වෛද්‍ය සභාවේ හා ආයුර්වේද වෛද්‍ය ආඥා පනත යටතේ සහ හෝමියෝපති ප‍්‍රතිකාර ක‍්‍රම යටතේ ලියාපදිංචි වී නොමැති කිසිවෙකුටත් ප‍්‍රතිකාර කටයුතු කළ නොහැකි බවද ඔහු පවසයි.
මෙරට සෑම පළාතකම පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදෙන පිරිසෙන් 26.4%ක් ව්‍යාජ වෛද්‍යවරුන් බවද ඒ මහතා සඳහන් කළේය.
ව්‍යාජ ආකාරයට කටයුතු කරන පිරිස් වැඩියෙන්ම වාර්තා වන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් බවත්, එම දිස්ත‍්‍රික්කයේ පෞද්ගලික වෛද්‍ය සේවා පවත්වා ගෙන යන පිරිසෙන් 35%ක් ව්‍යාජ වෛද්‍යවරුන් බවත්, වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසා සිටියේය.