බඩගින්නේ මළත් විසඳිය යුතු පළමු ප්‍රශ්නය.? බැසිල්.. Featured

Tuesday, 24 May 2022 10:11

වර්තමානයේ රට මුහුණ දෙන තෙල් ගෑස් ආහාර ඖෂධ ආදී වන අර්බුදකාරිත්වයන් වහා විසඳිය යුතුව තිබෙන ගැටලුව වන බවට කිසිදු සැකයක් නැත. නමුත් මේ මොහොත දඩමීමා කරගෙන වර්තමාන මජර රාජපක්ෂ පාලනය තවදුරටත් තහවුරු කරගැනීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ පොහොට්‍ටු කල්ලිය දරණ තැත ඉතා තුච්ඡය. නින්දිතය.

මේ රට මේ මහා විශාල ඛේදවාචකයක් කරා ඇද දැමීමේ මූලිකම වගඋත්තරකරුවා වන්නේ බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ ජාවාරම්කාර පොහොට්ටු කල්ලියයි. මෙය දැන දැනම රට අන්තුරේ හෙළා, ජනතාව බඩ ගින්නෙ තබා, රට ගිණි තබා තමන්ගේ ප‍ටු පෞද්ගලික වුවමණාවක් වෙනුවෙන් ගත් දහදුරා කටයුත්තක් බව පැහැදිලිය.

රාජපක්ෂලා කවදවත් මේ රට ගැන , රටේ මිනිස්සු ගැන හිතුවේ නැත. හැමදාම කළේ ජවාරම්, හොරකම්, වංචාවන් පමණි. යුද්ධයෙන්ද ගසා කෑවේය. යුද්ධය කළේම ඒ වෙනුවෙන්ය කියන එකට හේතු ඔ්නෑ තරම් තිබේ. කොහොම නමුත් පැවැති මහින්ද පාලන යුගය යනු හොරකමේ යුගයයි. බැසිල් එහි ද නියමුවා විය.

2015 පරාජයෙන් පසුවත් පාඩම් ඉගෙන නොගත් මේ රාජපක්ෂ පවුල් නඩය 2019 වැඩේ පටන් ගත්තේම වැට් බඩු අඩු කර සිය ජාවාරම්කාර ගජමිතුරු ව්‍යාපාරික රංචුවට රු බිලියන් ගනනින් හම්බුකරන් කන්න ඉඩ දීම, රාජ්‍ය ප්‍රතිපත්තිය කරගැනීමය. එමඟින් රාජ්‍ය ආදායම් කඩා වැටී අද මේ රට බංකොලොත් වෙන තැනට පත් විය. එතැන නැවත පැහැදිලි කරන්න දෙයක් නැත.

මේ සාහසික කටයුත්ත කරන්න එපා යැයි ආර්ථික විශේෂඥයයන් දිගින් දිගටම කරුණු කාරණා සහිතව පෙන්වා දුන්නද දෙගිඩියාවක් නැතිව එය කළේය. එතැන් සිට රටේ ආර්ථික ප්‍රතිපත්ති, උපාය මාර්ග සියල්ල තීරණය වූයේ තමන්ගේ ලාබ කොටහා ගනන් බලා ඒ අනුව ගත් තීරණයන් ලෙසය.

සීනි පොල් තෙල් මහ බදු වංචා. ඩොලරයෙ අගය හිරකරගෙන සිටීම. විදේශ බැඳුම්කර ණය ගෙවීම, රසායනික පොහොර තහනම, වෙනත් ආනයන තහනම් කිරීම...ආදී සියල්ල ජාවාරම්ය. කොටින්ම ' සෞභාග්‍යයේ දැක්ම ' යනුම ජාවාරම්කාරිත්වයේ මාර්ග සිතියම විය.

දේශපාලනය ගැන, රාජ්‍ය පරිපාලනය ගැන, සිස්ටම් ගැන, තබා තමන් සතුව තිබෙන බලය සහ එහි වගකීම ගැනවත් මෙලෝ අල බෝලයක් නොදත් ජනාධිපතිවරයා දැන හෝ නොදැන මේ ජාවාරම් වෙනුවෙන් උපරීම සහයෝගය ලබා දෙමින් ඒ වෙනුවෙන් පෙනී සිටියේය.

පස්සෙ මන් නොදැන කළ වැරදි බවට ප්‍රකාශයක් කළ ද එම වගකීමෙන් ඔහුට කිසිසේත්ම මිදිය නොහැක. අද රට මේ තත්වයට පත් කිරීම ගැන නොදැන කළ වරදක් කියා ඉන් ගැලවීමට ගන්නා උත්සාහය තව දුරටත් මේ තනතුර බදාගෙන සිටීමට දරණ මළ පෙරේතකම විනා රට වෙනුවෙන් වන වගවීමක් නොවේ.

තමන්ව අනෙකෙකුට මෝඩයාට ඇන්ද විය හැකි නම් තමන්ට තමන් ගන්නා ලද තීරණ ගැන වගවීමක් ගන්න බැරි නම් ජනාධිපති කමට තියා. ගෙදරක ගෘහ මූලිකයා වෙන්නවත් සුදුසු නැත. සැබෑ ලෙසම ගෝඨාභයගේ ගෙදර කටයුතු පාලනය වන්නේ කෙසේ දැයි සොයා බැලිය යුතු තත්වයකි. මේ රට පාලනය කරන විදිහට ගෙදර පාලනය කරන්න ගියා නම් ගෑණිගෙන් ගුටි කන්න වීම අනිවාර්ය තත්වයකි.

කොහොම නමුත් ගෝඨා බැසිල් මහින්ද චමල් නාමල් ඇතුලු මේ රාජපක්ෂ පවුල් නඩයම මෙතුවක් කල් කළේ රටම හූරන් කමින් උන්ට දේපොළ රැස් කිරීම පමණක් බව අමුතුවෙන් කියන්න තිය හිතනන්වත් වෙලාව නාස්ති කළ යුතු දෙයක් නොවේ. එය සනාතන සත්‍යයකි.

මේ තත්වයන් මත කිසි විලිලැජ්ජාවක්, බයක්, හිරිකිතක් නොමැතිව බැසිල්ගේ පොහොට්‍ටු කල්ලිය කියන්නේ 21 සංශෝධනය මේ වෙලාවේ ගෙන ආ යුතු නැති බවත් රටේ ප්‍රමුඛතාවය වන්නේ ගෑස් තෙල් ආහාර ඖෂධ ආදී හිඟයට පිළියම් යෙදීම බවත්ය.

මෙ අමු තකක්ඩි ප්‍රකාශයකි. මේ තත්වෙට රට පත් කිරීමට සෘජුවම වගකිව යුත්තන් නැවත නැවතත් තීරණ ගන්නා තැන තබා ගනිමින් මේ ප්‍රශ්නය විසැඳිය නොහැකි බව අබ ඇටේක තරම් මොළයක් තියෙන අයෙකුට පවා තේරුම් ගත හැක. මේ හදන්නේත් මේ මොහොතේ විදේශයන්ගෙන් රටට ලැබෙන්න නියමිත මානුෂිය ආධාර ටික ගසා කෑමට මාන බැලීම මිසක් වෙනකක් නොවේ.

එය රටේ ජනතාවට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. සුනාමියෙන්,යුද්ධයෙන්,ඊනියා සංවර්ධනයෙන්, කොවිඩ් වසංගතයෙන් ගසා කෑවා මතක ඇත. බඩගින්නේ ඉන්න මිනිහාගේ බඩ ගින්න නිවන්න ලෝකයෙන් ලැබුණු මානුෂීය ආධාර ගසා කාපු උන්ට අනෙක් දෙයක් ගැන ආයේ අමුතුවෙන් ‍තෝරන්න දෙයක් නැත.. අනිවාර්යයෙන්ම දන්න උප්පර වැටියක් යොදා ඒ සියල්ල ගසා කනු ඇත. දැන් කෙළ හළ හළ බලා සිටින්නේ මේ ආධාර තොගය දෙසය.

මේ නිසා වහා විසැඳිය යුතු ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ගෝඨා - බැසිල් ඇතුලු රාජපක්ෂ නඩයේ දේශපාලන බලය අහිමි කිරීමය. ඒ වෙනුවෙන් වන ව්‍යවස්ථාදායකයට ගත හැකි සියළු නිත්‍යානුකූල පියවරයන් ගැනීමට වහා කටයුතු කළ යුතුය.

21 වන සංශෝධනය හරහා විධායකය අහෝසි කිරීමත්, රාජපක්ෂලාගේ බලය මුළුමනින්ම අහෝසි කරන තැනට මුලින්ම කටයුතු කළ යුතුය. එය අද රටේ සාතිශය බහුතරයේ ඒකායන ඉල්ලීමය.

මේ හොර රාජපක්ෂ පවුල් නඩයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. හොරා කෑ ධනය ආපසු රටට ලැබිය යුතුය. නැවත මෙවැනි හොර තක්කඩියන්ට රට උලා කෑමට ඉඩ නොදෙන ලෙස රටේ පාලන ක්‍රමවේදයන් සැකසිය යුතුය. ඒ සඳහා ගන්නා සියළු පියවරයන් අද මෙම මොහොතේ වඩාත්ම අත්‍යවශ්‍යම කාරණය වෙයි. ඒ දේශපාලන තීන්දු ක්‍රියාත්මක නොකර තෙල් ගෑස් ආහාර ඖෂධ ප්‍රශ්න ගැනවත් ගැන කතා කර වැඩක් නැත.

මන්ද රාජපක්ෂලා තවදුරටත් බලය සහිතව ඉන්නවා කියන්නේම කොල්ලකෑමකට සූදානමින් ඉන්නවා කියන එක නිසාය.

- සුජය

Last modified on Tuesday, 24 May 2022 13:28

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us