නව යුද හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ

Published in පුවත්
Thursday, 26 May 2022 14:24

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස ලබන ජුනි මස පළවනදා වැඩ භාරගැනීමට නියමිත බව යුද හමුදාව ප්‍රකාශ කළා. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේ වනවිට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි කටයුතු කරන්නේ.

එසේම, මේජර් ජනරාල් විකුම් ලියනගේ ජුනි මස පළමුවනදා සිට නව යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව ද යුද හමුදා වෙබ් අඩවිය වාර්තා කළා.නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත, මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේ වනවිට රාජකාරි කටයුතු සිදු කරනු ලබනවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබන 31 වන දින යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමටයි නියමිතව ඇත්තේ.ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us