subash

subash

අද මෙසේ විශාල නියඟයකට මුහුණ දීමට සිදු වී ඇත්තේ මිනිසා පරිසරයට සිදු කරන විනාශ කාරී කටයුතුවල ප‍්‍රතිඵල වශයෙන් යයි කථානායක චමල් රාජපක්ෂ මහතා ලූණුගම්වෙහෙර අලූත් සහල් මංගල්‍යයේ දී ගොවි ජනතාව අමතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සහ ක්‍රීඩකයන් අතර පැන නැගී ඇති ආරවුල් උග්‍ර තත්ත්වයට පත්වීම හේතුවෙන් එය විසඳීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී ඇතැයි වාර්තා වේ.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් වූ දිනිඳු යශේන් පැහැර ගැනීමේ සිද්ධිය මුලින්ම වාර්තා වුණේ පසුගිය මස 28 වන දායි. අගෝස්තු 2 වන දා නිරුපද්‍රිතව දරුවා සොයා ගැනීමට පොලීසිය සමත් වුනි.

සෞඛ්‍යවත් හා සමෘද්ධිමත් දිවි පෙවෙතක් උදෙසා පොල් ගෙඩිය හිස් කබලේ ගසා බිඳ දෙවියන්ට කන්නලව් කිරීමේ අපූරු චාරිත‍්‍රයක් පිළිබඳව දකුණු ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉස්ලාමාබාද් අගනුවරට විරෝධතා පෙළපාලියකින් ගමන් කරන පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ගේ රථයට ගුජ්රන්වාලා නගරයේදී වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී අැත. එහිදී ඉම්රාන් ඛාන්ට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ඔහුගේ රථයට හානි සිදුවී තිබේ.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ පනතේ ඇති අඩුපාඩුකම් නිසා ඇමෙරිකානු රටේදී සිදුකළ ප්‍රතිකාර කටයුතු ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකුට මෙරට රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යාමට අවස්ථාව ලැබී ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. 

උඩවලව රක්‍ෂිතයේ පවත්වාගෙන ගිය අක්කර 10 ක් පමණ වූ ගංජා හේනක් පොලීසිය විසින් වටලා අැත.

එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නමින් ඊයේ (14) සිරිකොත මන්දිරයේදී විවෘත කළ ෆේස් බුක්‌ පිටුව හා සමාන ව්‍යාජ ෆෙස්‌ බුක්‌ පිටු කිහිපයක්ම නිර්මාණය කර තිබේ.

මම කන බොන මිනිහෙක් මට බාර් 4ක් තියනවා යැයි ඊයේ (14) රාත්‍රියේ දේශපාලන සංවාදයකට එක් වූ ඌව පළාත් හිටපු මහඇමති වත්මන් වනජීවී ඇමති විජයමුණි සොයිසා මහාතා පැවසිය. 

වෛද්‍යවරිය මියගිය බම්බලපිටිය රූපලාවන්‍ය මධ්‍යස්ථානය මගින් සිදු කළ සැත්කම්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් උපයා ඇතිබව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදි හෙළිවි තිබේ.

Connet With Us