දිනිදු නිසා එටිසලාට් සමාගමට වැඩ වරදී

Published in පුවත්
Friday, 15 August 2014 20:00

ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේදී දිනිඳු යශේන් දරුවා පැහැරගත් කප්පම් කල්ලිය භාවිත කළ ජංගම දුරකථන සිම් කාඩ්පතක්‌ සම්බන්ධයෙන් සිදුකල විමර්ශන හමුවේ එම සිම්පත් කිසිදු වගකීමකින් තොරව නිකුත් කොට ඇත්තේ එටිසලාට් ජංගම දුරකථන ජාලය බව හෙළිවී තිබේ.

මෙම සිම්පත් පිළිබඳව මෙයට පෙර පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා හෙළිකර සිටියේ මෙවැන්නකි.

"මේ කප්පම්කරුවන් ළඟ සිම්කාඩ්පත් හතක්‌ තිබුණා. මෙම කප්පම ලබාගැනීම සඳහා මොවුන් සිම් කාඩ්පත් දෙකක්‌ උපයෝගී කරගත්තා. එයින් එක්‌ සිම් කාඩ්පතක්‌ පිටකොටුවේ නාට්‌ටාමි කෙනෙකුගේ නමට තිබුණේ.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යනකොට පෙනී ගිහින් තිබෙනවා. එක්‌තරා දුරකථන ජාලයකින් තමයි මේ සිම් කාඩ්පත ලබාදී තිබෙන්නේ කියලා. මේ දුරකථන ජාලයේ අලෙවි නියෝජිතයෙක්‌ ඉන්නවා කුරුණෑගල ප්‍රදේශයේ. ඔවුන් සිම් කාඩ්පත් විකුණන්නේ කිසිම අනන්‍යතාවක්‌ තහවුරු කරගන්නේ නැතුව.

උදාහරණයක්‌ හැටියට යම් අයකු හැඳුනුම්පත් නැතිව සිම් කාඩ්පතක්‌ ඉල්ලා සිටියොත් ඒ වෙළෙඳ නියෝජිතයා සිදුකරන්නේ ඔවුන් භාරයේ තිබෙන වෙනත් අයකු සිම් කාඩ්පතක්‌ ලබාගන්න ලබාදීපු හැඳුනුම්පතේ ඡායා පිටපතක්‌ නැවත පිටපතක්‌ හැටියට ලබාගෙන සිම් කාඩ්පත නිකුත් කිරීමයි.

නමුත් දැන් දුරකථනය පාවිච්චි කරන තැනැත්තා ගැන සොයා බැලුවොත් සම්පූර්ණයෙන් වෙනස්‌ තැනැත්තෙක්‌ තමයි නියම තැනැත්තා බවට පත්වෙන්නේ."

මෙම සිම්පත් විකුණා තිබුනේ එටිසලාට් සමාගමේ කුරුණෑගල ප්‍රදේශයේ නියෝජිතයෙකු වන අතර ඔහු කුරුණෑගල නගරයේ පාර අසල ඇති ජංගම අලෙවිසලකදී සිම්පත් විකුණා තිබුනේ හැඳුනුම්පත් ලබානොගෙන බව හෙළිවී තිබේ.

එම සිම්පත් අලෙවිකළ පුද්ගලයා හා එයට අනුබල දුන් සියලු පුද්ගලයන් මේවනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මෙරට ජංගම දුරකථන සමාගම් නිකුත් කර ඇති සියලුම සිම් කාඩ්පත් මෙම වසර අවසන් වීමට පෙර ලියාපදිංචි කළ යුතු බව අදාළ සමාගම් වෙත දැනුම් දී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත්කොට තිබේ.

(gossipbook.lk)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us