මේ අර්බුදය අපට පමණද ?? Featured

Thursday, 26 May 2022 12:47

අද වන විට රට තුළ විවිධ අර්බුද නිර්මාණය වී තිබේ. මිනිසුන් ජීවත් වීමේ අරගලයක නිරතව ඇත.

එක් පැත්තකින් ගෑස් පෝලිම් ද තවත් පැත්තකින් තෙල් පෝළිම් වලින්ද මග මග පිරි ඇත. එපමණක් නොව විදුලි කප්පාදු කිරීම් , ඇතැම් ඖෂධ වල හිග කම් ද මේ අතර වේ.
එහෙත් ප්‍රජාව තේරුම් ගත යුත්තේ මේ වන විට ශ්‍රී ලංකා සමාජය තුළ නිර්මාණය වී තිබෙන ගැටලු අප රටට පමණක් පොදු වූ ඒවා නොවන බවයි . මෙය ගෝලීය වශයෙන්ම බලපා තිබෙන ගැටලුවකි. බොහෝ රටවල මෙතෙක් කල් පැවති පාලන ක්‍රම වගේම, සමාජ ආර්ථික දේශපාලන ක්‍රම යම්කිසි ආකාරයක පරිවර්තනයකට, අර්බුදයකට ලක් වෙමින් පවතී. ඇතැම් රටවල ගැටුම්කාරී ස්වභාවයක් උසුලනු ද පෙනේ. ඒ අනුව බලන කල මෙය ගෝලීය වශයෙන්ම මානව සමාජය සංක්‍රාන්තික මොහොතකට පත්ව තිබීමක් ලෙස සැලකිය හැකිය.

මේ අවස්ථාව වන විට ලෝකයේ කිසිම රටකට පැහැදිලි, නිශ්චිත අරමුණක් නැත. ඉදිරියට ගමන් කරන්නේ කොහොමද? රටේ ආර්ථික හැඩගැස්ම මොකක්ද? රටේ දේශපාලන හැඩගැස්ම මොකක් ද? පමණක් නොව, මෙතෙක් පැවතුණු තාක්ෂණික මූල්‍ය පද්ධතිය හා ගනුදෙනු සියල්ල අර්බුදයකට ගොස් තිබේ. මෙය අප රටට පමණක් නොව මුළු මනුෂ්‍ය සංහතියටම බලපාන්නකි. මෙතෙක් කලක් දේශපාලනය, සංස්කෘතික වශයෙන් කටයුතු සිදු වී ඇති ආකාරය අද වන විට වෙනස් වී තිබේ. පැවැති ක්‍රමය වර්තමානය වන විට සම්පුර්නයෙන් වෙනස් වී ඇත . අර්බුදය යනු මෙයය.

මේ තත්ත්වය අස්වාභාවික තත්ත්වයක්ද නොවේ; අස්වාභාවික දෙයක්ද නොවේ. ඕනෑම යුගයක් තුළ, ඕනෑම පද්ධතියක් තුළ සිදු වෙන දෙයකි. ගොඩනැඟී තිබෙන ප්‍රශ්නවලට අලුත් මාවතක් නිර්මාණය වන්නේ මේ අර්බුදයෙන්මය. අලුත් විභව, අලුත් ශක්‍යතා මතු වන්නේ මෙවැනි ආකාරයේ අර්බුදත් එක්කමය. මෙහි අයහපත් පැත්තක් පමණක් නොව, සෑම අර්බුදයකම සාධනීය පැත්තක්ද තිබේ. එයින්ම ඉදිරියට යෑමක් සිදුවේ.

අපේ සංවර්ධන උපායමාර්ගය විය යුත්තේ මේ අර්බුදයෙන් අප ගොඩ එන්නේ කොහොමද? කියන දෙයය. ඒ නිසා අප මතුව තිබෙන අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට ක්‍රියා කළ යුතුය. පවත්නා ඩොලර් හිඟය විසඳා ගැනීමට සහයෝගයක් හෝ ආධාරයක් හෝ ලබා ගැනීමේ හැකියාව හා බලාපොරොත්තුව තුළ, නව අගමැතිවරයා පත්ව තිබේ. මේ අවස්ථාවේ කටයුතු කරන්නෙත් ඒ බලාපොරොත්තුව ඇතිවය. දැන් අවශ්‍ය වන්නේ මෙයට සහාය දැක්වීමය. එයට දේශපාලනය ගාවා ගත යුතු නැත. කෙසේවෙතත් අගමැතිවරයාගේ පැමිණීම පවත්නා ප්‍රශ්නවලට කෙටි කාලීන විසැඳුමක් වුවද, දිගු කාලීන විසඳුම නොවේ. එය දිගු කාලීනව ඉතා අයහපත් ආකාරයකට බලපෑ හැකි බවත් සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවම සිහි තබා ගත යුතුය.

-මහේෂි

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us