හෙළ උරුමයේ චෝදනා පදනම් විරහිතයි -පොලිසිය

Published in පුවත්
Friday, 15 August 2014 10:03

අධිකරණ නියෝගයක් කඩ කරමින් පෙළපාළියක් සහ රැස්වීමක් පැවැත්වූ තව්හිද් ජමාද් සංවිධානයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ජාතික හෙළ උරුමය පොලීසියෙන් ඉල්ලා සිටියද, පොලිසිය පවසන්නේ තව්හිද් ජමාද් සංවිධානය අධිකරණ නියෝගයක් කඩ කර නොමැති බවයි. 

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, ඉකුත් බදාදා කොළඹ කොටුව සහ පිටකොටුව යන ප‍්‍රදේශවල රැස්වීම් හෝ පෙළපාළි පැවැත්වීම තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිංහල රාවය යන සංවිධානවලට අධිකරණය විසින් තහනම් කර තිබූ නමුත්, ඒ බව නොසලකමින් තව්හිද් ජමාද් සංවිධානය පෙළපාළියක් සහ රැස්වීමක් පැවැත්වූ බවයි.

එහිදී ඇතැම් භික්‍ෂූන් වහන්සේට එරෙහිව වෛරී සහ සරදම් ප‍්‍රකාශ සිදුකෙරුනු බවද නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා පවසයි.


 මෙවැනි සිද්ධීන් නිසා පොලීසිය කෙරෙහි මහජන විශ්වාසය බිදවැටීමට හැකි බව ඒ මහතා නිකුත් කළ නිවේදනයේ  දැක්වේ.

 ජාතීන් සහ ආගම් අතර හොදහිත පළුදුවීමටද මෙවැනි සිද්ධීන් හේතුවක් විය හැකි බවද අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇත. 


කෙසේවුවද, මේ සම්බන්ධයෙන් පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් කල විමසීමකදී ඔහු කියාසිටියේ, තව්හිද් ජමාද් සංවිධානයට සංවිධානය ඇතුළු සංවිධාන තුනකට අධිකරණය විසින් අදාළ තහනම පනවා තිබුණේ කොළඹ කොටුව සහ පිටකොටුව යන ප‍්‍රදේශවල පෙළපාලි හෝ රැස්වීම් පැවැත්වීමට බවයි. 

 එහෙත් තව්හිද් ජමාද් සංවිධානයට සංවිධානය සංවිධාන කළ පෙළපාලිය එම ප‍්‍රදේවලට නොපැමිණි බවද ඔවුන්ගේ රැස්වීම පැවැත්වුණේ වෙනත් ප‍්‍රදේශයක බවද ඔහු කියාසිටියේය.  ඒ අනුව අදාළ පෙළපාලිය සහ රැස්වීම නිසා අධිකරණ නියෝගයක් කඩ නොවූ බව  වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us