වෛද්‍යවරියගේ මරණයට වෛද්‍යවරයා අත්අඩංගුවට

Published in පුවත්
Wednesday, 13 August 2014 09:35

නාවල පදිංචි දොස්තර ඊ ඒ ප්‍රියංගා (47) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරී රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ දොස්තර නිමල් ගමගේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


දොස්තර ප්‍රිංගා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝ්හලේ වෛද්‍යවරියකි.  ඇය ඊයේ සවස 4ට පමණ එම රූපලාවන්‍යාගාරයට රූපලාවන්‍ය කටයුත්තක් සඳහා ගොස් ඇති අතර එහිදී ඇයට ප්‍රතිජීවක ඖෂධයක් විදීමෙන් පසු ඇය මරණයට පත්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම රූපලාවන්‍යගාරය පවත්වාගෙන යනු ලැබුවේ නිමල් ගමගේ නමැති වෛද්‍යවරයකු වන අතර ඔහු MBBS උපාධිධාරියකු බවත්, ඊට අමතරව රූපලාවන්‍ය පිළිබඳ අමෙරිකාවේ විශේෂඥ පුහුණුව ලැබූවකු බවත් හඳුන්වා දී තිබේ.

එම රූපලාවන්‍යාගාරයේ දී සමේ පැහැය වැඩිකිරීම, ‍මේදය ඉවත් කිරීම ඇතුළු රූපලාවන්‍ය සත්කාර සිදුකර ඇත.

මෙම වෛද්‍යවරයා රූපවාහිනියේ මෙන්ම පුවත්පත් මාධ්‍යයේද ජනප්‍රිය පුද්ගලයෙකු වන අතර නවලිය පුවත්පතේ හා ජාතික රූපවාහිනියේ මෙම වෛද්‍යවරයාට ප්‍රමුඛ ස්ථානයක් ලබාදී තිබුණි.


දොස්තරට සුදුසුකම් නැහැ 



මොහු MBBS වෛද්‍යවරයෙකු විවත් කොස්මැටික් සර්ජරි කිරීඑම සඳහා කිසිදු සුසුදුකමක් ඔහු සතු නොවූ බව අප වෙත වාර්තා වේ.

ඔහු එය වසා ගත්තේ ඇමෙරිකන් ඇකඩමි ඔෆ් කොස්මෙටික් සර්ජරි සහ ලෝක කොස්මෙටික් සර්ජරි ඇකඩමියේ සාමාජිකයෙකු බව පවසාගනිමිනි.

කොස්මැටික් සර්ජරි කිරීමට සුදුසුකම් නොමැතිව එම නම භාවිතා කිරීම සම්බන්ධවද පසුගිය කාලයේ ගැටළු මතුවී තිබුණි.

නිමල් ගමගේ විසින් ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන සැත්කම වන්නේ ශරීරයේ තැන්පත් වන අනවශ්‍ය මේදය ඉවත් කිරීමයි. එය liposuction ලෙසින් හැදින්වෙනු ලැබේ. නිමල් ගමගේ විසින් මෙම සැත්කම සිදුකරනු ලබන්නේ මේද ඉවත්කරන ප්‍රදේශය නිර්වින්දනය කිරීමෙනි.


ඊයේ දින මියගිය වෛද්‍යවරිය මියගොස් ඇත්තේද නිර්වින්දන එන්නතක් ආසාත්මික තත්වයට පත්වීමෙන් බව වාර්තා වේ.

නිමල් ගමගේ සිය වෙබ් අඩවියේ ඔහු පිළිබඳව හඳුන්වාගෙන තිබුනේ මෙලෙසිනි.


මම ආවේ අවුරුදු විසිපහක් ඇමෙරිකාවේ වෛද්‍යවරයෙකු හැටියට විවිධ ක්ෂේත්‍ර වල පුහුනුව ලබාගෙනයි. මම ලංකාවට ඉදිරිපත් කරන්නේ ස්වභාවික ක්‍රමයට ලස්සන වෙන්නයි තරුණ වෙන්නයි හැකි නූතන රූපාලංකරණ වෛද්‍යවිද්‍යානුකූල ක්‍රමයි. 

අප වයසට යනවිට අපගේ ශරීරයේ සමහර තැන්වලින් මේදය තැන්පත් වීම නිසාත් තවත් සමහර තැන්වලින් මේදය ඉවත් වීම නිසාත් අපට මහලු රූපයක් ලැබෙනවා. බඩ, අත් යට ප්‍රදේශය, පිට, නිකට යට සහ කලවා වගේ ප්‍රදේශ වලට මේදය ලේසියෙන් තෑන්පත් වී යනවා. මම අලුත් ක්‍රම වලට අනුව හිරි වට්ටලා විතරක් මෙදය ඉවත් කරනවා. එතකොට පරන ක්‍රම වගේ අතුරු අබාද ඇති වන්නෙ නැහැ.

මොනවද පරණ ක්‍රම වල තියෙන අතුරු අබාද?

1. ඇසාදන ඇතිවීම.


2. මේ නිසා බොහෝ දෙනා පිටරට ගොස් මෙම සැත්කම් කරන්නට පෙලඹුනා. එහෙත් පිටරට ගියත් බොහෝ තැන්වල තවමත් එම සැත්කම් කරන්නේ පරන ක්‍රමයට නිසා හම රැලිවීම සහ අවලස්සන වීම වලක්වන්නට බැරිවුනා. මගේ අලුත් ක්‍රම වලට මේ විදියට බය වෙන්න අවශ්ය නැහැ.


3. ලෙඩ්ඩු මැරෙන්න පුලුවන් භයානක අතුරු අබාද. මගේ ක්‍රමය දැන් 11000 කර අදික ප්‍රමානයක් කරල තියෙනව එකම ලෙඩෙක් වත් මැරිලා හෝ අතුරු අබාද වලට පත් වෙලා හෝ නැහැ.

4. පරන ක්‍රම වලට ඔපරේශන් එකෙන් පස්සෙ ලෙඩාට ගොඩක් කැක්කුමක් ඇති වෙනවා. ඒ වගේම ලේ පැල්ලම් ඇති වෙනවා. අලුත් ක්‍රම වලට මේ වගේ දේවල් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ලෙඩ්ඩු ඔපරේශන් කරල ඊලඟ දවසෙ වැඩටත් යනවා.

ඇමෙරිකවේ හර්දය වෛද්‍ය විශේශඥ වරයෙකු හැටියටත් මම පුහුනු වී තිබෙන නිසා මගේ ලෙඩ්ඩුන්ට කිසිම අතුරු අබාදයක් නැතිව ඔපරේශන් කර දෙන්න මට හැකියාව තිබෙනවා.

දැන් ඔබේ කලින් තිබුනු ලස්සන ශරීරය ඒ විදියටම ලබාගන්නට පුලුවන් වගේම ඔබගේ තරුන ලස්සන මුහුණත් ඒ විදියටම ලබාගන්නටත් පුලුවන්. අපේ මුහුන වයසට යන්නේ ඇයි. ස්වබවයට අනුව ගැහැනු කෙනෙක් වයස තිස් පහකට පස්සේ ලස්සන වීමෙන් ස්වභාව ධර්මයට වැඩක් නැහැ. මොකද එතකොට එයාලට දරොවෝ හදන කාලය පැනල ඉවරයි. 

වයස හතලිහෙන් පස්සේ පිරිමින්ටත් වයසට යාම ඉක්මනින් සිදුවෙනවා.මූණ වගේම අපේ පස්ස පැත්තත් ඒ වගේම පියයුරු ප්‍රෙදේශයත් මේ විදියට ගොඩක් වයසට යනවා. එතකොට පරන ලස්සන පෙනුම නැතිවී ඒ ප්‍රදේශ වැටීමක් සිද්ද වෙනවා. 

අපේ වයසට යන ප්‍රදේශ වලින් ගත්ත මේදය තැන්පත් කරලා දැන් අපිට පුලුවන් අපේ කලින් තිබුනු ලස්සන තරුණ ශරීරය ලබා ගන්න.

(මුලාශ්‍රය - gossipbook.lk)

Leave a comment

 

ld add copy

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us