subash

subash


අන්තර් ජාතික විශේෂඥයින් තිදෙනා පත් කළේ රජය ආරක්ෂා කිරීමේ අරමුණෙන් බවට බවට  එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය බැහැර කරන කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා,  එය ද්වේශ සහගතව කළ ප්‍රකාශයක් බවකියා සිටියි.

ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමැති සහ යළිත් වරක් එජනිස යෙන් මහ ඇමැති තනතුරට තරඟ කරන ශෂීන්ද්‍ර රාජපක්ෂ වැල්ලවාය ප්‍රදේශයේ වයස 60 පැන්න කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා බෙදා ඇතැයි වාර්තා වේ.

පුජ්‍ය වටරැක විජිත ස්වාමීන් වහන්සේ හදිසි ශල්‍යකර්මයක් සදහා අද (14 ) වැනිදා දහවල් හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

රුසියානු අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි මෙද්වදෙව් ගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් ඇතුලූවී, තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පණිවුඩයක් නිකුත් කර ඇති බව ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි.

නිවාස හා ගොඩනැගිලි මැදින් දිවෙන අපූරු දුම්රිය මාර්ගයක් චීනයේ චොන්ගුවින්ග් ප්‍රදේශයේ නිර්මාණය කර තිබේ.

ඊශ‍්‍රායල ප‍්‍රහාර හේතුවෙන් පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාවට මූල්‍ය සහනාධාර පිරිනැමීමට ශී‍්‍ර ලංකාව පියවර ගෙන ඇත.

ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මියගේ දේහය  අද (14) පෙරවරු 10.00 සිට සවස 4.00 දක්වා කොළඹ කලාභවනේ තැන්පත් කර තිබේ. 

තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ගෙන ගිය වෘත්තීය කි‍්‍රයාමාර්ගයට බලධාරීන් යහපත් ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රෝහල් කනිෂ්ඨ සේවකයෝ  සූදානම් වෙති. 
ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සදහා ජාතික හැඳුණුම්පත් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විශේෂ හැඳුණුම්පත් ලබාදීමේ ජංගම සේවාවේ පළමු අදියර 2014 අගෝස්තු 19 සිට 23 දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ දී පැවැත්වේ.
ඌව පළාත් සභා මැතිවරණයේදී එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙයි. කැෆේ සංවිධානය, පැෆ්රල් සංවිධානයසහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ  වහාම මැතිවරණ නිලධාරින්ගේ  ආරක්ෂාව තහවුරු කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අතවශ්‍ය සාධකයක් බවයි.

Connet With Us