දුම්කොළ සමාගමට පාංශුකූලය දෙයි

Published in පුවත්
Saturday, 16 August 2014 07:54

ලංකා දුම්කොළ සමාගම විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ පැවැත්වූ වැඩසටහනකට ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේගේ විරෝධය පළ විය.

වැඩසටහන පැවති ස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේලා පොලිසියට කියා සිටියේ දුම්වැටි භාවිතයෙන් සිදු වන විනාශය පිළිබඳ පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමට අවශ්‍ය බවයි.

ඒ සඳහා අවසර ලබා දීම ප්‍රතික්ෂේප කළ පොලිසිය කියා සිටියේ පෞද්ගලික වැඩසටහනකට එපරිද්ද්දෙන් ඇතුල් විය නොහැකි බවයි.

දුම්කොළ සමාගමේ නියෝජිතයන් පිරිසක් වැඩසටහනට පැමිණ සිටි පිරිස ඇමතීමට භික්ෂූන් වහන්සේලා පිරිසට අවස්ථාව සලසා දී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් රැස්ව සිටි පිරිසෙන් ඉල්ලා සිටියේ මෙවන් සමාගම් සමග එක්ව ක්‍රියා නොකරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ දුම් කොළ පනතට අදාළ නීතිරීති උල්ලංඝනය කරමින් දුම්කොළ සමාගම වෙළෙඳ ප්‍රචාරණයේ යෙදෙන බවට චෝදනා කළ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ලබන ඔක්තෝබර් 01 වැනිදා හැව්ලොක් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත 'ඔක්තෝබර් ෆර්ස්ට් කානිවල්'සැණකෙළිය නතර කරන මෙන් සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළ බවද පැවසීය.

දිනකට දුම්වැටි නිසා හැට දෙනෙකු පමණ මියයන බව ප්‍රකාශ කළ ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේ ඒ සඳහා දුම්කොළ සමාගමේ කි‍්‍රයා කලාපය හේතු වී ඇති බව පවසමින් එම ස්ථානයේ 'අනිච්චාවත සංඛාරා' ගාථාව සජ්ඣායනා කරමින් පාංශුකූලයක් ද දුන්හ.

(සංදේශය)

Protest-www.nethfm.com-04

 

Protest-www.nethfm.com-05

Protest-www.nethfm.com-07

Protest-www.nethfm.com-08

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us