subash
ආණ්ඩුව පරදවා නව රජයක් බිහිකිරීම සඳහා, එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය හෝ නෙරපන ලද හෝ අමනාප වී ඈත් වූ හෝ විනය පරීක්ෂණ වලට ලක්වූ සියලූ දෙනාට නැවත එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වන්නැයි එහි ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ආරාධනා කරයි.
නාවුක කන්ටේනරයක් තුළ සැඟවී ලන්ඩන් වරායට පැමිණි පිරිසක් වරාය අධිකාරීන් විසින් සොයාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ වාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව බෞද්ධ භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් නොකරයි.
පකිස්තානයේ කාටුන් චිත්‍ර ශිල්පියෙක් කරච්චි නගරයේ ත්‍රස්තවාදීන්ට සහ ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කරන කාන්තා කාටුන් චරිතයක් නිර්මාණය කර තිබේ.
කාලයක් තිස්සේ අපේ රටට අඩුවක් ව පැවතුණු අන්තර්ජාතික සිනමා උළෙලක සිහිනය යථාර්තයක් වන සුභ ලකුණු දැන් දැන් දකින්න තියෙනවා. ඇත්තටම රටක් විදියට එකතු වෙලා ලෝකටෙම පෙන්න අපිත් අන්තර්ජාතික සිනමා උළෙලක් පවත්තන්නයි යන්නේ.
මධ්‍යම පරිසර අධිකාරියේ අයතා ගනුදෙනු දෙකක් හේතුවෙන් කෝටි පහකට ආසන්න (රු. 49,623,542/-) මුදලක දූෂණයක් සිදුව තිබේ.
තමාට එල්ල වී ඇති තර්ජනය හමුවේ ඉල්ලූ ආරක්ෂාවට හාත් පසින් වෙනස් දෙයක් ලබා දී ඇති බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණ සමග ගිවිසුමකට එළැඹියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්. සටන්කාමීන් එරට උතුරු ප‍්‍රදේශයේ පිහිටි ගම්මානයක ජනතාව සමූල ඝාතනය කර ඇතැයි බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.
රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන නිසා එම නීති සංශෝධනය කිරීමට හෝ අලුතින් නීතිගෙන ඒමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශයට උපදෙස් ලබාදී ඇත.
