බුද්ධියට ඉඩ දෙන්න කාලයයි මේ !

Saturday, 21 May 2022 21:06

මේ ගෙවෙමින් තිබෙන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුෂ්කරම කාලයයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමෙන් පසු සඳහන් කළ පරිදි නිදහසින් පසු නොව නිදහස ලැබීමට පෙර තිබූ කාලය තුළදීවත් මෙතරම් දැවැන්ත සහ ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට, අර්බුදයකට මෙරට වැටී නැත.

බෙහෙත් නැති, තෙල් නැති, ගෑස් නැති රටක් යනු බංකොලොත් රටකි. එය අද වන විට අපට අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුව ඇති සත්‍යකි. එවැනි මොහොතක රටක් පාලනය කිරීම ලෙහෙසි පහසු නොවේ.

මෙවැනි කාලයක කළ යුතු ප්‍රමුඛ කරුණ විය යුත්තේ රට මෙතැනට පත් කළේ කවුද, ඒ වැරැද්ද කළ අය කවුදැයි තර්ක විතර්ක කිරීම නොවේ. එහෙත් අපේ දේශපාලන පිටිය තුළ සිටින්න බොහොමයක් කටයුතු කරන්නේ රටට වඩා තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂ වෙනුවෙන්ය. මේ වන විට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ ආර්ථික කළමනාකරණය පිළිබඳ හැකියාවක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා මේ අභියෝගාත්මක කාලයේ රටේ සුක්කානම භාර ගෙන තිබීම අගය කළ යුත්තකි. අගමැතිවරයා කියන පරිදි මේ දුෂ්කර මොහොතේ අභියෝගය භාර ගෙන ඇත්තේ පක්ෂයක්, පුද්ගලයකු හෝ පවුලක් රැකීමට නොවේ. රට රැක ගැනීම වෙනුවෙනි. එය ඉතා වටිනා තීන්දුවකි.

දැන් පැමිණ තිබෙන්නේ එක් එක් අයට චෝදනා එල්ල කරන වේලාව නොවේ. ඇතැම් විට පසුගිය කාලයේදී එක් එක් අය විසින් මඟහැරීම් වශයෙන් වැරදි සිදු වන්නට ඇත. එහෙත් මේ මොහොතේදී ඒ අතීතයේ එල්ලීගෙන සිටීමෙන් රටට සිදු වන යහපතක් නැත.
අප බැලිය යුත්තේ එක් රටක් සහ ශ්‍රී ලාංකේය ජාතියක් ලෙසය. අප එසේ සිතා කටයුතු කළහොත් පමණක් අපට අප ඉදිරියේ තිබෙන මහා අභියෝගය ජය ගැනීමට පුළුවන.

-මහේෂි

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us