තව්හීඩ් ජමාත් සංවිධානය මෙය සංවිධානය කර තිබේ.
බොදු බල සේනා සංවිධානය, සිහළ රාවය සංවිධානය, තව්හීඩ් ජමාත් සංවිධානය යන සංවිධාන වලට බලපැවැත්වෙන පරිදි අදාළ නියෝගය ලබා දී තිබුණි.
එම සංවිධාන විසින් අද දිනයේ පෙළපාලි සහ විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැළසුම් කර ඇති බවට ලද තොරතුරු අනුව පිටකොටුව පොලිසිය විසින් අධිකරණය වෙත දැනුම් දී තිබූ අතර අදාළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.