නියඟයෙන් වකුගඩු රෝගීන් කබලෙන් ලිපට

Published in පුවත්
Sunday, 17 August 2014 09:18

හඳුනා නොගත් වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ලංකාවේ දිස්ති‍්‍රක්ක කිහිපයකට මේ වනවිට බලපා ඇති නියං තත්වය නිසා එම ප‍්‍රදේශවල ජීවත්වන වකුගඩු  රෝගීන් කබලෙන් ලිපට වැටෙන තත්වයක් උදාවී ඇතැයි වකුගඩු සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියි. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.


”වකුගඩු රෝගය වැඩිවශයෙන් ම ව්‍යාප්තව ඇති අනුරාධපුර, පදවිය හා ශී‍්‍ර පුර ප‍්‍රදේශවල ජනතාවගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන වුනත් නියගය නිසා මේ වන විට එම ගොවිතැන් කටයුතු අඩාල වී ඇත. එබැවින් තම ප‍්‍රතිකකාර කටයුතු හා පවුලේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් නොමැතිව වකුගඩු රෝගයට ගොදුරු වූවන් මහත් අසරණ තත්වයකට පත්ව ඇත.

රෝගීන්ට රුපියල් 500ක මාසික දීමනාවක් ලැබුණ ද ප‍්‍රතිකාර සඳහා රෝහල් වෙත යාමට, රෝ්හලේ නොමැති ඖෂධ මිළදී ගැනීමට සහ අත්‍යාවශ්‍ය රුධිර පරීක්ෂණ කටයුතු කර ගැනීමට එම මුදල කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. ඇතැම් ප‍්‍රදේශවල වාරි පද්ධති පිළිසකර කිරීමට ගොවීන් යොදාගෙන දිනකට රුපියල් 500ක සහනාධාරයක් ලබාදීමට සැලසුම් කර තිබුණත් වකුගඩු රෝගීන් එසේ මහන්සි වී වැඩ කරන්නේ කෙසේ ද?''

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us