අග්රාමාත්ය නිල වෙබ් අඩවිය වන https://www.pmoffice.gov.lk/ හරහා සම්බන්ධ වෙමින් තරුණ තරුණියන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බවත් එසේ ඉදිරිපත් කෙරෙන යෝජනාවලින් වඩාත් ඵලදායි සහ ප්රායෝගික යෝජනා ඉදිරිපත් කරන තරුණයන්ට හෝ තරුණ කණ්ඩායම් වලට අග්රාමාත්යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ද ඉදිරියේදී අග්රාමාත්ය කාර්යාලය විසින් අවස්ථාව ලබාදෙනු ඇති බවත් රුවන් විජයවර්ධන මහතා කියයි.
ගෝඨා ගෝ ගම, අදහස් අහන්න අගමැති කාර්යාලයෙන් වෙබ් අඩවියක්
Published in
පුවත්
Thursday, 26 May 2022 15:57
"ගෝඨා ගෝ ගම" අරගලකරුවන් මෙන්ම රට පුරා වෙනසක් ඉල්ලන තරුණ තරුණියන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්රාමාත්ය කාර්යාලය වෙබ් අඩවියක් හදුන්වා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
"ගෝඨා ගෝ ගම" අරගලකරුවන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර අදහස් හා යෝජනා ලබා ගැනීමෙි කාර්ය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තමා වෙත පැවරූ රාජකාරි වලින් එක් වැදගත් වගකීමක් බවත් පළමුව තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වෙමින් පවතින ගැටළු අග්රාමාත්යවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ අතර එතුමාගෙන් ඊට යහපත් ප්රතිචාරයක් ලැබුණ බවත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
තරුණ අරගලය ජයග්රහණය කරා ගෙනයාම වෙනුවෙන් මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වෙමින් කාලෝචිත හා වැදගත් අදහස්, යෝජනා ඉදිරිපත් කරන ලෙස රට පුරා සිටින සියලු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද අරගලයේ අරමුණු ජයගැනීමට හැකි වෙිවායි ප්රාර්ථනා කරන බවද විජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.
More in this category:
« සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට WHO හි පූර්ණ සහාය
විමල්ගේ බිරිඳ ශෂී වීරවංශට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් »
Leave a comment
Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...