වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු මෙසේ ද පැවසීය.
‘ගහ කොළ කපා දමා ඉතාමත් දරුණු විධියට පරිසරය විනාශ කිරීමේ ආදීනව අපට දැන් විඳින්න සිදු වෙලා. පරිසරයට අපි ආදරය කළේ නැත්නම් අපිට පැවැත්මක් නැහැ. සොබා දහම රැක ගැනීමට කුඩා කල සිටම දරුවන් හුරු පුරුදු කළ යුතුයි. අප සංවර්ධන කටයුතු කරන්නේ පරිසරය ආරක්ෂා කර ගෙනයි. අද වැසි නොලැබීමට අපේ ක්රියාකරකම් බොහෝ ලෙස බලපා තිබෙනවා’