැපයිය යුතුවේ. මන්ද අපි රට වැසියන් සියලු දෙනාට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන බඩගින්න නිවාගැනීමට සාමුහිකව ප්‍රයත්නයක් නොදැරුව හොත්, ලෙඩ රෝග සහ බඩගින්නේ මිය යන්නන් ප්‍රමාණය තොග වශයෙන් ගන්න හදන්න වීම පමණක් අපට ඉතිරි වන නිසාය.

the novemberist

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us