කබ්රාල් පුම්බන ලිපිවලට කෝටි 9ක් ගෙවලා

Published in පුවත්
Sunday, 17 August 2014 09:12

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගේ නමින් නිව්යෝර්ක් නුවර පළවන පුවත්පතක ලිපි දෙකක් පළකර ගැනීම සඳහා ”තොම්සන් ඇඩ්වයිසරි ගෲප්”නම් විදේශීය සමාගමට ඩොලර් හත්ලක්ෂ අසූතුන්දහස් හයසිය තිස්පයක් (ඩොලර් 683635) ගෙවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක පසුගිය 06 වෙනිදා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

මෙය ආසන්න වශයෙන් රුපියල් අටකෝටි අසූහත් ලක්ෂ අනූදහසක් (රු:88790000/=) ය.


වත්මන් මහබැංකු අධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ගී‍්‍රසියේ බැදුම්කර මිලදී ගැනීමට ද විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් යොදවන ලද අතර, එයින් රුපියල් කෝටි සිය ගණනක් පාඩුවී ඇත.

එමෙන්ම ඔහුගේ ද එකගතාවය මත 2008 වර්ෂයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදේශ බැංකු තුනක් මෙන්ම දේශීය බැංකු දෙකක් සමග අත්සන් තබන ලද හෙජිං ගිවිසුම නිසා ඩොලර් මිලියන 75.4ක හෙවත් රුපියල් කෝටි 850ක පමණ අලාභයක් සිදුවී තිබේ.

 
මෙයට අමතරව ආණ්ඩුවේ විවිධ ජාත්‍යන්තර ප‍්‍රචාරක ව්‍යාපෘති සඳහා ද මහ බැංකු අධිපතිවරයා විශාල වශයෙන් දායක වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ලංකාවට ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රචාරක ව්‍යාපාරයකට සඳහා නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා ඇතූළු කණ්ඩායමක් සමග සම්බන්ධ වීම ද කැපී පෙනේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us