සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට WHO හි පූර්ණ සහාය

Published in පුවත්
Thursday, 26 May 2022 15:13

ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝග සහ විශේෂයෙන් ඖෂධ නිෂ්පාදන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය හමුවිය.

මෙම සාකච්ඡාව අතරතුර වර්තමානයේ දී මෙරට මුහුණ දෙන බහුවිධ අභියෝග පිළිබඳව විස්තර කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, මෙම දුෂ්කර අවස්ථාවේ දී රජයට සහය දැක්වීම සඳහා තම කාර්යාලය ගත් ක්‍රියාකාරී පියවර පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරිය වෙත සිය කෘතඥතාව පළ කළේ ය.
එහිදී සෞඛ්‍ය හා සබැඳි වර්තමාන අභියෝග ජය ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අචාර්ය සිං මහත්මිය අමාත්‍යවරයා හමුවේ සහතික විය.

විවිධ රාජ්‍ය ආයතනවලින් යොමු කෙරෙන ආධාර හා සබැඳි ඉල්ලීම් විධිමත් කරමින් රටේ හදිසි අවශ්‍යතා හඳුනා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන ආකාරයේ මධ්‍යම යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා රජය උත්සාහ ගනිමින් සිටින බව අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී දන්වා සිටියේ ය.

ශ්‍රී ලංකාවට කේන්ද්‍රගත සහ ඉලක්කගත ආධාර සැපයීම සඳහා බහුපාර්ශ්වික පරිත්‍යාගශීලී නියෝජිතායතන, සංවර්ධන හවුල්කරුවන් සහ විදේශ රටවලට මෙම පියවර උපකාරී වනු ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත අභියෝගවලට මුහුණ දීම සඳහා ගත හැකි පියවර පිළිබඳව මෙන්ම රජය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය දරන ප්‍රයත්නවල උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබා දීම තහවුරු කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් එතුමිය සතු විශේෂඥ දැනුම ද එතුමාගේ පැසසුමට පාත්‍ර විය.

මෙම දුෂ්කර කාල වකවානුව 2022 ජූලි මස අග දක්වා පවතින බවත්, 2022 අගෝස්තු මස සිට 2023 ජූලි මස දක්වා කාල වකවානුවේ දී මෙරට තුළ ප්‍රමාණවත් වෛද්‍ය සැපයුම් පවතිනු ඇති බවත් අචාර්ය සිං මහත්මිය මෙහිදී දන්වා සිටියා ය.

මේ වන විට බොහෝ රටවලින් ආධාර පිරිනැමීම පිළිබඳ යෝජනා කිහිපයක් ලැබී ඇත. මෙම තත්ත්වය හමුවේ, විශේෂයෙන් පුද්ගලික පරිත්‍යාග ඇතුළු අනෙකුත් පරිත්‍යාග සඳහා අවැසි පසුබිම සැකසීමට ඔවුහු ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරති. සෞඛ්‍ය තත්ත්වය ආශ්‍රිත වර්තමාන අභියෝගවලට විසඳුම් සෙවීමට රජයට සහය වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි කාර්යාලයෙන් මෙන්ම විදේශ රටවල් රැසක සහයෝගයෙන් ලැබෙන ශක්තිමත්, ස්ථාවර සහ අඛණ්ඩ සහය පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකා රජයේ අවංක කෘතඥතාව පළ කළේ ය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us