දමිළ තරුණියෝ 26ක් යුද හමුදාවට

Published in පුවත්
Wednesday, 13 August 2014 09:53

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බළකායට අලුතෙන් එක්වී සාර්ථකව පුහුණුව නිම කළ දමිළ ජාතික තරුණියන් 26 දෙනෙකුගේ විසිරයාම පෙරේදා (09) කිලිනොච්චිය පිහිටි 09 වන සංඥා බලකා යුද හමුදා කඳවුරේදී උත්සවාකාරයෙන් සිදු විය.

විසිරයාමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයින් ලෙස කිලිනොච්චිය දිසාපති රූපවතී කේතීස්වරන් හා කිලිනොච්චිය ආඥාපති මේජර් ‍ජනරාල් සුදන්ත රණසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර කිලිනොච්චිය ප්‍රදේශයේ සියලු හමුදා ප්‍රධානීන්ද නව හමුදා සෙබලියන්ගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන්ද එක්ව සිටියහ.

පසුගිය අප්‍රේල් මාසයේ 6 දින ආධුනික සෙබළියන් ලෙස හමුදාවට මෙම තරුණියන් බඳවා ගැනීම සිදු වූ අතර මාස 4ක හමුදාව පුහුණුව (අවිරහිත) ලබාදීමෙන් පසු ආධුනික සෙබළියන්ගේ විසිරයාම පෙරේදා (09) උත්සවාකාරයෙන් සිදු විය. ඉදිරියේදී මෙම සෙබළියන් හමුදාවේ කාර්යාල කටයුතු හා ප්‍රදේශයේ සිවිල් සම්බන්ධීකරණ කටයුතු සඳහා යොදවන බවද හමුදාව පවසයි.

පුහුණු කාලය තුල මෙම සෙබළියන් සඳහා සිංහල, ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීම, පරිගණක පුහුණුව ලබාදීම, මල් සැරසිලි, රූපලාවන්‍ය, මැහුම් ගෙතුම්, කේක් සැරසිලි ඇතුළු අත්කම් පිළිබඳ පුහුණුව ලබාදීමද සිදුව ඇති අතර දිවයිනේ සුවිශේෂ වැදගත්කමකින් යුත් ස්ථාන දැක බලා ගැනීමටද අවස්ථාව උදාකරදී තිබිණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බලකායට දමිළ සෙබළියන් බඳවා ගත් සිවුවන අවස්ථාව මෙය වන අතර මීට පෙර වත්මන් යාපනය ආඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කිලිනොච්චියෙන්, වන්නි ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතාගේ වවුනියාවෙන්, මුලතිවු ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ මෙහෙයවීම මත මුලතිව් ප්‍රදේශයෙන් බඳවා ගැනීම් සිදු වූ අතර මෙවර බඳවා ගැනීම සිදු වූයේ කිලිනොච්චිය ආඥාපති මේජර් ‍ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ පූර්ණ මෙහෙයවීම යටතේය.

ජාතීන් අතර සබැඳියාව වර්ධනය කිරීමට හා දමිළ සමාජයේ ඇතැම් පිරිස් අතර ශ්‍රී ලංකා හමුදාව පිළිබඳ තිබෙන වැරැදි ආකල්ප දුරු කිරීමට මෙන්ම හමුදාව මඟින් ලබා දෙන සේවාවන් විදිමත් අයුරින් උතුරේ ජන සමාජයට සමීප කිරීම යන අංශවලින් මෙම බඳවා ගැනීම් සුවිශේෂ වේ.

මෙහිදී සෑම අතින්ම අතිශූර සෙබළිය ලෙස සෙ / 79649 සාන්දස්ව රූවිනි පළඳනාව හා කුසලාන හිමිකරගත් අතර පාඨමාලාවේ දක්ෂතම ශාරීරික යෝග්‍යතාවයෙන් යුතු සෙබළිය ලෙස සෙ / 79946 එම්.එස්. රුවිනි, දක්ෂතම ඛණ්ඩභාර නිලධාරිනිය ලෙස ලුතිනන් පී.පී. ප්‍රනාන්දු, දක්ෂතම ඛණ්ඩභාර සැරයන්වරිය ලෙස ඒ.ජී.එන්.පී. අලුත්ගෙදර ද දක්ෂතම පෙළ අණ දෙන්නිය ලෙස ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්. ඩබ්ලිව්. ජී. සමන්මලී යන අයද සම්මාන ලැබුවාය.

විසිර යාමේ පෙළපාලියට සමගාමීව යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම ඉදිරිපත් කළ අලංකාර තූර්යවාදන සංදර්ශනයක්, යුද හමුදා යතුරුපැදි සංදර්ශනයක්, හමුදා ඉංජිනේරු සේවා බලකාය ඉදිරිපත් කළ ප්‍රායෝගික නිපුණතා සංදර්ශනයක් හා යුද හමුදා කොමාන්ඩෝ බළකාය ඉදිරිපත් කළ සුනඛ සංදර්ශනයක්ද, දමිළ සංස්කෘතියට මුල්තැන දෙමින් ආධුනික සෙබළියන් ගේ සහභාගීත්ව‍යද ඇතිව නැටුම්, ගැයුම් ඇතුළත් සංස්කෘතික ප්‍රසංගයක්ද මෙහිදී පැවැත්විණි.

A Kln 2

A Kln 3

A Kln 5

A Kln 8

A Kln 9

Last modified on Wednesday, 13 August 2014 09:58

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us