රෝහල් කනිෂ්ඨ සේවකයෝ අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි

Published in පුවත්
Thursday, 14 August 2014 13:39
තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ගෙන ගිය වෘත්තීය කි‍්‍රයාමාර්ගයට බලධාරීන් යහපත් ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රෝහල් කනිෂ්ඨ සේවකයෝ  සූදානම් වෙති. 
 
සමස්ත ලංකා සුව සේවා සංගමය පවසන්නේ තම ඉල්ලීම් වෙනුවෙන් සාකච්ඡාවක් ලබා දී පිළිගත හැකි විසඳුමක් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියද එය ඉටු නොවූ බවයි.
 
 ඒ අනුව ලබන බදාදා දිනයේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.  එහි ප‍්‍රධාන ලේකම් සමන්ත කෝරලේආරච්චි පහතා පවසන්නේ ඊයේ දිනයේ ඇමැතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද උත්තරයක් නොලැබුණු නිසා ඇමැතිවරයාට මේ සම්බන්ධයෙන් දින හතක් කල් දෙන බවයි.
 
එම දින හත තුළ සාකච්ඡාවක් දී මේ ප‍්‍රශ්නයට උත්තර දෙන්න ආණ්ඩුව අසමත් වනවා නම් අගෝස්තු මස 21 වනදා උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් මේ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 40000ක පමණ පිරිසක් සහභාගි කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා. ටී.එල්. සහ එම්.එම්. කාණ්ඩවල හිග වැටුප ලබාදීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් මෙම කි‍්‍රයාමාර්ගය ආරම්භ කිරීමට නියමිතය.
 
ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලයට ප‍්‍රමුඛ සමස්ත ලංකා සුව සේවා සංගමයේ නියෝජිතයින් ඊයේ දියත් කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට සුළු බාධා එල්ල වූ බවට වාර්තා පළ වුණා. ඇතැම් රෝහල්වල කටයුතු සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සහය ලබාගත් බවද සැලවේ.
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us