මංගලගේ ප්‍රකාශය ද්වේශ සහගතයි' -රජය

Published in පුවත්
Friday, 15 August 2014 09:22


අන්තර් ජාතික විශේෂඥයින් තිදෙනා පත් කළේ රජය ආරක්ෂා කිරීමේ අරමුණෙන් බවට බවට  එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය බැහැර කරන කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා,  එය ද්වේශ සහගතව කළ ප්‍රකාශයක් බවකියා සිටියි.

උතුරේ යුද්ධයේදී අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමේ කොමිසමේ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ උපදෙස් දීම සඳහා අන්තර් ජාතික විශේෂඥයින් තිදෙනෙකු පත් කලත් ඔවුන් ඒකාධිපති නායකයන් රැක ගැනීමේ අත්දැකීම් ඇති අය බවත් රාජ්‍ය නායකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ඔවුන් පත්කොට ඇති බවත් මංගල සමරවීර මන්ත්‍රීවරයා පෙරේදා පැවති  මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මංගල සමරවීර මන්ත්‍රීවරයා පෙන්වා දීමට උත්සාහ දරා ඇත්තේ රජය සහ රජයේ ප්‍රධානීන් ලෙස ක්‍රියා කරන පුද්ගලයන් දඬුවම් ලබන තැනකට ගෙන ආ යුතු බව යයි අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දැක්වූ රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසුවේය.

“ඒ නිසාම ඉදිරියේදී එවැනි දේ බලාපොරොත්තු විය හැකියි. එතකොට අපි බලමු, ” ඇමතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය

රටේ නායකයන් ආරක්ෂා කරගැනීම ආණ්ඩුවක වගකීමක් බව අවධාරණය කල   කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා , 'ඇඩ්වයිස්  ගන්නේ බේරගන්න කට්ටියගෙන් තමයි..බේරන්නේ නැති අයගේ ඇඩ්වයිස් ගන්නේ නැහැ..'' යයි ද ප්‍රකාශ කර සිටියේය. 

 

Last modified on Friday, 15 August 2014 10:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us