කොළඹ කුණු පුත්තලමට ගෙන ඒමට විරෝධය

Published in පුවත්
Saturday, 16 August 2014 07:38

කොළඹ නගරයේ එකතු කරන කුණු සහ අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාරුව ප්‍රදේශයට බැහැර කරමින් මුළු ප්‍රදේශයම පරිසර හානියකට බඳුන් කිරීමේ වැඩ පිළිවෙලකට කැබිනට් මණ්ඩලය මගින් අනුමැතිය ලබා දී තිඛෙන අතර එයට 'පුත්තලම ජනතා හඬ' නමැති ව්‍යාපාරය,  තම බලවත් විරෝධය ප්‍රකාශ කර තිබේ.

නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, කොළඹ සහ අවට ප්‍රදේශවලින් දිනකට එකතුවන ගණ අපද්‍රව්‍ය මෙ.ටො. 2000 කට වැඩි ප්‍රමාණයක් දුම්රිය මාර්ගයෙන් පුත්තලමට ප්‍රවාහනය කර අරුවක්කාරුව ප්‍රදේශයේදී ප්‍රතිචක්‍රීකරණය කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි.

මුළු පුත්තලම දිස්ත්‍රික්කම ගඳ ගස්වන මෙම ව්‍යාපෘතියට අදාලව පරිසර වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමත කරගෙන ඇතිදැයි පුත්තලම ජනතාව ප්‍රශ්ණ කරති.

මේ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ජනතාවගෙන් කිසිදු විමසීමක් කර නැති බැවින් ඔවුහු මෙය කිසිසේත් අනුමත කර නොහැකි යයි පවසන  'පුත්තලම් ජනතා හඬ' සංවිධානය, මෙම තීරණය වහා හකුලා නොගතහොත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව අවධාරණය කර සිටියි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us