රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණවලට පටු දේශපාලන පක්ෂ භේද එපා.   Featured

Published in පුවත්
Tuesday, 24 May 2022 20:06

වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අද පවසා තිබිණි.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු එහි ප්‍රධානීන්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටියහ.

මහ බැංකු අධිපතිවරයා ඉහත ඉල්ලීම කළේ එම රැස්වීමේදීය.ස්ථිර සාර ජාතික ප්‍රතිපත්ති පවත්වාගෙන යෑමට නොහැකිවීම මෙරට ආර්ථික අර්බුදයක් කරා පත්වීමට දීර්ග කාලීන හේතුවක්ව තිබූ බව අපැහැදිලි කරුණකි. එය මහ බැංකු අධිපතිවරයා හෝ මෙලෙස පෙන්වා දීම වැදගත්ය.

ආණ්ඩු වෙනස් වන විට ඇමැතිවරු වෙනස් වන විට ප‍ටු දේශපාලන සහ පෞද්ගලික ජඩ වුවමණා එපාකම් මත මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම පැවැති ප්‍රතිපත්තීන් වෙනස් කිරීමට ලක් කෙරිනි. මේ නිසා නිරන්තරයෙන් අවුල් වන පරිසරයක් තුළ අවසානයේ විනාශ මුඛයට ගියේ රටය.

මේ අතර අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහ අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට දැනුම් දුන්නේය.

පසුගිය කාලය තුළ දී අයවැය පිළියෙල කිරීමේදී ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම සැබෑ තත්වයට එහා ගිය යථාර්තවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුව නොමඟ යෑම සිදුවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ නිසා එම ඇස්තමේන්තුගත ආදායම් මත පදනම්ව අමාත්‍යංශ ඇතුළු අනෙකුත් රාජ්‍ය වියදම් සඳහා ඉහළ මුදලක් වෙන් කිරීමත්, අවසානයේදි එම වියදම් පියවා ගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇතිවීමත්, ණය උගුලක හිරවීමටත් එම තත්වයන් හේතු වූ බව ඔහු පෙන්වා දුන්නේය.

එසේම මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ‍ක්‍රියාවේ යෙදවීමට නොහැකි වුවත් අද එය නැවත හඳුන්වා දීමට සිදුවී ඇති බවද වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය නිවැරදි මඟට ගැනීම වෙනුවෙන් ගන්නා පියවරයන්ට ප‍ටු දේශපාලනික වාසි වෙනුවෙන් විපක්ෂ කොටස් එරෙහි වීම හැම කාලයකදීම දකින්නට ලැබුණකි.විපක්ෂ කොටස්වල බලපෑම නිසා ආණ්ඩු පක්ෂයට නිවැරදී තීරණ හකුලා ගැනිමට සිදු වන්නෙත් තමන්ගේ දේශපාලනික පැවැත්ම රටට වඩා වැදගත් කොට සලකන නිසාය.

එමෙන්ම ආණ්ඩු පෙරළි වලින් පසුව පැවැති විපක්ෂය ජනතාවට දුන් පොරොන්දු ලෙස වැරදි තීරණ ක්‍රියාත්මක කිරීමට යෑම නිසා එම ආණ්ඩු පමණක් නොව රටම අර්බුදයට යෑම සිදු වෙයි. වත්මන් ආණ්ඩුවට සිදු වූයෙ එයය. පසුගිය යහපාලන යුගයේදී ආර්ථිකය සම්බන්ධයෙන් ගත් නිවැරදී තීන්දු තීරණ රාශියක් අත්හි‍ටුවා වැරැදි සහගත ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට යෑම වත්මන් අර්බුදයට වූ විශාලම බලපෑමය.

මෙම මුගධ දේශපාලනය නිසා අද රට මුහුණ දෙන අර්බුදයෙන්වත් පාඩමක් ඉගෙන ගෙන රටේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා නිවැරදී ජාතික ප්‍රතිපත්තීන් අනුව රට ගොඩනගන දීර්ග කාලීන වැඩ පිළිවෙලකට සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතුව තිබේ.

තව දුරටත් තමන්ගේ බලය වෙනුවෙන් ප‍ටු දේශපාලනික ස්ථාවර වල නොපිහිටා කටයුතු කළ යුතුව තිබේ. ජනතාව දැන් අරගල කළ යුත්තේ මේ වෙනුවෙනි. ජනතාව සියලූම දේශපාලන පක්ෂ කෙරෙහි මෙම බලපෑම කළ යුතුව තිබේ.

එමෙන්ම මේ නිවැරදි ප්‍රතිපත්තීන් නියමාකරයෙන් සකස් කර රට නිවැරදී මාවතකට එන තෙක් ජනතාව ද යම් කැපකිරීමක් කළ යුතුව ඇත. ගෑස් නැති වෙන කොට, තෙල් නැති වෙන කොට, බෙහෙත් ටික නැතිවෙන කොට, වැ‍ටුප් දීමනා නැති වෙන කොට, ආදී තමන්ගේ පෞද්ගලික ජන ජීවිතයට යම් පීඩාවක පත් වෙන කොට, නිරන්තරයෙන් පාරට බැස අරගල කිරීමට වඩා අනාගතය ගොඩ නැවීම වෙනුවෙන් ජනතාව ආරගල කළ යුතුව තිබේ. ප‍ටු ලාබ සටන් පාඨ වලට වඩා දියුණු සටන් පාඨ වලට ජනතාව මාරු විය යුතුය. එසේ නොමැතිව රටක් ගොඩ නැගිය නොහැක.

එදිනේදා ජීවිතයේ පැවැත්මට සහන ඉල්ලීම වෙනුවෙන් කරන අරගලයන්හීදී වන්නේත් ආණ්ඩුව ඒ සහන දීමට ගොස් රටේ අනාගතය අනතුරේ හෙළා දැමීමකි. ආණ්ඩුව පීඩාවට පත් ජන කොටස් වෙනුවෙන් සහන දිය යුතුවීම අනිවාර්යයක් වුණත් ඒහි සීමා මායිම් දැන කළ යුතුය. සිමාව නොදැන ආණ්ඩුවෙන් ආණ්ඩුවට මෙලෙස කෙටිකාලීන සහන දීම මඟින් මේ රටම සහනාධාර මත යැපෙන තත්වයට ද දැන් දශක ගනනාවක සිට පත්ව තිබේ. මෙම තත්වය නිසා රටේ ආර්ථිකය නිවැරදි දිශාවට හරවා ගැනීමත් බරපතල අභියෝගයක්ව පවතී.

පාලකයනුත් පාලිතයනුත් මේ වැරදි ක්‍රියාමාර්ග නිසා අද පාඩම් ඉගෙන ගෙන තිබෙන නමුත් ඒ අනුව නිවැරදි පියවරයන් අනුගමනය නොකරමින් තවදුරටත් ක්‍රියා නොකළහොත් මේ රටට පැවැත්මක් නැති බව සිහියේ තබා ගත යුතුව ඇත.

කෙසේ නමුත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී මෙම වත්මන් ආර්ථික තත්වය පිළිබද පැහැදිලි කරමින් මහබැංකු අධිපතිවරයා තවදුරටත් පැවසුවේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කර තිබෙන ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකගවී ඇති බවය.

එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැතිවීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවනවිට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය ඊයේ බවත් ඔහු පැවසීය.

රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාවටද කාරක සභාවේ අනුමැතිය මෙහිදී ලැබිණ.

එම සාකච්ඡා සාර්ථක කර ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ අදාළ අයි.එම්.එෆ් ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බව පැවසූ හෙතෙම ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us