ප්‍රංශ රජයෙන් යුරෝ ලක්ෂ තුනක් වටිනා පරිත්‍යාග !

Published in පුවත්
Friday, 27 May 2022 19:57

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලෙවාටු මහතා හා සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය යුරෝ ලක්ෂ තුනක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීම සිදු විය.

ප්‍රංශ රජය හා එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙසින් අදාළ ඖෂධ තොගය පරිත්‍යාග කිරීම ප්‍රංශ තානාපතිවරයා අතින් සිදුවිය. ස්වසන රෝග හා නිර්වින්දන ඖෂධ තොගයක් මෙහිදී පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවැනි සහයෝගයක් ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව ප්‍රංශ තානාපතිවරයා මෙහිදී කීය. ඉදිරියටත් මෙවැනි පරිත්‍යාග මෙන්ම සහන සේවා කටයුතු සඳහා සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවද තානාපතිවරයා පැවසීය.

මෙරට සෞඛ්‍ය සේවාවේ කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් එමෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග වෙනුවෙන්ද පියවර ගන්නා බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට අවශ්‍ය පියවර ගනිමින් සිටින්නේයැයිද ඒ තුළ සැපයුම් අංශයට බාධාවක් නොවන පරිදි අවශ්‍ය කටයුතු වෙනුවෙන් පියවර ගනිමින් සිටින්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන් රටෙහි දේශපාලන ස්ථාවරත්වය මෙන්ම ආහාර සුරක්ෂිතතාවයත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ සංවර්ධන කටයුතු සඳහා වන පියවර පිළිබඳවත් අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර සාකච්ඡා සිදු විය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us