'නාමල්ගේ බලපෑම් මත සරසවි වරම්'

Published in පුවත්
Saturday, 16 August 2014 07:42

සරසවි වරම් ප්‍රදානය කිරීමේ දීත් දේශපාලන මැදිහත් වීම් සිදු කෙරෙන ආකාරය ඉස්මතු කෙරෙන වාර්තාවක් මේ දිනවල මාධ්‍ය මගින් සාකච්ඡා වෙමින් පවතී.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ, පෙර වසරක ශිෂ්‍යාවක් දේශපාලන අනුග්‍රහය ඇතිව රුහුණු සරසවියට ඇතුළත් කර ඇති බවයි.

'සිසුන් ගෙදර'

උසස් පෙළ විභාගය සමත් ව බොහෝ සිසුන් ගෙදර සිටින අතරවාරයේ එවැනි දේශපාලන මැදිහත් වීම් මගින් ඇතමුන්ට සරසවි දොරටු විවර කර දීම මහජනයාට සිදු කරන අසාධාරණයක් වන බව 'බීබීසී සංදේශය' සමඟ සාකච්ඡාවකට එක් වූ ආචාර්ය නිර්මාල් දේවසිරි පෙන්වා දුන්නේය.

'' නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලියුමක් එවල තියෙනවා ප්‍රතිපාදන කොමිෂන් සභාවට මේ ශිෂ්‍යාව අභියාචනයක් එවල තියෙනවා, ඒ ගැන සළකා බලන්න කියල. එස් බී දිසානායක ඇමතිවරයා එහි සටහනක් දමා තියෙනවා නාමල් රාජපක්ෂ කිහිප වතාවක් මේ පිළිබඳව තමාට දුරකතනයෙන් කතා කළ බව. ඒ ලිපිය ඒවා තියෙනවා බඳවා ගැනීම් භාර අතිරේක ලේකම්වරයාට. වැදගත් ම දේ තමයි, මේ ලිපිය යවල මාසයකට පස්සේ තමයි මේ ශිෂ්‍යාව අභියාචනයක් එවන්නේ. ඊටත් මාසෙකට පස්සේ තමයි අයදුම් පත්‍රය එවන්නේ.'' ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවසීය.

බලධාරීන්

මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා සියලු තොරතුරු හෙළිදරව් කළ බවත් ඊට පිළිතුරු සැපයීම බලධාරීන්ගේ කාර්යයක් වන බවත් සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා  කියා සිටියේය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා ගෙන් මේ පිළිබඳව  විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ මෙම කාරණය ගැන වැඩිදුර අධ්‍යයනය කරන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Last modified on Saturday, 16 August 2014 07:54

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us