උපකුලපතිට මුවාවී යූ.ජී.සී. ලොක්කෙක් ප‍්‍රංශයට

Published in පුවත්
Sunday, 17 August 2014 09:16

ගිනිකොණදිග ආසියානු උසස් අධ්‍යාපන ආයතන සම්මේලනය විසින් ප‍්‍රංශයේ මොන්ට්පෙලියර් විශ්වවිද්‍යාලයේ පවත්වන ලද ජාත්‍යන්තර සමුළුවක් සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අතිරේක ලේකම්වරයෙක් වැඩබලන උපකුලපතිවරයෙකු ලෙස පෙනී සිටිමින් සහභාගී වී ඇතැයි වාර්තා වේ.

පසුගිය ජූනි 10 වැනි දින සිට ජූනි 13 වැනි දින දක්වා ප‍්‍රංශයේ  පැවැති මෙම සමුළුව සඳහා සහභාගී විය යුතු වූයේ එම සංවිධානයේ සාමාජිකත්වය දරණ ශී‍්‍ර ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ   හෝ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වරයෙකි.

එහෙත් ඒ වෙනුවට මේ සඳහා සහභාගී වී ඇත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ පි‍්‍රයන්ත පුෂ්ප කුමාර නම් අතිරේක ලෙකම්වරයාය. ඔහු ඒ සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අරමුදලින් රුපියල් 3,53,007.67ක් වියදම් කර තිබේ.

මෙම සංවිධානයේ මහලේකම් ආචාර්ය නින්නාත් නම් තායිලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ප‍්‍රධානියා සමග විද්‍යුත් තැපෑලෙන් මීට අදාළ ගනුදෙනු කර ඇත්තෙ පූර්වයෙන් කොළඹ සරසවියේ උපකුලපතිව සිටි ශානිකා හිරිඹුරේගම නම් දැනට ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය යි.

ඇය මහලේකම්වරයාට දන්වා යවා ඇත්තේ අදාළ සමුළුව සඳහා වැඩබලන උපකුලපතිවරයෙකු සහභාගී කරවීමට කටයුතු කරන බවය.

 විවිධ විදෙස් ආයතන මගින් ලැබෙන විදෙස් සංචාර සඳහා අදාළ නොවන නිලධාරීන් සහභාගී වීමේ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා වූ අතර, එම සහභාගීවීම් මගින් මහජන මුදල නිකරුනේ වැයවීම පමණක් නොව අදාළ සමුළුවලින් හෝ පුහුණුවලින් රටට කිසිදු ප‍්‍රයෝජනයක් අත් නොවීම ද කැපී පෙනේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us