ආහාර අර්බුදයෙන් රට වළපල්ලටම වැටෙයිද ?  

Tuesday, 24 May 2022 20:17

අද වන විට මෙරට අත්‍යවශ්‍ය ආහාර මිල වේගයෙන් ඉහළ යමින් තිබේ. එයට හේතු වූයේ මෙරට තුළ ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යෑම මත සිදුව තිබෙන ආනයන සීමාවන් සහ අන්තර් ජාතික වශයෙන් ඇති මුල්‍ය අර්බුද තත්ත්වයද බලපා තිබීමයි.

මේ අතර නුදුරු අනාගතයේදීම ලොව පුරා ආහාර හිඟයක් ඇති වීමට ලොකු ඉඩක් ඇති බව විශ්ලේෂකයන් අනතුරු අගවයි . එම අනතුරුදායක රාජ්‍යයන් අතර මෙරට ද තිබේ. එහෙත් අපට මේ තත්ත්වය ජය ගැනීමටද පහසු ඉඩක් තිබෙන්නේ අප රට ස්වභාවික සම්පත් වලින් සපිරි රටක් නිසාය.

අනෙක් පසින් අප රට මෑත කාලයේ පැමිණි ජය ගැනීමට නොහැකි යැයි කියූ බොහෝ අභියෝග ජයගත් රටක් බව මතක් කළ යුතුය. 2004 වසරේ සුනාමි ඛේදවාචකයට මුහුණ පෑම නිසා අපට මුහුදුකරය සම්පූර්ණයෙන්ම අහිමි විය.

එහෙත් අවුරුදු දෙකක් තුළ මුහුදුබඩ පළාත් තිබුණාටත් වඩා හොඳින් ප්‍රතිසංස්කරණය කිරීමට අපට හැකි විය. එයට එකම හේතුව වූයේ දේශපාලන භේදයකින්, ජාති භේදයකින් තොරව රටම එකම අරමුණක් වෙත එක් රොක් වීමය. එය අප රටක් ලෙස ලැබූ දිනුමකි. අද වුව ද අපට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීමට පුළුවන. අවශ්‍ය වන්නේ දේශපාලකයන්ගේ සිට සමස්ත ප්‍රජාවගේම කැපවීම පමණි.

අප රට පාරම්පරිකවම කෘෂිකර්මය මුල් කර ගත් රටකි. එමෙන්ම රට පුරා කොතැන ගත්තද සරුසාරය. එනිසා අපට ආහාර හිඟයකට මුහුණ නොදී සිටීමටත් ඒ අභියෝගය ජය ගැනීමටත් පුළුවන්කම තිබේ. අප රට තුළ වගා කළ හැකි ඉඩම් ඕනෑ තරම් තිබේ. මේ ඉඩම්වලින් විශාල ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකියාව තිබේ. එනිසා මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කර කටයුතු කළ හැකිය.

මේ වෙනුවෙන් රජය සතු මුඩු ඉඩම් වගා කටයුතුවලට පහසුවෙන් යොදාගත හැකිය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දිය හැකිය. එමෙන්ම පුරන් කුඹුරු වී වගාව හෝ වෙනත් විකල්ප වගා සඳහා යොදා ගැනීමට පුළුවන. සිදු විය යුත්තේ කුමන හෝ වැඩපිළිවෙළක් මඟින් පුරුන් වූ වගා බිම් අස්වැද්දීමය.

එමෙන්ම ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමට පොහොර ගැටලුවටද යම් විසඳුමක් සහ ප්‍රතිපත්තිමය ලිහිල්භාවයක් ඇති කළ යුතුය. එසේ කිරීම මඟින් ගොවිතැනින් විතැන් වූ ගොවියා නැවත වගා බිමට කැඳවීමට පුළුවන.

එනම් අපෙන් ඉටු විය යුතු වගකීම් පසෙක තබා අනෙක් අයගෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් ගැන පමණක් කල්පනා කිරීම අපට වැරැදුන තැනකි.එය නිවැරැදි කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට දැන් කාලය පැමිණ ඇත.

-මහේෂි

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us