රනිල් අවොත් අපිත් එනවා -ජවිපෙ

Published in පුවත්
Sunday, 17 August 2014 18:33

ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත්වන්නේ නම් තම පක්ෂයද අනිවාර්යයෙන්ම ජනපතිවරණයට තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බස්නාහිර පළාත් මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා පැවසීය.

පොදු අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත් කළහොත් ජයග‍්‍රහණය කළහැකියැ’යි විශ්වාසයක් දැන් ජනතාව අතර තිබෙන්නේයැ’යි පවසන ඒ මහතා රනිල් වික‍්‍රමසිංහගේ ස්ථාවරය නිසා පොදු අපේක්ෂකයකු තරග බිමට පිවිසවීමේ වැඩපිළිවෙළ අඩාල වී ඇතැ’යි ද පවසයි.

ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැ’යි තවම තීරණයකට පැමිණ නැතැ’යි ප‍්‍රකාශ කරන ලාල් කාන්ත මහතා අදාළ පුද්ගලයා පක්ෂයෙන් පිට කෙනකු හෝ විය හැකියැ’යි ද පැවසීය.

මහින්ද පාලනය පෙරළන්න සමත් නීතිය-යහපාලනය-ප‍්‍රජාතන්ත‍්‍ර වාදය නැවත ස්ථාපිත කළ හැකි පුද්ගලයකු තම පක්ෂය අනිවාර්යයෙන්ම ජනපති වරණයට ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කරන ඒ මහතා, ඔහු ආණ්ඩුවට එජාපයට යන දෙකටම විරුද්ධ බලවේග එකමිටකට ගෙන සටන ජයග‍්‍රහණය කරනු ඇතැ’යි ද ප‍්‍රකාශ කළේය.

තෙවැනි පාර්ශ්වයක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හරහා ඡන්ද බෙදී යාමෙන් අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට වාසිසහගත නොවේදැ’යි  කළ විමසුමකට ප‍්‍රතිචාර දක්වන ඒ මහතා කියා සිටියේ, මේ වනවිට මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් වික‍්‍රමසිංහත් තම ජනපතිවරණ සටන අරඹා තිබෙන නිසා තමන්ට වෙන විකල්පයක් නැති බවය.

(රාවය)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us