subash

subash

ශ්‍රී ලංකාවෙ ආර්ථික රටාව තුළ ජීවත් වන අපි අතර ඒ ආර්ථික රටාවට මුහුණදිහ නොහැකි පිරිසක් අද සමාජයේ යාචකයන් ලෙස දැකිය හැකියි.

වෛද්‍යවරුන් ලෙස ප‍්‍රතිකාර කටයුතු කරන ව්‍යාජ පුද්ගලයන් 10,400දෙනෙකු හදුනා ගැනීමට හැකි වූ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව සොයා බලන කණ්ඩායමේ ප‍්‍රධානී වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කරයි.

ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත්වන්නේ නම් තම පක්ෂයද අනිවාර්යයෙන්ම ජනපතිවරණයට තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බස්නාහිර පළාත් මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා පැවසීය.

 ගාසා තීරයේ ඇවිළෙන ගින්න ගැන අවධානයෙන් සිටින ලෝකයට ඊට පෙර ඇවිළී තවමත් නිවී නොමැති, තවමත් මිනිස් ජීවිත බිලි ගන්නා නැගෙනහිර යුකේ‍්‍රනයේ පවත්නා මහා ගිනි ජාලාව ගැන දැන් නිනව්වක් නැති ගාන ය. එහෙත් එහි තවමත් සිද්ධි වාර්තාවේ. මිනිස්සු මියෙති. ඊටත් වඩා මැරි මැරී ජීවත් වනු පිණිස සරණාගත කඳවුරුවලට ගාල් කෙරෙති. මේ වන විට ඒ තත්ත්වයට පත් ව ඇති සංඛ්‍යාව 230,000 ඉක්මවන බව පැවසේ.

සවුතැම්ප්ටන් සරසවියෙන් අභ්‍යවකාශ ඉංජිනේරු උපාධිය ලබාගත් රෝහිත රාජපක්‍ෂ අභ්‍යවකාශගත සුන්බුන්වල බලපෑම හැකි උපරිම වශයෙන් අවම කිරීම සහ ක්‍රමෝපාය විශ්ලේෂණයක යෙදී සිටින බව ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කරයි.

ඌව පලාත් සභා මැතිවරණයේදී එජාපයේ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමට සහාය දීමට නම් තමන්ට එජාප නියෝජ්‍ය නායකකම යළිත් අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය විසුරවා හැරිය යුතු බවටත් එජාප පාර්ලිමේතු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර ඇතැයි වාර්තා පලවේ.

හඳුනා නොගත් වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ලංකාවේ දිස්ති‍්‍රක්ක කිහිපයකට මේ වනවිට බලපා ඇති නියං තත්වය නිසා එම ප‍්‍රදේශවල ජීවත්වන වකුගඩු  රෝගීන් කබලෙන් ලිපට වැටෙන තත්වයක් උදාවී ඇතැයි වකුගඩු සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

ගිනිකොණදිග ආසියානු උසස් අධ්‍යාපන ආයතන සම්මේලනය විසින් ප‍්‍රංශයේ මොන්ට්පෙලියර් විශ්වවිද්‍යාලයේ පවත්වන ලද ජාත්‍යන්තර සමුළුවක් සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අතිරේක ලේකම්වරයෙක් වැඩබලන උපකුලපතිවරයෙකු ලෙස පෙනී සිටිමින් සහභාගී වී ඇතැයි වාර්තා වේ.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගේ නමින් නිව්යෝර්ක් නුවර පළවන පුවත්පතක ලිපි දෙකක් පළකර ගැනීම සඳහා ”තොම්සන් ඇඩ්වයිසරි ගෲප්”නම් විදේශීය සමාගමට ඩොලර් හත්ලක්ෂ අසූතුන්දහස් හයසිය තිස්පයක් (ඩොලර් 683635) ගෙවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක පසුගිය 06 වෙනිදා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

මේ අතර,  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක ධුර දරන පළාත් සභා ඇමැතිවරුන් පිරිසක් විසින් තමන්ගේ කටයුතුවලට බාධා කරමින් අත්තනෝමතික ලෙස හැසිරෙන ඇමැතිවරයකුට සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුට එරෙහිව සකස් කළ ලිපිගොනු ද ජනාධිපතිවරයාට භාරදී තිබේ.

Connet With Us