subash

subash

දැනට පවතින නියගය  උපකාරයක් කරගනිමින් ලංකාවේ ජලය විකීණිමට මේ වනවියට ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වේ. උතුරු මැද පළාතේ ජල මුලාශ‍්‍ර කිහිපයක් පෞද්ගලික සමාගමි වලට බදු දීම,ජල ව්‍යාපෘති සදහා ලෝක බැංකු ආධාර සහිත ව්‍යාපෘති දියත් කිරීම, වැකඩ වැව වැනි වැවි පිටරට සමාගමි වලට බදු දීම. වයඹ පළාත් වාරි කළමණාකරන පනත සම්මත කිරීම හා අනෙක් පළාත් සභා තුළට  වාරි කළමණාකරන පනත් ගෙන ඒමට දරණ උත්සහයන් හරහා ලංකාවේ සැම ජල බිදුවක්ම විකිණීමට මෙි වනවිට කටයුතු කරමින් පවතී.

දිවයිනපුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (13) දිනයේ වැඩ වර්ජනයක නිරත වේ.

දකුණතින් මද වේග පන්දු යවන ළහිරු ගමගේ ශ්‍රී ලංකා සංචිතයට හදිසියේම කැඳවා ඇත. ඒ ආබාධයට ලක්ව සිටින ශමින්ද එරංගගේ අඩුව පුරවාලීමටය.

විශාරද ගුණදාස කපුගේ මහතාගේ දියණිය මේ දිනවල ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බළකායට අලුතෙන් එක්වී සාර්ථකව පුහුණුව නිම කළ දමිළ ජාතික තරුණියන් 26 දෙනෙකුගේ විසිරයාම පෙරේදා (09) කිලිනොච්චිය පිහිටි 09 වන සංඥා බලකා යුද හමුදා කඳවුරේදී උත්සවාකාරයෙන් සිදු විය.

නාවල පදිංචි දොස්තර ඊ ඒ ප්‍රියංගා (47) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරී රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ දොස්තර නිමල් ගමගේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

නීති විරෝධි මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් කොක්කඩිචෝලෙයි ප‍්‍රදේශයේදී පහරදීමකට ලක්ව ඇත.

ඩුබායි හිදී මියගිය කහටගස්දිගිලිය, පන්වැල්ලේ පදිංචි යු.ඞී සෝමලතා මහත්මියගේ දේහය මව්බිමට ගෙන්වා ගැනීම පමා වෙමින් තිබෙන්නේ ඇගේ මරණය සම්බන්ධයෙන් පරික්‍ෂණ තවමත් අවසන් නොමැති නිසා බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

බොදුබල සේනා, සිංහල රාවය සහ තව්හිද් ජමාද් යන සංවිධාන විසින් අද  (13 දා) කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතා ව්‍යාපාර සහ පෙළපාළි තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිප‍්‍රකට ටෙලි නිළි රෙබෙකා නිර්මලී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

Connet With Us