subash

subash

ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයය ප්‍රථම වතාවට ස්ත්‍රී හෝ පුරුෂ නොවන ලිංගිකත්වයෙන් යුත් අයැදුම්කරුවන් පිළිගෙන තිබේ.

තරුණ බව රැක ගැනීම සඳහා එන්නතක් ලබා ගැනීමෙන් පසු වෛද්‍යවරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරනයි.  ඒ අනුව අද උදෑසන ජාතික ඖෂධ අධිකාරියේ විශේෂ විමර්ෂණ කණ්ඩායමක් බම්බලපිටියේ පිහිටි අදාළ රූපලාවණ්‍ය සායන මධ්‍යස්ථානය පරීක්ෂා කළේය.

යුද හමුදාවේ කර්නල්වරුන් 24 දෙනකු බ්‍රිගේඩියර් නිලයට උසස් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා පියවර ගෙන ඇත.

යුද්ධයේදී අතුරුදහන් වුවන් සොයා බැලීමට කියමින් රාජපක්ෂ රෙජීමය පත් කළ ජනාධිපති කොමිෂමට පසුව  පත් කළ ජාත්‍යන්තර විශේෂඥයින් තිදෙනා අපරාධ කළ ලොක්කන් බේරා සොක්කන් පිට වරද පැටවීම ගැන ඉන්ටර්නැෂනල් කප් ගැසූ තිදෙනෙක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඉන්  එක් අයෙක් ගඩාෆි ඒකාධිපතියා බේරා ගැනීමට ඉදිරිපත් වූ කුප්‍රකට අයෙක් බවද අද හෙළිවිය. 

උතුරු ඉරාකයේ සින්ජා කඳුවැටියේ තුළ සිරවී සිටින යසිඩිස් නැමැති සුළු ජාතිකයිින් සමූල ඝාතනයට ලක්වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් බැහැදැක බොදු බල සේනා සංවිධානයෙන් ඇමතිවරුන්ට පෞද්ගලිකව එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත. 

ඌව පළාත් සභා මැතිවරණයේදී එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි. 

තව්හීඩ් ජමාත් සංවිධානය විසින් මේ වනවිට මරදාන මාලිගාවත්ත ප්‍ර දේශයෙන් ආරම්භ කර ඇති ඊශ්‍රායල් විරෝධී පෙළපාලිය ඉදිරියට පැමිණනුහොත් පහර දෙන දෙන පවසමින් බොදු බල සේනාවේ මහ ලේකම් මැර පිරිසක් සමග පෙළපාලිය ගමන් ගන්නා මාර්ගයේ රැඳි සිටී.

අද(13) දිනය තුළ සංවිධාන කිහිපයකට කිසිදු විරෝධතාවයක් සිදුනොකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණද මරදාන මාළිගාවත්ත සමන්තා ශාලාව  ප්‍රදේශයේ ඊශ්‍රායල් විරෝධී පෙළපාලික් මේ වන විට ගමන් කරමින් සිටින බව වාර්තාවේ.
ශ්‍රී ලංකාව සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරමින් සිටින බව එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 

Connet With Us