වටරැක හිමියන්ගෙන් දුක්බර කතාවක් (වීඩියෝ)

Published in පුවත්
Friday, 15 August 2014 09:49

ජන බල සේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමියෝ හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

උන්වහන්සේ ශල්‍ය කර්මයකට භාජනය කරනු ලැබ ඇති බවත්, උන්වහන්සේගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව මෙම සැත්කම සිදුකර ඇති බවත් රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


පසුගිය ජුනි මාසයේ දහනව වෙනි දින පහර දී තුවාල සිදු කොට අතපය ගැට ගසනු ලැබ පානදුර, හිරණ ප්‍රදේශයේ මහමග දමා ගොස් සිටිය දී සොයා ගනු ලැබුණ විජිත හිමියන්ට එරෙහිව පොලිසිය නඩු පැවරුවේ එය උන්වහන්සේ විසින් ම සිදු කර ගත් දෙයක් යයි චෝදනා කරමිණි.


බොදු බල සේනා භීතිය

බොදුබල සේනා සංවිධානය තමනට පහළොස් වතාවක් පහරදුන් බව කියා සිටින වටරැක විජිත හිමියෝ කොළඹ, නුවර, මහියංගනය යන අධිකරණ වල ඒ සම්බන්ධයෙන් නඩු විභාග වන බව පවසති.

තම තත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට ලබාදුන් පොලිස් ආරක්ෂාව මේ වනවිට ඉවත් කරනු ලැබ ඇති බවද  උන්වහන්සේ පෙන්වා දෙති. 

බොදු බල සේනා සංවිධානයෙන් තමන්ට තවමත් මරණ තර්ජන ඇති බවත් විජිත හිමියෝ කියා සිටිති.

එහෙත් බොදු බල සේනා සංවිධානය එම ප්‍රකාශන දිගින් දිගටම බැහැර කරනු ලැබ ඇත.

ඉල්ලුවේ සාමය

“මම කුරා කුහුඹුවකුටවත් වරදක් කරලා නැහැ. මම හැමදාම කිව්වේ මේ රටේ සාමය සමගිය තිබිය යුතු බවයි. දැන් මට ඉතිරි වී තිබෙන්නේ මගේ හුස්ම ටික විතරයි” විජිත හිමියෝ හලාවත රෝහල් සයනයේ සිට කියා සිටියේ දුක්මුසු හඬකිනි.

වීඩිෙයා්ව බලන්න මෙතනින්

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us