ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉරාකයේ රඳවාගෙන

Published in පුවත්
Friday, 15 August 2014 09:26

 ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රාන්තයේ, යුද හමුදා බලපෑමට ලක්ව සිටි බව පැවැසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් දස දෙනෙක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙති.

යුද වාතාවරණය හේතුවෙන් සමහරකු ආපසු රටට පැමිණෙන නමුත් ඇතැම් සේවා යෝජකයන් හමුදාව උපයෝගී කර ගෙන රටෙන් පිටවී යාමට උත්සාහ කරන අයට බාධා කරන බවත් හිරිහැර කරන බවත් ආපසු පැමිණි අය පවසති.

විශේෂයෙන් කුර්දිස්තාන් එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය කල ශ්‍රී ලාංකිකයන්ද ඊට මුහුණ දී සිටිති.

37 දෙනෙකු රහස් ස්ථානයක රඳවා ගෙන සිටින බව, ආපසු පැමිණි නම සඳහන් කිරීමට අකමැති මඩකලපුවේ වාලක්කාලයි පදිංචිකරුවෙක් ප්‍රකාශ කළේය.

ඔවුන්ගෙන් සමහරෙක් මේ බව ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ට ද දැනුම් දී තිබිණ.

ශ්‍රී ලංකාවට පැමිණි දස දෙනා අතරින් කෙනෙකු වන මඩකලපුව වාලක්කාලයි පදිංචි 24 හැවිරිදි තරුණයෙකු කියා සිටියේ තමන් රැකියාව කල එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපල යුද්ධය හේතුවෙන් වසා ඇතත් තම සේවා යෝජකයා එහි තවදුරටත් සේවය කරන මෙන් බලපෑම් කල බවයි.

ඊට අකමැති වූ අයට හමුදාව පාවිච්චි කරමින් පහර දීම,රහස් ස්ථානවල රඳවා තැබීම ආදී හිරිහැර සිදු කළ බවයි ඔහු කියා සිටියේය. 


එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය කල 300 ට වැඩි පිරිසෙන් 39 දෙනෙකු ආපසු තම රටට යාමට කැමැත්ත පල කලත් හමුදාව විසින් ඒ අයගේ නවාතැන් වටලා, මාංචු දමා, රහස් ස්ථානයක රඳවා ගෙන සිටි බව පැවසූ ඔහු තමන් ඇතුළු දස දෙනෙකු පමණක් ආපසු එවූ බව සඳහන් කළේය.

යුද්ධය හේතුවෙන් ඒ රටේ පවතින අනාරක්ෂිත තත්වය සැලකිල්ලට ගෙන , එහි රැකියාව කරන ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුය යන අපේක්ෂාව හා ඉල්ලීම ද රජයට ඉදිරිපත් කර සිටින ඔහු විශේෂ ගුවන් යානා යවා,ඉන්දියාව තම පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබූ බව සඳහන් කළේය.

(බිබිසි)

 140814105932 lankans kurdistan 512x288 bbc

එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිරිසිඳු කිරීමේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෝ

140814105700 lankans kurdistan 512x288 bbc


එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා අංශයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෝ

140814105117 lankans kurdistan 512x288 bbc

එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය කල ශ්‍රී ලාංකිකයන්ගේ නවාතැන්

Last modified on Friday, 15 August 2014 09:35

Leave a comment

 

ld add copy

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us