බැසිල් පිළිලය අවසන් කරන, 21 සංශෝධනය සඳුදා කැබිනට්ටුවට Featured

Saturday, 21 May 2022 12:21

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කෙටුම්පත් කර අවසන් බවත්, සඳුදා එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යා මණ්ඩලය අනුමත කළ වහාම එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමේ කටයුත්ත සිදුකරන බවත් ඇමතිවරයා කියයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු ඊයේ (20) පස්වරුවේ මාධ්‍ය අමතමිනි.

විධායක ජනාධිපතිධුරයට හිමි බලතල ඉවත් කර එම බලය පාර්ලිමේන්තුවට පැවැරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ සංශෝධන නැවත බලාත්මක කිරීම මෙහි අරමුණය. මෙමගින් 20 වන සංශෝධනය ක්‍රියාත්මක වීම වලක්වාලනු ඇත.

ද්විත්ව පුරවැසියන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම මෙම සංශෝධනය ගෙන ඒමේ තවත් පරමාර්ථයක් බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සඳහා ඉදිරිපත් වීම වලකා තිබිණි. එහෙත් බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් ලබා දී ඔහුව මුදල් ඇමැති ධුරයට පත් කිරීම අරමුණු කරගෙන එම සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කෙරිණි. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂගේ ආගමනයෙන් පසුව මෙරට ආර්ථිකය සිය ඉතිහාසයේ දරුණුම කඩා වැටීමකට ලක් කිරීමට සමත් විය. එවකට විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායමක් ද්විත්ව පුරවැසිභාවය ට තිබෙන තහංචි ඉවත් කිරීමට එරෙහිව විශාල හඬක් නැගුවද අවසනයේදී පොදුජන පෙරමුණෙන් පහරකා ඒ අදහස අත්හැර ගැනීමට සිදු විය.

විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මෙහිදී මෙසේද පැවසුවේය.

'' මෙහිදී අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වෙනස්කම් සිද්ධ කළේ ජනමත විචාරණයකට නොගිහින් කරන්න පුලුවන් සංශෝධන පමණයි. අපි මේ හදිසි අවශ්‍යතාවය නිසා ඒ ප්‍රමාණයට අවශ්‍ය සංශෝධන කරනවා. ''

'' නමුත් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා දැනට පසුගිය පාර්ලිමේන්තු කාලයේ පාර්ලිමේන්තු සභාවක් විදිහට එකතු වෙලා හදපු ව්‍යවස්ථා ප්‍රතිපාදන පිළිබඳ යෝජනා තියනවා. ''

''වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ එතුමා පත් කරපු විශේෂඥ කමිටුවක කෙටුම්පතක් තියනවා.''

''මේ රටේ උතුරු නැගෙනහිර ජනතාව කරන ලොකු චෝදනාවක් තියනවා මේ බලතල බෙදීම සම්බන්ධව. ඒ සෑම පාර්ශ්වයක් එක්කම සාකච්ඡා කරලා සම්මුතිකවාදී විදිහට ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා.''

කෙසේ නමුත් අද මෙ මොහොත වන විට රට මුහුණ පා තිබෙන ආර්ථික හා දේශපාලන අර්බූදයයන් මෙතරම් බරපතල තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ ජාවාරම්කාර කල්ලියට සෘජුවම වගකීමට සිදුවේ.

ඔහුගේ බලපෑම මත ජනාධිපති ලේකම් ලෙස පත් කළ පී බී ජයසුන්දර ඇතුලු රජයේ ඉහළ නිලධාරීන් සමූහය රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් කිරීම සඳහා දැනුවත්ව වැඩ කළාද කියන සැකයද මේ වන විට ඇතිව තිබේ. මෙරට අත්පත් කරගැනීම සඳහා කැසකවන යම් විදේශීය ප්‍රබල රාජ්‍යයක වුවමණාවන් මත රට මුලුමනින්ම බංකොළොත් කිරීම වෙනුවෙන් රටේ ආර්ථිකය මෙහෙයවූවාද යන සැකය ඇතිව තිබෙන්නේ, මෙරට සහ ලෝකයේ විශිෂ්ටතම ආර්ථික විශේෂඥයන් පවා රජය අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තීන් සහ උපාය මාර්ගික කටයුතු වල ඇති වැ‍රැද්ද පැහැදිලිවම පෙන්වා දී තිබියදී ඒ නොසලකා කටයුතු කිරීමය.

විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව බරපතල ලෙස නොමඟ යැවීමකට ලක් කර තිබෙන බව ජනාධිපතිවරයාම සහ අනෙක් නිලධාරීන් මේ වන විට හෙලිකර ඇති තොරතුරු අනුවත් පැහැදිලි වෙයි. මේ තත්වයන් යටතේ බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ කල්ලිය මෙරට දේශපාලනයට කරමින් තිබෙන බලපෑම වැලැක්වීම නොකළහොත් රට තව දුරටත් දුර්භාග්‍ය සම්පන්න තැනකට ඇද වැටීමේ සම්භාවිතාව් ඉතා ඉහළය.

19 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව සතුව තිබු බලතල සියල්ල ජනාධිපතිවරයා යටතට ගෙන ජනාධිපතිවරයාව නොමඟ යවමින් එම බලතල සියල්ල අනියමින් පාවිච්චි කරනු ලැබුවේත් බැසිල් රාජපක්ෂ විසින් බවත් දැන් පැහැදිලි කාරණාවකි.

මේ වන විටත් බැසිල් රාජපක්ෂගේ අයිතිය යටතේ තිබෙන පොදුජන එක්සත් පෙරමුණ නැමැති ජාවාරම්කාර කල්ලිය විසින් තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කර ස්ථාවර ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමට තිබෙන අවස්ථා වලක්වලමින් තිබේ. පසුගියදා නියොජ්‍ය කථානයක ධුරය වෙනුවෙන් තමන්ගේ හෙංචයියකු ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සමඟිය බිඳ දැමීට කටයුතු කෙරිණි. ඉදිරියේදිත් මෙම ජාවාරම්කාර කල්ලිය ජනාධිපතිවරයාට හෝ සර්වපාක්ෂික අණ්ඩුවකට පවතින්න ඉඩ නොදෙන බව දැනටම පෙන්වා දී තිබේ.

පසුගිය මැයි 09 වන දින ගාලුමුවදොර සාමකාමී උද්ඝෝෂණයට පහර දී ඒ රට ප්‍රචණ්ඩත්වයට යොමු කිරීම සිදු කළේද මෙම කණ්ඩායම විසින්ය. එහිදී ජනාධිතිවරයාව අපහසුතාවයට පත් කර තමන්ගේ ඇති දේශපාලන බලය ප්‍රදර්ශනය කරමින් ජනාධිතිවරයාව බිත්තියට හේත්තු කරගැනීම මෙම කල්ලියේ අපේක්ෂාව වී තිබිණි. එදා ඒ මැරයන්ට එරෙහිව පොලිසියේ ක්‍රියාත්මක වීම වැලැක්වීමද මෙම කණ්ඩායමේම කුමන්ත්‍රණයක් බවත් පැහැදිලිය.

කොහොම නමුත් මේ කුමන්ත්‍රණය හෙළිදරව් වීමත් ඊට එරෙහිව පුරවැසියාගෙන් නැගුනු විරෝධයත් නිසා බැසිල් කල්ලිය යම් පරාජයකට පත් වූවද ඔවුන් එතැනින් නැවැතී නැත. තවදුරටත් රටේ දේශපලන ව්‍යකූලත්වය් තිව්ර කිරීමට මෙම මජර කණ්ාඩයම කටයුතු කරමින් තිබේ.

21 වන සංශෝධනයට ජනාධිපතිවරයා පවා එකඟව සිටියදී මේ සඳහා බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ කල්ලියේ සහයෝගය ලැබෙනු ඇතැයි කල්පනා කළ නොහැක. ඔවුන් ඒ් වැලැක්වීමට සියලු උත්සාහයන් ගනු ඇත.ඒ වෙනුවෙන් කවර විනාශයක් සිදු කරනු ඇතිදැයි උපකල්පනය කළ නොහැක. දේශපාලන බලය වෙනුවෙන් ඕනෑම මජර වැඩක් කිරීමට පසුබට නොවන පාහරයන්ගෙන් ඕනෑම ම්ලේච්ඡත්වයක් බලාපොරොත්තු විය යුතුය.

කෙසේ නමුත් 21 වන සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් යම් අයකු කටයුතු කරනනේ නම් ඒ ගැන ජනතාව බලා ගත යුතුය. 21 ට පක්ෂව ඡන්ද නොදී එන තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගැන බලා ගත යුතුය. ජනාධිපතිවරයාව අද මේ අසරණ තත්වයට ඇද දැම්මේ බැසිල් සහ කල්ලියේ මජර තුප්පහි දේශපාලනයයි. පොදු ජන පෙරමුණට ඡන්ද ලබා දී කුමක් හෝ යහපතක රටට තමන්ට වේ යැයි අපේක්ෂාකරමින් සිටි ඡන්ද දායකයන් ලැජ්ජාවට කළකිරීමට අසරණ තැනකට ඇද දැම්මෙත් මේ බැසිල් සහ කල්ලියයි. රටේ විනාශයට සෘජුව වගකිව යුතු මේ කල්ලිය රටට බරපතල පිළිලයකි. මෙය වහාම උගුල්වා විසිකළ කළ යුතුව තිබෙන පිළිලයකි.

-the novemberist

Last modified on Saturday, 21 May 2022 12:37

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us