ජල පනත් ගෙන එයි, වැව් බදු දෙයි, වතුර විකුණයි!

Published in පුවත්
Wednesday, 13 August 2014 11:04
දැනට පවතින නියගය  උපකාරයක් කරගනිමින් ලංකාවේ ජලය විකීණිමට මේ වනවියට ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වේ. උතුරු මැද පළාතේ ජල මුලාශ‍්‍ර කිහිපයක් පෞද්ගලික සමාගමි වලට බදු දීම,ජල ව්‍යාපෘති සදහා ලෝක බැංකු ආධාර සහිත ව්‍යාපෘති දියත් කිරීම, වැකඩ වැව වැනි වැවි පිටරට සමාගමි වලට බදු දීම. වයඹ පළාත් වාරි කළමණාකරන පනත සම්මත කිරීම හා අනෙක් පළාත් සභා තුළට  වාරි කළමණාකරන පනත් ගෙන ඒමට දරණ උත්සහයන් හරහා ලංකාවේ සැම ජල බිදුවක්ම විකිණීමට මෙි වනවිට කටයුතු කරමින් පවතී.
 
ලංකාවේ පිරිසිදු ජලය ඉතා සීඝ‍්‍ර ලෙස විනාශකරමින් යන මොහොතක ජලය වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමට ලෝකයේ බලවත් රාජ්‍යන් මෙන්ම සමාගම් මේ වනවිට මැදිහත්ව කටයුතු කරමින් සිටී. 
 
මව් මරා පව් සමාකරන හැඩයේ සංවර්ධනය විසින් විනාශය කරා ඇද දමා ඇති මහ පොළොවේ ජීවය වන ජලය දිනෙන් දින දූෂණය නාස්තිය, නාගරීකරණය ආදී හේතූන් නිසා විනාශ වෙමින් පවතී.
 
යුනෙස්කෝ සංවිධානය පවසන ආකාරයට දිනකට අපවිත‍්‍ර ජලය මිලියන දෙකක ප‍්‍රමාණයක් ලොව පුරා ඇති පිරිසිදු ජල මූලාශ‍්‍ර වෙත ගලා ඒමට සලස්වා ඇත. වසරකට ටොන් මිලියන 300-400ත් අතර ප‍්‍රමාණයක බැර ලෝහ ජලයට එක්වීම නිසා ලොව පුරා සීඝ‍්‍ර ලෙස පිරිසිදු ජලය හා ජල මූලාශ‍්‍ර විනාශ වෙමින් පවතී. 
ජල නාස්තිය හා දූෂණය ලොවපුරා ප‍්‍රබල පාරිසරික ප‍්‍රශ්නයක් බවට පරිවර්තනය වී ඇති අතර අපිරිසිදු ජලය පානය කිරීම නිසා දිනකට ලොව පුරා මිය යන සංඛ්‍යාව 14000 දක්වා ඉහල ගොස් ඇත. 
 
නමුත් ජලය අපවිත‍්‍ර කරන සමාගම් හෝ ආයතන මිය යන ජනතාවවත්, වැනසෙන පරිසරයවත් වෙනුවෙන් වග කියන්නේ නැත. සියලූ විනාශයන්ගෙන් ගැලවී ඉතිරි වන ජලය දිය පොදක් බීමට නැති ජනතාවට විකිණීම වෙනුවෙන් ලොව පුරා කටයුතු සිදුවෙමින් පවතී. ශ‍්‍රී ලංකාව තුළත් එම තත්ත්වය එසේමය.
 
තුන්වන ලෝකයේ රටවල්වල සොබාදහම මංකොල්ල කෑමේ කි‍්‍රයාවලිය  අද ඒ රටවල ජල සම්පත කොල්ලා කෑම දක්වා විහිදී ඇත. ඒ අනුව මේ වනවිට ලංකාවේ වටිනාම ස්වාභාවික සම්පත ලෙස හැඳින්විය හැකි ජල සම්පත බහුජාතික සමාගම් විසින් කොල්ලාකෑමේ කුමන්ත‍්‍රණය, ජල කළමණාකරනය නමින් කරළියට පැමිණ තිබේ. එහි ආසන්නම අවස්ථාව ලෙස වයඔ ජල පනත නොමනා ලෙස සමිමත කර ගැනීම හැදින්විය හැකිය.
 
ජලය ස්වාභාවික සම්පතකි. එය කාගේවත් නිපැයුමක් නොව සොබාදහමේ කි‍්‍රයාකාරිත්වය නිසාම අපට ලැබෙන්නකි. මහ පොළොව මත ජීවයේ පැවැත්ම ජලය මත රැඳී තිබෙන නිසා, තම මූලික අවශ්‍යතාවන් වෙනුවෙන් ජලය ලබා ගැනිමට ස්වාභාවික අයිතියක් මේ පොළොවේ සිටින හැම ජිවියෙකුටම ඇත. ඒ අනුව මිනිසාටද එය  එය එසේමයෙ. රතු ඉන්දියානු නායක සියැටෙල් තම ඓතිහාසික ලිපියෙන් ඇමරිකානු සුදු ජනනාධිපති ගෙන් විමසූ ලෙස, සෙබාදහමේ කිසිවක් සියවෙකුට හෝ අයිති නැති නිසා ඒවා විකිණීම හෝ මිලයට ගැනිම සිදු කරන්නේ කෙසේද? යන ප‍්‍රශ්නය  අපටත් ඇති වේ. මක් නිසාද යත් ජලය විකණූ රට වල සැම දිය බිදක්ම වෙළද භාණ්ඩයක් වූවා පමණක් නොව සෝබා දහමේ අන්තර් සබදතාව බිදී යාම. ආහාර නිෂ්පාදනයට ජලය නොමැති වීම,ජෛව විවිධත්වය විනාශවී යාම ජලය විකිණිමේ ප‍්‍රතිපල ලෙස අද ඉතිරිව ඇත,
ලෝක බැංකුව ,ආසියානු සංවර්ධන බැංකුව හා ඇතුලූ මෙරට පාලනයට අත ගසා සිටින බැංකු මැදිහත් විම මත ශී‍්‍ර ලංකවේ ජල සම්පතද පෞද්ගලිකකරන කිරීමේ මුල් පියවර මේ වනවිට ආරම්භ වී ඇත. ලෝක බැංකුව මෙන්ම ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලද තමන් සපයන ණය වලදි ජලය පෞද්ගලීකරනය කළ යුතු බවට කොන්දේසි පනවයි.  පෞද්ගලීකරනය වන ජලයේ පාලනය සතු වන්නේ අතලොස්සකි වූ බහුජාතික සමාගම් වෙතටය.  ඔවුන් තමන්ගේ ලාභදායි පාරිභෝගියන් ලෙස සලකන්නේ  තමන්ට වඩාත් ලාභදායක ලෙස ජලය අලවි කළ හැකි මහපරිමාණයේන් ජලය භාවිතා කර්මාන්තකරුවන්, හෝටල් වැනි සේවා සපයන්නන් සහ දැවැන්ත වගාකරුවන්ය. තමන්ට ලාභදායක නොවන සාමාන්‍ය ජනතාව වෙත සේවා සැපයිමට බහුජාතික සමාගම්වලට වගකිමක් හෝ උවමනාවක් නැතිවිම මෙහි ඇති අර්බුදකාරි තත්වයයි. 
 
ලොවපුරා ජලය පෞද්ගලීකරන කි‍්‍රයාවලි මෙහෙයවනු ලබන්නේ සහ ඉන්පසු එහි පාලනය අත්පත් කරගනු ලබන්නේ ලොව ප‍්‍රභලම බහුජාතික සමාගම් අතලොස්සක් විසින්ය.  ජලය සොබාදහම විසින් ලබා දෙන දෙයක් නිසා ඊට නිෂ්පාදන වියදමක් නොමැත. ඒනිසා  ජලය වෙළඳාම මගින් අති විශාල වූ ලාභයක් ලබා ගත හැකිය. මෙම තත්වය ඇමරිකාවේ මුල් පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන ෆෝචූන් සඟරාව 2000 මැයි කලාපයේ මෙසේ දක්වා තිබුණි. ‘‘ . . . . හැම දෙනාටම අවශ්‍ය, අනාගතයෙදි තවතවත් අවශ්‍ය වන ජලය, ලොව දැවැන්තම ව්‍යාපාරික අවස්ථාවන් බිහි කරමින් පෞද්ගලීකරනය වෙමින් ඇත. ඒ සඳහා දැන් අති විහාල මුදල් ප‍්‍රමානයක් ආයෝජනය කරමින් ඇත. . . . .’’
 
 දැවැන් බහුජාතික සමාගම්වල මේ උනන්දුව හමුවේ අපේ රටවල ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට මේ බලපෑම ප‍්‍රතික්ෂේප කිරිම අසිරු විමද පුදුම විය යුතු නැත.  රාජය අංශයේ සහ පෞද්ගලික අංහයේ ජලය පිළිබදව ඇති ප‍්‍රතිපත්තීන් සහ දැක්ම දෙයාකාර වේ.  ස්වාභාවිත සම්පතක් වන ජලය ජීවීන්ට අත්‍යාවශ්‍යම දෙයක් වන නිසා, ඊට නිදහස්ව ප‍්‍රවේශ විම සහ භාවිතාව ලාභය මත පදනම් නොවි, මූලික අයිතිය මත ලැබිය යුතු දෙයක් බවත්, එම අයිතිය ජනතාවට සුරක්ෂිත කිරිම සෑම රජයේ වගකිමක් වේ. අනෙක් අතට විවෘත ආර්ථිකය පිළිගැනිම නිසා, ජලය යනු ආර්ථික භාණ්ඩයක් බවත්, ඒ නිසා එය වෙළඳ භාණ්ඩයක් වන බවත්, ඒනිසාම එය වෙළඳපොල බලවේගවල මූලධර්ම මගින් නිදහසේ පාලනය විමට ඉඩ හැරිය යුතු බවත් විවෘත වෙළඳ පොල ක‍්‍රමය පිළිගන්නා රටවලට සිදු වේ. ඒනිසා ලංකාව ඇතුලූ විවෘත වෙළඳපොළ ආර්ථික ක‍්‍රමය පිළිගන්නා රටවලට අවසාන වශයෙන් ජනතාව පසෙක තබා, තමන්ට උපදෙස් සහ ණය ලබාදෙන අය කියන ආකාරයට ජල සමපතපෞද්ගලික කරනය කිරිමට අවශය පියවර රහස් සහ කුමන්ත‍්‍රණකාරී ලෙස ගැනිමට සිදුව ඇත. 
 
අන්තර්ජාතික වශයෙන් මෙම කුමන්ත‍්‍රණය සැළසුම් කිරීමට හා කි‍්‍රයාත්මක කිරීම සඳහා IIMI (ඉමි) ලෙස හදුන්වන ජාත්‍යාන්තර වාරිමාර්ග කළමණාකරන ආයතනය (International Irrigation Management Institute)  1985දි පිහිටු වන ලද්දේද ශී‍්‍ර ලංකාව තුළය. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ ජලය සම්පත පෞද්ගලිකකරනය කිරීමේ සැළසුම් අසියානු සංවර්ධන බැංකුවේ හා ඇමරිකානු ආධාර ආයතනයේ (USAID)  සහය මත සකස් කිරීම ඇරඹී ඇත්තේ 1993 වසරේදීය. එහෙත් ඇති විය හැකි ජනතා විරෝධයට මුහුණ දිමට තිබූ බිය නිසා, එය කි‍්‍රයාත්මක මට්ටමට ගෙන ඒම ප‍්‍රමාද විය. ඒ වෙනුවෙන් 1996දී බිහි කළ ජල සම්පත් ලේකම් කාර්යාලයද මෙම ඉමි ආයතනය තුළම පිහිටුවීය. පසුව මෙහි නම වෙනස් කළ අතර අද එය හැඳින්වෙන්නේ ජාත්‍යාන්තර ජල කළමණාකරන ආයතනය (Internationl Water Managment Institute - IWMI ) නමින්ය. 
පොදු සම්පත්ක් වන ජල සම්පත පෞද්ගලිකකරනය කිරිම සඳහා වන මෙම කුමන්ත‍්‍රණයේ පදනම වන්නේ, මෙරට ජල සම්පත වඩාත් කාර්යක්ෂම ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීම සඳහා යයි කියමින් ජාතික ජල ප‍්‍රතිපත්තියක් සකස් කිරිමයි. එ් අනුව සැකසෙන මෙම ප‍්‍රතිපත්ති ලේඛනය හඳුන්වා දී ඇත්තේ ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තිය හා ආයතනික සකස් කිරීම (National Water Resources Policy and Institutional Arrangements)  ලෙසයි.
 
නමුත් අපට ඇති ප‍්‍රශ්නය රජයට ජලයේ අයිතිය පවරා ගැනීමට හැකිද යන්නයි.මේ ගැන පොස්පේට් නිධිය විකිණිමට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම්  නඩුවේ තීන්දුව මගින් පැහැදිලිව පෙන්වාදි ඇත. එම තීන්දුවට පාදක වී ඇත්තේ මිහිඳු හිමියන් විසින් දේවානම් පියතිස්ස රජුට පැවසූ,  ‘‘ මහරජ මේ පොළවේ ජිවත් වන හැම සතෙකුටම හා ගස්වැල්වලට මෙහි ජීවත් වීමට නිදහස හා අයිතිය ඇත. ඔබ මෙහි භාරකරු මිස හිමිකරු නොවේ. . .’’ යන ප‍්‍රකාශයයි. ඒ අනුව මෙරට පවතින බෞද්ධ නීති සංකල්පයන්ට අනුව රජය ස්වාභාවික සම්පත්වල භාරකරු මිස හිමිකරු නොවේ. ඒනිසා ඒවායේ අයිතිය රජය වෙත පවරා ගැනීම කළ නොහැකිය. සියලූ ස්වාභාවික සම්පත් මහ පොළවේ ජීවත් වන සෑම දෙනාගේම යහපත හා භාවිතය වෙනුවෙන් පැවතිය යුතුය. මෙසේ කළමණාකරනය සඳහා ජලයේ අයිතිය රජයට පවරා ගත හැකි නම්, ඒ අනුව ඊළඟට කළමණාකරනය සඳහා යයි කියමින් වාතයේ අයිතියද රජයට පවරා ගත හැකිවනු ඇත. එවිට හුස්ම ගැනීමේ නිදහසද අපට අහිමිවනු ඇත. 
 
ඒ අනුව මෙම කළමණාකරණ වියදම යනු මෙතෙක් නිදහසේ ලැබුණු ජලය, භාණ්ඩයක් ලෙස ජනතාවට විකිණිම මගින් ඒ සමාගම් උපයන ආදායමයි. අනෙක් අතින් මෙතෙක් නොතිබණු ජල කළමණාකරන ආයතන තුනක් පවත්වා ගෙන යාමට අවශ්‍යය අති විශාල වියදම ජනතාවගෙන්ම ලබා ගැනීමයි. මිරිදිය සැබවින්ම ලෝකයේ ඇති දුර්ලභ හා වටිනාම  සම්පතකි. නමුත් නිරිත දිග හා ඊසාන දිග මෝසම් සුළං මගින් ශී‍්‍ර ලංකාවට වසරකට දෙවරක් විශාල වැසි ප‍්‍රමාණයක් ලැබේ. මෙය ලෝකයේ වාර්ෂික දල වර්ශාපතනය මෙන් තුන් ගුණයකට ආසන්න වේ. ඒනිසා මිරිදිය සම්පත අයිති කර ගැනීමට උවමනා මොනයම් හෝ බහු ජාතික සමාගමකට ලංකාව සුවිශේෂ රටකි. මේ පසුබිම මත ජාතික ජල කළමණාකරන ප‍්‍රතිපත්තියක් සැකසෙන්නේ  එමගින් දැනට පවතින ජල ප‍්‍රශ්නවලට පිළියම් කර, මෙරට කෘෂීකාර්මික සංවර්ධනය සඳහා ජලය බෙදා දීමට නොවේ. එවැනි උවමනාවක් තිබුණා නම් මේ ප‍්‍රතිපත්තිය සකස් කිරිමේදි විවෘතව ජනතාවගෙන් අදහස් ලබා ගත යුතුව තිබුණි.  බටහිර රටවල්වල ඇති දැඩි ලෙස පරිසරය හා ජලය දූෂණය කරන කර්මාන්තවලට අද ඒ රටවල්වල පරිසර නීති වලින් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. මේනිසා ඒවා ලංකාව වැනි පරිසර නීති දුර්වල හා බලපෑම් මත කි‍්‍රයාත්මක නොවන රටවල්වල පවත්වා ගෙන යාමට අවශ්‍යව තිබේ. 
 
එසේම බටහිර රටවලට අවශ්‍යය ගර්කින්, බේබිකෝන්, දුම්කොළ වැනි ඒ රටවල වගා කළ නොහැකි භෝග වගා කීරීමට මෙරට භූමිය හා ජලය ලබා ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා මුලින්ම මෙරට වී ගොවිතැන වනසා දැමිය යුතුය. දැනට එය සිදුවෙමින් පවතී’’’.
 
ශ‍්‍රී ලංකාවට ජල කළමණාකරයක් අවශ්‍යය බවට විවාදයක් නැත. නමුත් එය මෙරට අවශ්‍යතාවන් වෙනුවෙන් සිදු වන සෑබෑ ජල කළමණාකරනයන් විය යුතුය. මෙරට ජල සම්පත මනා ලෙස කළමණාකරනය කිරිමට අපේ මුතුන් මිත්තන් සමත් වූ නිසා, ලංකාව වසර 2500කට අධික කාලයක් කෘෂීකාර්මික රටක් ලෙස පවත්වා ගෙන යාමට හැකි විය. එසේම පෙරදිග ධාන්‍යාගාරය බවටද පත් කිරිමට හැකි විය. අපේ ජල සම්පත් කළමණාකරනයේ ප‍්‍රධාන න්‍යාය වූයේ ‘‘අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප‍්‍රයෝජනයක් ගෙන  මිස මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුය. . .’’ යන මහා පරාක‍්‍රම බාහු රජුගේ ප‍්‍රකාශයයි. 
 
ඒ අනුව අපේ ජල සම්පතේ පැවැත්ම සහතික කරන සුවිශේෂ පරිසර පද්ධති දෙකක් වන්නේ මෙරටට වැසි ඇති කරන වැසි වනාන්තර හා ඒ වැසි දිය මුහුදට ගලා යාම වලක්වා, ගොඩබිම තුළ රඳවා ගන්නා තෙත් බිම්ය. අතීතයේදි වියලි කළාපය පුරා වැව් දහස් ගණනක් ඉදි කර තිබුනේද ඒ වැසි ජලය රැස් කර ගැනීමටය. අද වනවිට මේ පරිසර පද්ධති විශාල වශයෙන් වැනසෙමින් පවතින අතර ජල සම්පත වැනසී යාමට එය දරුණු ලෙස බලපා තිබේ. පවත්නා රාජ්‍ය ප‍්‍රතිපත්ති හා පරිපාලන දුර්වලතා ඊට මුල් වී ඇත. ඒ නිසා මෙරට ජල සම්පත කළමණාකරනයේදී ගත යුතු මුල්ම පියවර වන්නේ වැනසී යන එම පරිසර පද්ධති රැක ගැනීමයි.
 
ගහ කොළ, සතා සිව්පාවා, මිනිසුන් වෙනුවෙන් නිදහස් ජල අයිතිය රැකගැනීම සඳහා සැමගේම දායකත්වය අත්‍යවශ්‍ය මොහොතක නිදහස් ජල අයිතියට එරෙහි වන සියලූම බලවේග පරාජය කළ හැකි වන්නේ සියලූම ආකාරයේ අධිරාජ්‍යවාදීනට එරෙහි සටනකින් බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. 
 
රවීන්ද්‍ර කාරියවසම්
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us