ශෂීන්ද්‍ර, ආච්චිලාට සනීපාරක්ෂක තුවා ඛෙදලා

Published in පුවත්
Thursday, 14 August 2014 19:55

ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමැති සහ යළිත් වරක් එජනිස යෙන් මහ ඇමැති තනතුරට තරඟ කරන ශෂීන්ද්‍ර රාජපක්ෂ වැල්ලවාය ප්‍රදේශයේ වයස 60 පැන්න කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා බෙදා ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුව ඡන්ද ලබා ගැනීම සඳහා විවිධ දේ නොමිලේ ඛෙදමින් ඡන්ද දායකයන්ට අල්ලස් දීම දැන් සම්ප්‍රදායක් ලෙස කරගෙන යන අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ පුදුමාකාර දෑ නොමිලේ බෙදන්නේය.


පසුගියදා මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ පිට්ටනියකට මහා පරිමාණයෙන් භාණ්ඩ රැස්කොට ඡන්ද දායකයන්ට බෙදීමක් සිදුකරන ලදී.

එහිදී බෙදන ලද භාණ්ඩ අතර ගස් කපන යාන්ත්‍රික කියත්, විදුලි වතුර මෝටර්, ලී යතු ගාන විදුලි උපකරණ, පමණක් නොව අත් ට්‍රැක්ටර් ද විය.

මෙහිදී වතුර මෝටරයක් ලැබුණු එක් අයෙක් ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුගේ සාප්පුවේද වතුර මෝටර් අලෙවි කිරීමට තබා තිඛෙන තරමේ ධනවතෙකි. ඔහුටද නොමිලේ තවත් වතුර මෝටරයක් ලැබී තිබිණ. සමහර ජවිපෙ ප්‍රාදේශීය සංවිධාක වරුන්ට පවා නොමිලේ භාණ්ඩ බෙදා තිබිණ.

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ භාණ්ඩ ඛෙදීමේ විසිළු ස්වරූපය පෙන්නුම් කළ සිද්ධියක් වූයේ වයස 60 පැන ඇති කාන්තාවකට සනීපාරක්ෂක තුවා පාර්සලයක් බෙදා තිබීමයි.

කෙසේ වෙතත් ශෂීන්ද්‍ර රාජපක්ෂ සියළු මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිටින අතර දිස්ත්‍රික්කයේ ගමන් කරන සෑම පුද්ගලික සහ රජයේ බස් රථයකටම පිටුපස වීදුරුව වසා ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ඩිජිටල් ස්ටිකරයක් අලවා තිබේ. මෙය මැතිවරණ නීති උල්ලංඝණයක් පමණක් නොව රථවාහන නීති උල්ලංඝණයක් ද වේ.

Last modified on Thursday, 14 August 2014 20:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us