ඩුබායි හිදී මියගිය කතගේ සිරුර තාමත් නැහැ

Published in පුවත්
Wednesday, 13 August 2014 09:07

ඩුබායි හිදී මියගිය කහටගස්දිගිලිය, පන්වැල්ලේ පදිංචි යු.ඞී සෝමලතා මහත්මියගේ දේහය මව්බිමට ගෙන්වා ගැනීම පමා වෙමින් තිබෙන්නේ ඇගේ මරණය සම්බන්ධයෙන් පරික්‍ෂණ තවමත් අවසන් නොමැති නිසා බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

 මුලින් ප‍්‍රකාශ කෙරුණේ මෙම මරණය සියදිවි නසා ගැනිමක් බවයි. එහෙත් ඒ බව පිළිගත නොහැකි බවද මරණය සැකසහිත බවද සෝමලතා මහත්මියගේ ඥාතීන් ප‍්‍රකාශ කර ඇත.

 මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ ආරම්භ වුයේ ඒ අනුව බව  ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 එවැනි පරික්‍ෂණ අවසන් වීමට කිසියම් කාලයක් ගතවන බවද එයින් පෙන්වා දී ඇත. .තවද අදාල පරික්‍ෂණ අවසන් වීමෙන් පසුව සෝමලතා මහත්මියගේ දේහය මව්බිමට ගෙන්වා ගන්නා බවද එහි සඳහන්වේ.


සිය ඥාතිවරියගේ දේහය කඩිනමින් ශ‍්‍රී ලංකාවට ගෙන්වා දෙන්නැයි බලකරමින් යු.ඞී සෝමලතා මහත්මියගේ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් අනුරාධපුරයේ දී ඊයේ උද්ඝෝෂණයක නිරතවිය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us