එන්න ඔබටත් එහි අසුනක් ඇත…iff colombo

Published in කලා
Saturday, 16 August 2014 17:37

කාලයක් තිස්සේ අපේ රටට අඩුවක් ව පැවතුණු අන්තර්ජාතික සිනමා උළෙලක සිහිනය යථාර්තයක් වන සුභ ලකුණු දැන් දැන් දකින්න තියෙනවා. ඇත්තටම රටක් විදියට එකතු වෙලා ලෝකටෙම පෙන්න අපිත් අන්තර්ජාතික සිනමා උළෙලක් පවත්තන්නයි යන්නේ.


මේ කාරණය සිනමාවට ආදරය කරන පික්චර් පිස්සන්ට සුභ ආරංචියක් වෙනවා ඒකාන්තයි. මේ වැඩේ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න අවශ්‍ය සියලුම කටයතු මේ වන විට ලහි ලහියේම සිදුවෙනවා.


ලංකාවේ ඉන්න ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරුන් රැසකගේ ශක්තියෙන් පිහිටුවා ගත් ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය තමයි මේ කාර්යය සඳහා සියලුම වගකීම් දරලා කටයුතු කරන්නේ් .අශෝක හඳගම මහත්මයා, බෙනට් රත්නායක මහත්මයා, උදයකාන්ත මහත්මයා, බුඩී කීර්තිසේන මහත්මයා, ප්‍රසන්න විතානගේ මහත්මයා මේ වගේ ප්‍රවීණයින් රැසක්ම මෙ සඳහා කැපවෙලා වැඩකටයුතු කරනවා.

ඒ වගේම වර්තමාන සිනමාවේ නව නිර්මාණකරුවා විමුක්ති ජයසුන්දර ද ඒ වගේම ප්‍රසන්න ජයකොඩි වැනි තරුණ සිනමාකරුවනුත් මේ සඳහා අත්වැල් බැදගෙන ඉන්නවා.

තවත් අන්තර්ජාතික සිනමා උළෙලක් වු ඔකිනා‍වා අන්තර්ජාතික සිනමා කමිටුවේ දායකත්වය ඇතිව පවත්වාගනෙ යන මෙම උළෙල විචිත්‍ර අංගයන් රැසකගෙන් සම්පුර්ණයි.

ඒ වගේම කොළඹ කේන්ද්‍රිය කරගෙන පැවැත්වෙන මෙම උළෙල සැප්තැම්බර් 2 සිට 7 දක්වා පැවැත්වෙනු ඇති.


ඒ දවස් පුරාවටම රටවල් කිහිපයක චිත්‍රපට අනුවක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.


එ මෙන්ම මේ සිනමා උළෙල සදහා කාර්ලෝස් රෙගදාස් වැනි ප්‍රවීණ සිනමාකරුවන්ද ඇතුළුව ප්‍රමුඛ පෙළේ ලෝක සිනමාකරුවන්,නළු නිළියන්,මාධ්‍යවේදීන් 40කට අධික ප්‍රමාණයක් පැමිණිමට නියමිතයි.

තවද මොවුන් විසින් සංවිධානය කරන සිනමා දේශන,වැඩමුළු මීට සමගාමීව සිදුකෙරනවා ඇති.මේ සිනමා උළෙලට පැමිණෙන ප්‍රවීණ සිනමාකරු කාර්ලෝස් රෙගදාස් ආසියාවට පැමිණෙන්නේ ප්‍රථම වතාවට වීම මෙම උ‍ළෙලේ තවත් සුවිශේෂී සිදුවීමක්.

(http://cinema.lk)

ඔබට මෙම උළෙලේ වැඩි විස්තර දැන ගැන්මට මෙතන ඔබන්න

Public-Poster-Sin

 

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us