අයියාමලෝලා රටේ ආර්ථකය සමඟ කළ මාරාන්තික සෙල්ලම කෝප් කමිටුවේ දී දිග හැරේ

Published in පුවත්
Wednesday, 25 May 2022 18:23

වත්මන් ආර්ථික අර්බුදය දක්වා සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට කෝප් කමිටුව අද නිර්දේශ කර තිබේ. ඊයේ දිනයේදී ද මහ බැංකු අධිපතිවරයා විසින් හෙළිදරව් කර තිබුණේ රාජ්‍ය ආදායම් සම්බන්ධයෙන් වැරදි තොරතුරු අයවැය වාර්ථාවට ඇතුළත් කිරීම නිසා රට ණය උගුලක සිරවූ බවය.

වත්මන් ආර්ථික අර්බුදය සදහා හේතු සාධක මෙන්ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අද නිර්දේශ කළේය.

ආර්ථිකය මෙහෙය වූ කිහිපදෙනෙකුගේ තීරණ නිසා මුළු මහත් රටක් අද සුවිසාල අර්බුදයකට පත්ව ඇති බැවින් අපරාධයක් සේ සලකා කඩිනමින් මේ පිළිබදව පරීක්ෂණය කළ යුතු බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද පරීක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා මහබැංකුව කෝප් කමිටුව හමුවට අද ( 25) කැදවූ අවස්ථාවේදී කෝප් සභාපතිවරයා මෙම නිර්දේශය ලබා දුන්නේය.

මෙම ආර්ථික අර්බුදය නිර්මාණය වීමේ මූලික කරුණු පිළිබද විමසීමේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ 2020 මාර්තු - අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ණය පහසුකම් ලබා ගැනීමට යාමේදී ඔවුන් ලිඛිතව දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒවන විට ණය තිරසර බව ( Debt Sustainability) නොමැති බවයි. එබැවින් ණය පහසුකම් ලබා ගැනීමට නම් පවතින ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව එවකට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මහබැංකු අධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ අනුව මුදල් පනත යටතේ අදාළ තාක්ෂණික සාකච්ඡාවලින් පසු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට අදාළ තාක්ෂණික කාරණා නිර්දේශකර යැවූ බවත් අදාළ තීරණ ගනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් බවත් මහබැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.

එවකට මුදල් අමාත්‍යවරයා කිසි විටකටත් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය නොකළ බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පැවසීය.

එසේම 2019 නොවැම්බර් වන විට IMF වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමේ පැවති බවත් අනතුරුව ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පසුව IMF වාර්තාවට අනුව ලංකාවේ ණය තිරසර නොවන බවත් දැනුම් දුන් බව පෙන්වා දුන්නේය.

එවකට ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රු බිලියන 600ක බදු අඩුකරගැනීමක් සිදුවූ බවද මීට පෙර IMF වාර්තාව මගින් බදු ආදායම අඩුකර නොගන්නා ලෙස උපදේශයක් ලබා දී තිබියදී මෙවැනි තීරණයක් ගත්තේ කවුරුන්ද යන්නත් ඒ මහතා විමසීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ නව ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවයි.

පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රදවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමිවීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන මෙහිදී කමිටුව විමසන ලදී. මේ පිළිබඳ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බව මහබැංකු අධිපතිවරයා පැවසූ අතර එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ මහත්මිය පැවසුවේ මහබැංකු සංචිත යොදා ගනිමින් මෙම විනිමය අනුපාතය ආයාසයෙන් රදවා තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන මහතා එය ලිඛිතව දැනුම් දුන් බවයි. නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එකම අගයක රදවා තබා ගැනීම සිදුවූ බවත් එවකට මහබැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ පත්කරන ලද සාමාජික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ අභිමතය පරිදි මෙය සිදුවූ බවද මෙහිදී අනාවරණය විය. බාහිර පාර්ශවවල බලපෑමෙන් තොරව නිවැරදි තාක්ෂණික කරුණු මත පිහිටා තීන්දු තීරණ ගැනීමේ බලය මහබැංකුව වෙත ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටුව අවධාරණය කරන ලදී.

එසේම වත්මන් අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට අදාළ විසදුම් පිළිබදව ද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම දක්වා යන ගමනේදී ඉදිරි මාස 3-4 ක කාලය සදහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම තරමක් අසීරු වුවද කෙසේ හෝ එම අභියෝගය ජය ගැනීමට උත්සහ කරන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.

වත්මන් ආර්ථික අර්බුදය තුළ පවතින ඉන්ධන හිගය ඇතුළු ගැටලු හමුවේ අවම රාජ්‍ය සේවක සංඛ්‍යාවකින් රාජකාරි පවත්වාගෙන යාම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කොට ඉදිරි සති 3 සදහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් වහාම සකස් කරන ලෙසද කෝප් සභාපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නිර්දේශ කළේය.

වත්මන් අර්බුදය විසදා ගැනීම සදහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිදු කරන මෙහෙය පිළබදව ද කෝප් සභාපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ජගත් පුෂ්ප කුමාර, ආචාර්ය සරත් වීරසේකර, මධුර විතානගේ සහ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුද විගණකාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ සහ මහබැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us