ඇය ඒ බව කියාසිටියේ කොළොන්න ඇරැපෝරෝව, පහලවලකඩ හා දික්වෙල කඩුවෙමැද මාදන විදුලි යෝජනා ක‍්‍රම ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදීය.
'' ලංකා විදුලිබල මණ්ඩලය අවුරුදු ගණනාවක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා තිබුණා. කෝප් කමිටුව හැමදාම කෝප් වාර්තාවේ අසාදු ලේඛනයේ පාඩු ලබන ආයතනයක් බවට ලංකා විදුලි බලමණ්ඩලය දමා තිබුණා. අද ලංකා විදුලිබල මණ්ඩලය ගිය අවුරුද්දේ ලාභයි, මේ අවුරුද්දෙත් යම් ලාභයකට යාවි. එම නිසා එලෙස පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට අද අපේ රජය සමත් වෙලා තියෙනවා.'' යයි ඇය එහිදී කියා සිටියාය.
කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ මේ දක්වා කාලයේදී අපේක්‍ෂා කළාටත් වඩා වැඩි පාඩුවක් ලබා ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මීට පෙර කියාසිටියාය. විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍යවරයාද වන ඔහු ඒ බව පැවසුවේ තමන් විසින් රචිත 'බලය සහ බලය' කෘතිය එළිදැක්විම සදහා ඉකුත් 5 වනදා පැවැත්වූ උත්සවයකදීය.
'' මහජන උපයෝගීතා කොමිසමට භාරදුන් ලංකා විදුලිබල මණ්ඩලයේ පුරෝකථනයෙන් මේ මාස හයේ මිලියන 7400ක පාඩුවක් අපේක්ෂා කර තිබෙනවා. නමුත් එය මිලියන 21000දක්වා වැඩි වී තිබෙනවා. ඒ වැඩිවීමට හේතුමොනවද? කවුද ඒකට වගකියන්නේ. කවුද ඒ පාඩුව දරන්න යන්නේ. දැනටමත් ගාස්තු වැඩිකිරීම් මගින් ඉන්ධන ගැලපුම් ගාස්තුව මගින් මිලියන 25000ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලය අමතර වශයෙන් ලබාගෙන තිබෙනවා. එසේ තිබියදීත් මේක පාලනය කරන්න බැරි වී තිබෙන්නේ ඇයි? විදුලිබල මණ්ඩලය පාඩුයි කියන්නේ විදුලි බලමණ්ඩලයේ කවුරුත් ගෙවන්න යන්නේ නැහැ ඕවා. අවසාන වශයෙන් ජනතාවයි ගෙවන්නේ. '' යයි ඇමතිවරයා එහිදී පැවසිය.
කෝප් වාර්තාවට අනුව වසර ගණනාවක් පාඩු ලබන ආයතනයක් වූ ලංකා විදුලිබල මණ්ඩලය නිවැරදි කළමණාකරණය හේතුවෙන් මෙවර ලාභ ලබන ආයතනයක් ලෙස නම් වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.
Leave a comment
Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...